ජාත්‍යන්තර
සබඳතා හැඳින්වීමක්...
ජාත්‍යන්තර
සබඳතා විෂය වූ කලී අධ්‍යයන හා ප්‍රායෝගික ලෝකයේ වඩාක් සංකීර්ණ වූ විෂය ක්ෂේත්‍රයක්
ලෙස හඳුන්වා දිය හැකිය. විසිවන සියවසේ සිදුවන්නා වූ පළමු හා දෙවන ලෝක යුද්ධයන්ගෙන්
අනතුරුව මෙම සබඳතා සංකීර්ණ වන්නට විය. අනෙක් අතට ජාත්‍යන්තර සබඳතා යන්නට විද්වතුන්
අතර විවිධ අදහස් හා අර්ථ දැක්වීම්, මතවාද පැවතීමද මෙම සංකීර්ණත්වයට හේතුවන්නට ඇත.
නිදසුනක්
ලෙස විද්වතුන්ට “ජාත්‍යන්තරය“
යනු කුමක්ද යන පැනය සඳහා තවමත් එකඟතාවයකට පැමිණිය නොහැක. “සබඳතා“ යන්නද එසේමය.
සමහරෙක්ට අනුව එය රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගික
සබඳතා වේ.
කෙසේ
වෙතත් ජාත්‍යන්තර සබඳතා යන්නට සරල අර්ථයෙන් ගත් කළ “ජාතීන් අතර පවත්වාගෙන යන්නා වූ
සියලුම ආකාරයේ සබඳතා“ යනුවෙන් දැක්විය හැකිය. සාම්ප්‍රදායික විචාරකයන්ට අනුව “ජාත්‍යන්තර
පද්ධතියේ ක්‍රියාත්මක වන රාජ්‍යයන් අතර පවතින සබඳතා ජාත්‍යන්තර සබඳතා“ ලෙසත්, නූතන විචාරකයන්ට අනුව ජාත්‍යන්තර සබඳතා යනුවෙන්
“ජාතික රාජ්‍යයන්ගේ දෙශසීමාවන්ගෙන් ඔබ්බෙහි සිදුවන්නා වූ ආර්ථික, සමාජයීය, දේශපාලනික,
සංස්කෘතික හා තාක්ෂණීක සබඳතාවයන්“ දැක්විය හැකිය.
රාජ්‍ය
බිහිවූදා පටන්ම ජාත්‍යන්තර පද්ධතිය තුළ සබදතා ගොඩනැගුණ ආකාරයක් දැක ගත හැකිය. එදා
පටන් විවිධාකාරයෙන් වෙනස් වෙමින් 18, 19 වන සියවස්වල පටන් 20වන සියවස වනවිට ජාත්‍යන්තර
සබඳතා විෂයක් වශයෙන් සීඝ්‍රයෙන් වර්ධනය වන්නට විය. ජාත්‍යන්තර ලෝකය අන්‍යෝන්‍ය රඳා පැවැත්මක් මත
පවතින නිසාම කිසිඳු රාජ්‍යයකට හුදකලා ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැකිය’
ඒ
අනුව මෙම ජාත්‍යන්තර සබඳතා ක්‍රියාවලිය විෂය ශික්ෂණයක් ලෙස ගතහොත් එය සමාජීය විද්‍යාවන්ට
අයත් නව ශික්ෂණයකි. ලෝකය තේරුම් ගැනීමට හැකි වන ශාස්ත්‍රීය විෂය ජාත්‍යන්තර සබඳතා
වේ. මේ වන විට මෙය ස්වාධීන වූ ක්ෂේත්‍රයක් වන අතර මෙහි වර්ධනය අදියර ගණනාවක් ඔස්සේ
සිදු විය. කෙසේ වෙතත් ඇතැමුන් ජාත්‍යන්තර සබඳතා යන්නට “ජාත්‍යන්තර දේශපාලනය, ජාත්‍යන්තර
කටයුතු, ලෝක දේශපාලනය“ යනුවෙන් යොදා ගත්තද ඒවා ජාත්‍යන්තර සබඳතා ශික්ෂණයේ අනු
කොටස් බව වටහා ගත යුතුය.
No comments:
Post a Comment