වැස්ස ළග බව කියන සතුන්ගේ සන්නිවේදනය
මානවයා පමණක් නොව සත්වයාද නොයෙකුත් ආකාරයෙන් තම හැගීම් අදහස් ප්රකාශ කළහ. ඇතැම් වෙලාවට එය හඩ,ශරීර වර්ණය වෙනස් කිරීම හෝ චර්යාවන් මගින් විය හැකිය. මේ තුලින් තම වර්ගයාට පමණක් නොව මිනිසා පවා නොයෙකුත් දේ අවබොධ කරගත්හ. මේ කියවෙන්නේ එලෙස සතුන් තම චර්යාවන් මගින් මිනිසාට සන්නිවේදනය කරන අවස්ථා පිලිබඳව ජනශ්රැතිය ඇසුරින් කෙරෙන විග්රහයකි.
අපේ පැරැන්නන් ගොවිතැන් කටයුතු සිදු කළේ ස්වභාවික පරිසරය සමග යහපත් ලෙස මිතුරා සම්බන්ධතා පවත්වාගනිමිනි. හේන් සහ කුඹුරු ගොවිතැන සදහා අනිවාර්ය සුදුසුකමක් වූයේ කාලගුණික තොරතුරු දැන සිටීමයි. පරිසරයෙන් මෙන්ම මිනිසාට ඒ සදහා සත්වයාගෙන්ද සිදුවූයේ අමිල මෙහෙයකි.එනිසාම වර්ෂාව ලැබෙන දින පිලිබඳ ඉගි සැපයීම පිලිබඳව සත්වයන් වෙසෙස් තැනක් හිමිකර ගනිති. එනිසාම සත්වයන් හා සම්බන්ධ මෙම කියමන්ද පැරැන්නෝ අතර ජනප්රියය.
වර්ෂාවක් ඇතිවීමට පෙර පූසෝ මුහුණ සෝදති.
කුකුළා රාත්රියේ හැඬලුවොත් උදේට වර්ෂාව ස්ථිරය.
කුරුල්ලන් දුරකථන කම්බියක් මත සිටීමෙන් හඟවන්නේ වර්ෂාවක් පැමිණෙන බවය.
ගෙම්බන් සමූහයක් දක්නට ලැබුණෙත් වර්ෂාවක් ඇති වීම ස්ථිරය.
මී මැස්සන් සහ සමනළුන්ද ඉක්මනින්ම පිටත්ව අතුරුදන් වන්නේ නම් එයින්ද හඟවන්නේ කුණාටුවක් හෝ වැස්සක් ළඟ බවය.
මී මැස්සන් වදයෙන් පිටත්ව යාම ප්රතික්ෂ්ප කරන්නේ වැස්ස ඉතා ළඟ බවට ඉඟි කරමිනි.
අශ්වයන් ඉස්තාලයේ සිටියදීම දහඩිය හෙළන්නේ නම් වර්ෂාව ස්ථිරය.
ගැඩවිල්ලු වර්ෂාවට පෙර ඔවුන්ගේ ගුල්වලින් එළියට එති.
අශ්වයන් සහ හරකුන් ඔවුන් බෙල්ල දිගු කරමින් හුස්ම ඉහළට අල්ලන්නේ නම් වර්ෂාව ස්ථිරය
මොනරා ශබ්ද නගා කෑ මොර ගසන්නේ නම් වර්ෂාව සහ කුණාටුවක් වැනි ආපදාවක් ස්ථිරය.
මේ සත්වයන්ගේ චර්යාවන් ප්රධාන වශයෙන් වැස්ස පිලිබඳව ඉගි පල කරන ආකාරය පිළිබඳ සරල විග්රහයකි.
බල්ලා
මිනිසාට ඉතා සමීප සත්වයා නම් බල්ලාතයි. මෙම සත්වයා හැමවිටම නිදාගන්නේ ලග ලග එන අනතුරක් හෝ ඉඟියක් පිලිබඳව අවබෝධයෙනි. කෙසේ වෙතත් නිරන්තරයෙන් බල්ලා වර්ෂාව ලැබෙන දිශාවට හැරී නිදාගන්නා බව බොහෝ දෙනාගේ මතයයි.
එපමණක් නොව නුදුරේදී වර්ෂාවක් ඇති වනවා නම් මෙම සත්වයා ඉදිරි ගාත් යුගල කතිර හැඩයට තබා ගනිමින් නිදාගන්නා බව විශ්වාස කෙරේ.
බළලා
බළලාද මිනිසාට ඉතාමත් සමීප සත්වයකු වන නිසාම බළලා තම දිවෙන් තම ශරීරය ලෙව කමින් පිරිසිදු කිරීම මිනිසාට නම් ඉතා හුරු පුරුදුයි. නමුත් සත්ව පර්යේෂකයන්ට අනුව නම් පූසකුගේ මෙම ක්රියාව වූ කලී තම සිරුරේ උෂ්ණත්වය අඩු කිරීම සදහා සිදු කරනු ලබන්නකි.
එසේම පැරැන්නන්ගේ විශ්වාසය නම් වායුගෝලීය තෙතමනය වැඩි වන විට බළලාට රස්නයක් වැඩිපුර දැනෙන බවත් උගේ එම පුරුද්ද වැස්ස ලග එන බවට ඉඟියක් බවයි.
වේයා
මෙම සත්වයා කඩිමුඩියේ තම නිවස වූ තුඹස බදින්නේ ලග ලග වැසි වැටෙන නිසා වන අතර තුඹස වඩාත් ඉහළට එසවෙන්නේ විශාල වැස්සක පෙර නිමිත්තක් බව පැරැන්නන් අත්දැකීමෙන් දැන වුන්හ.
කුහුඹුවා
ඉතා යහපත් එකමුතුකමක් පෙන්වන සත්වයන් අතර කුහුඹුවන් ප්රමුඛස්ථානයක් ගනී. කුහුඹු ගුලක් වටා ඇති වැටිය වඩාත් පුලුල් නම් එහි අදහස ගුලේ විශාලත්වය වැඩි බවයි.මෙලෙස විශාලත්වය පුළුල් කිරීමට හේතුව ඔවුන්ගේ ආහාර ගබඩා විශාල කර ගැනීමයි. මෙයද වැස්සක පෙර නිමිත්තක්.එසේම වැටිය වූ කලී වැසි ජලය ගුල තුලට ඇතුල්වීම වැලැක්වීමට කුහුඹුවන් භාවිත කරන උපක්රමයකි.සමහරක් පැරැන්නෝ කුහුඹු ගුලක වැටිය ඇති දිශාවෙන් වැස්ස ලැබෙන දිශාව පවා තීරණය කළෝය.
කක්කුට්ටා
මෙම සත්වයාගේ ජීවිතය රදා පවතින්නේ වැසි ජලය මතයි.නියරවල් තුල ගුලි හාරා ජීවත් වන කක්කුට්ටා ගුහාව හාරන ගැඹුර වැඩි කරන්නේ වැස්සක් ගැන හෝඩුවාවක් නොමැති නිසාවෙනි. කක්කුට්ටා ගුලෙහි මුඛයට ආසන්නයේ ම පදිංචි වී සිටී නම් ඉන් ඇඟවෙන්නේ ලග ම වැසි වැටෙන බවයි. එපමණක් නොව ඉංග්රීසි U හැඩයට කක්කුට්ටා සාදන ගුහාවේ ගැඹුර වැසි ලැබෙන දින වකවානු නියමව පවසන ඉඟියක් බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.
උකුස්සා
වැස්සට ඉතාම සංවේදී පක්ෂියෙක් ලෙස උකුස්සා දැක්වේ. උකුස්සා ශබ්ද නගමින් ඉහළ අහසේ පියාසර කරයි නම් ඉන් ඇඟවෙන්නේ වැසි ඇරඹීමට ලග බවයි.එසේම පොළොව ආසන්නයේම ගොදුරු සොයන්නේ නම් එයද වැසි වැටීමේ පෙර නිමිත්තක් බව පැරැන්නන්ගේ මතයයි.
El
ReplyDeleteඑලම
ReplyDelete👍👍👍👍👍
ReplyDelete👍👍
ReplyDelete👍 👍 👍
ReplyDelete