කාමදූතයන්ගෙන් පලිගත් රූමතිය
ගමේ දුප්පත් පවුලක ගැහැනු දරුවකු වූ වින්ද්‍යා ලක්ෂාණි ගේ දෙමව්පියන් දෙදෙනා මිය යන්නේ ඇයි කුඩා කලදීමය. මා පිය සෙනෙහස නොමැති ඇයට සරණක් වන්නේ ඇගේ අත්තම්මාය. ඇය නමින් සිරිමා විය.වින්ද්‍යාගේ ගම් පළාත වූයේ ඉතා පිටිසර අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය නැමැති ගමයි. කෙතරම් අගහිඟකම් තිබුණද සිරිමා විසින් වින්ද්‍යා හට ගෙවල් වල බැල මෙහෙවර කම් කරමින් අකුරු කරන්නට ඉඩ නොදුන්නාය. වින්ද්‍යාගේ මව රූප සම්පත්තියෙන් ඉතා අගතැන්පත් වූ නිසාම වින්ද්‍යාට ද එය නොඅඩුව ලැබී තිබිණි. එමෙන්ම ඇගේ මව යාපනයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වූවාය. සිරිමාගේ පුතා විසින් ගොඩනැගිලි කොන්ත්‍රත්කරුවෙකු පසු පස අත්වැඩ දීමට ගිය අවස්ථාවේ වින්ද්‍යාගේ මව දැක ඇතිකර ගත් ප්‍රේම සම්බන්ධතාවයකින් පසුව ඇය මැදවච්චිය ගම් පෙදෙස වෙත රැගෙන එන්නට විය. කලක් ඉතා සතුටින් සාමයෙන් ජීවත් වූ ඔවුන්ගේ කැදැල්ලෙහි සතුටු විසිරී යන්නේ වින්ද්‍යාගේ මව සහ පියාගේ අභාවයෙන් පසුවය.
"දරුවෝ... දරුවෝ... කෙල්ලේ උඹ කොහෙද?"
"මං මේ කුස්සියේේ අත්තම්මේ"
"ආ..ආ...මොනවැයි උබ ඔය කොරන්නේ? අහකට වෙයන් මම මේක කොරගන්නම්"
"මට මොකුත් කරන්න දෙන්නෙ නෑනෙ.හැමදාම ඔහොමයි. මාත් ආසයිනෙ උයන්න."
"ඉස්සෙල්ලම විස්ස විද්‍යාලේ ගිහින් හිටපං. ඊට පස්සේ බැරිය උයන්ඩ".
සිරිමා විසින් වින්ද්‍යා කෙරෙහි දැක්වූ ආදරය ලෙන්ගතුකම එවැනිය. අත්තම්මා සමග ඉතා ප්‍රීතියෙන් ඔද වැඩී ජීවත් වූ වින්ද්‍යාගේ හැදියාවේ ද මව නැති වූවාට කිසිම අඩුවක් වූයේ නැත. ගුණ යහපත්කමින් පිරිපුන් ගමෙහි රූමතිය වූ ඇය කාගේත් සිත් දිනා ගැනීමට ද සමත් වූයේ මේ නිසාය. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ඇය මේ වන විට ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වූවාය.
කාලය කෙමෙන් ගෙවී යමින් මැදවච්චියේේ ගම් පියස වෙත තවත් දිනකට හිරු උදා විය. සෑම ගෙදරකම පාහේ වින්ද්‍යා ගේ ගෙදරද කලබල දිනයක් වූයේ උසස් පෙළ ප්‍රතිඵල පැමිණෙන නිසාවෙනි. උදෑසන ප්‍රතිඵල විමසීමට ගිය වින්ද්‍යාට දැනගන්නට ලැබුණේ විෂයන් සියල්ලටම "A" සාමාර්ථ ගෙන ඇය ඉතා ඉහළින් සමත්ව ඇති වගය. මේ සියල්ල ම තමාගේ අත්තම්මා වූ සිරිමාගේ මහන්සියේ ප්‍රතිඵල වූ නිසාවෙන්ම කාටත් කලියෙන් අත්තම්මාට පැවසීම සඳහා වින්ද්‍යා පාසලෙන් පිටත් විය. නිවසට වෙනදා යන මග දුර වැඩි යැයි සිතූ වින්ද්‍යා තේක්ක කැලෑව මැදින් ඇති මඟ ඔස්සේ නිවසට පිය නැඟුවේ එය කෙටි නිසාත්, මෙම සතුටුදායක ආරංචිය අත්තම්මාට පැවසීමටත්ය.
'' ඒ අර බලපන් කවුද මේ පැත්තට එන්නේ කියලා...''
'' යකෝ... මේ අර සිරිමගේ දූ සිඟිත්ත නේද?''
''ඔවු... මොකද කියන්නේ...? කාන්තාරයට දිය බිදක් වැටුනා වගේ..''
''යමන ඒ පැත්තට..''
''ආ නංගි... කෝ අද ඔයාගේ වලිගේ..... ඇයි අද තනියම?''
'' මොන වලිගේ ද?''
" ඇයි ඔයාගේ අත්තම්මා.. ඇයිි ඔච්චර හදිසි චුට්ටක් කතා කරමුකෝ''
''අතාරිනවා මගේ අත...යන්න දෙනවා මට....''
''කට වහගනින්..... උඹ කෑ ගැහුවට කවුරුත් මෙහාට එන්නෙ නෑ... වරෙන් යන්න...''
''අනේ.....! අනේ අත්තම්මා...! කවුරුත් නැද්ද? අනේ මාව බේරගන්න! අත්තම්මා...''
ගමේ වාසය කළ රස්තියාදුකාර ඇවතුම් පැවතුම් ඇති මිතුරන් දෙදෙනා තේක්කවත්ත අයිනේ තිබුන පැලට ගෙනගොස් ඇයව මාරුවෙන් මාරුවට දූෂණය කරනවත් සමඟම වින්ද්‍යා ගේ අවසන් හුස්මද වා තලයට මුසු විය.
''දරුවෝ... දරුවෝ.... අනේ මගේ කෙල්ලෙ.. උඹ කොහෙද? අනේ හාමුදුරුවනේ..''
සිදුවූ කිසි දෙයක් නොදත් සිරිමා ගමේ අස්සක් මුල්ලක් නෑරම වින්ද්‍යා සොයන්නට විය. වින්ද්‍යා අතුරුදන්වූ පුවත ගම පුරාම පැතිරුණේ ලැව්ගින්නක් මෙනි.
''අනේ මගේ කෙල්ල උදේ ඉස්කෝලෙ ඉඳන් ඇවිත් තියෙනවා රූපෝ. ගෙදර යන්න කියලා, මගේ කෙල්ල ඉහලින්ම සමත් වෙලා කියලා කියන්න. කෝ ඒත් ආවෙ නෑනේ.''
දවසක් දෙකක් ගෙවුනත් වින්ද්‍යා ගැන කිසිදු ආරංචියක් නොමැත. කිසිදු හැලහොල්මනක් නොමැති වූ තැන සිරිමා විසින් මේ බව පොලිසියට පවසන්නේ ගම්වාසීන්ගේ උපදෙස් පරිදිය.
කාලය ගෙවී ගියේය.
'' චාමර, අපි දැන් මොකද කරන්නේ බන්? පොලිසියටත් වැඩේ පත්තු වෙලා. ගම පුරාම හොයනවා. ඒ මදිවට අර කෙල්ලගේ මිනිය තාම පැල අස්සෙ. කොයිවෙලේ හරි පොලිසිය මිනිය හොයාගන්නවා...''
''අනේ තරිදු පොඩ්ඩක් කට වහගෙන හිටපන්කෝ. මාත් මේ කල්පනා කරන්නේ මොකද කරන්නේ කියලා තමයි.''
'' චාමර අපි ගමෙන් පනිමු බං. වෙන කරන්න දෙයක් නෑ. ඒ දේ විතරයි අපිට කරන්න තියෙන්නෙ. ''
''රාලහාමි ගමේ බලන්න තියෙන්නේ තව එක තැනයි.''
''ඒ කොහෙද උන්නැහේ? තේක්ක වත්ත විතරයි මහත්තයෝ''
''හොඳයි එහෙනම් ඔය කට්ටිය එන්න. අපි බලමු එහෙත්.''
පොලිසියත් සමග වින්ද්‍යා මියගොස් දින හතරකට පසු තේක්කවත්ත සෝදිසි මෙහෙයුම් ආරම්භ විය. ලේ පැල්ලම් කිහිපයක්, වින්ධ්‍යාගේ සපත්තු දෙකත්, ලේ තැවරුණු වින්ද්‍යා ගේ පාසල් නිළ ඇඳුමත්, කොණ්ඩය බැඳි රිබන් පටියකුත් තේක්කවත්ත පැළේ තිබී හමුවිය. තේක්කවත්තේ තිබී හමු වූ සියල්ල වින්ද්‍යා ගේ බව සිරිමා විසින් හඳුනා ගන්නා ලදී.
'' මේක අපි හිතන තරම් ලේසි පහසු කේස් එකක් නෙමෙයි සාජන්. හිතුවට වඩා ලොකු දෙයක් මෙතන වෙලා තියෙනවා. කෝකටත් දැන්ම මොකුත් විස්තර ගමේ අයට කියන්න යන්න එපා''
'' ඔ්කේ සර්.''
''තේක්කවත්තට ආරක්ෂාව යොදන්න. විශේෂයෙන්ම මේ පැලට. ඒ වගේම මේ ගැන විස්තර හොයන්න. පැලට කවුද යන්න එන්නෙ වගේ විස්තර''
''හොඳයි සර්.''
පොලීසිය විසින් මුළු ප්‍රදේශය ම සෝදිසි කළද මිනිය සොයා ගැනීමට නොහැකි වීම කාගේත් සිත් තුළ කුකුසක් ඇති කරන්නට හේතුවක් විය.වින්ද්‍යා ගේ අතුරුදන් වීමත් සමඟ සිරිමාගේ සිහිය විකල් වන්නට විය .සිරිමා උන්මන්තක ලෙස හැසිරෙන්නට විය.වින්ද්‍යාගේ අතුරුදන් වීමට මාස අටක් ගෙවෙන්නට විය. වින්ද්‍යා ගේ මතකයද සියල්ලන්ටම අමතක විය.
තවත් දිනකට හිරු උදා විය.
''මුදලාලි දන්නවද වැඩක්?''
''මොකක්ද සෝමදාස?''
''අර එහා ගමේ ඉන්න කුසුමාගේ පුතා කාටද බය වෙලා කියන්නේ.. කියන විදියට නම් යකෙක් ගහලලු. වැඩේ කියන්නේ කොල්ලා සිහි විකල්ලෙන් කියවන්න අර වින්ද්‍යා කෙල්ලෙගෙ නමලු."
''දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. ඉතිං?''
''ඉතිං කියන්නේ, පන්සලේ ලොකු හාමුදුරුවෝ ඇවිත් පිරිත් නූල් බැන්දට පස්සේලු හරි ගියේ.''
මේ අතර ගම ගැන නිරන්තර සෙවිල්ලෙන් සිටි චාමර හා තරිඳු දෙදෙනාට ගමේ තත්ත්වය සාමකාමී වග දැනගන්නට ලැබුණි. ඔවුන් දෙදෙනා නැවත ගම් පියස වෙත ළඟා වන්නට විය.
''ගමේ කාටවත් අපි ගැන සැකයක් නැහැ. දැන් උන්ට ඒ කිසිම දෙයක් මතක නෑ.සිරිමාටත් කල්පනාව නෑලුනේ. අපිට දැන් තියෙන්නේ කිසිම දෙයක් නොදන්න ගානට ගමේ ඉන්න. තේරුණාද උඹට?''
''අපි ගැන සැකයක් හිතෙන එකක් නෑ නේද බං?''
''පිස්සුද? අහුවුනොත් උඹේ බය නිසා තමයි.''
''බයයි තමා යකෝ. අහස පොළොව නුහුලන අපරාධයක් කරාම බය නොවී ඉන්න පුලුවන්ද? ඇයි උඹත් බයට නෙවේද ගමෙන් පැන්නේ?''
මේ අතර වින්ද්‍යා ගේ මරණින් පසු තේක්ක වත්ත මැදින් පාරක් ඉදිවෙමින් තිබිණ. කොළඹින් ඉංජිනේරුවන්, කම්කරුවන්ව පැමිණ එහි වැඩ ආරම්භ විය. යෙශාන් යනු එහි ප්‍රධාන ඉංන්ජිනේරුවාය.දිනක් වැඩ නිමා වී යන ඔහුට දැක ගන්නට ලැබුණේ මහමග හඬමින් සිටිනා රූමත් යුවතියකි.
"නංගිී... නංගි.. ඇයි අඩන්නේ, ඔයා කවුද? ඇයි තනියම?''
තරුණිය මුහුණ උස්සා ඔහු දෙස බැලුවේය.දෙවියනේ මෙහෙම ලස්සනක් හරියට ඉටි රූපයක් වගේ .මෙහෙම ලස්සනක් මං කවදාවත් දැකලා නෑ. ඒත් ඇයි මේ අඬන්නේ ඔහු සිතීය.
"මේක මගේ ගම අයියේ. අර තියෙන්නෙ මගේ ගෙදර .මේ ගමේ ඇවිදිනකොට මට මොන තනියක් ද?''
" මොකක් අර ඔයාගේ ගෙදර ද? හා හරි නංගි. ඇයි දැන් ඔයා ඇඩුවේ?''
"අයියට පුලුවන්නම් මේ බෙහෙත මගේ අත්තම්මාට ගෙනල්ලා දෙනවද? ( ඇය රිසිට් පතක් දිගුකරයි) ඒකයි ඇඩුවේ."
"අන්න ඔයාගේ යාළුවො එනවා. අයියේ ඔයා යන්න. හැබැයි මාව දැකපු බවක් කාටවත් කියන්න එපා. මමත් යනවා"
"මේ... ඔහොම... ෂිට්.ගියානේ...."
"ආ.. මුදලාලි"
"අප්පද බොල මේ චාමරලනේ"
" කොහෙද බං මෙච්චර දවසක් ගිහිල්ලා හිටියේ?''
"අපිට පොඩි වැඩක් ලැබුණනේ... අපි ඒකට ගියා මුදලාලි. ..ඒක නෙමෙයි මුදලාලි අර සිරිමගේ කෙල්ල අතුරුදන් වුන එකට මොකද උනේ? පොලිසියෙන් හොයාගත්තද ?''
"මොන පිස්සුද තරිඳුවෝ. කිසි දෙයක් හොයාගන්න පුළුවන් වුනේ නෑ උන්දැලටත්. හැබැයි ඔය තේක්කවත්ත කැලේ කෙල්ලගේ ඇදුමයි, සපත්තු දෙකයි අඩුම කුඩුකුඩුම ටිකක් හොයා ගත්තා මිසක් වෙන කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා උන්දැලටත් ඕන්''
"එතකොට ගේ ඇතුලේ තිබ්බ මිනිය?"
"මොකක්? මොන මිනියද චාමරයෝ?"
"අහ්... නෑ.. නෑ.. මේ... මං ඇහුව මිනිය හම්බවුණේ නැද්ද මුදලාලි?''
"පොලිසිය සැක කරනවා බං කෙල්ලව කවුරුහරි මරලා කියලා. ඒත් මිනිය හම්බ උනේ නැති නිසා හරියටම කියන්න බැරිලු.ඒත් ගමේ කීප දෙනෙක් පහුගිය කාලේ රාත්‍රියේ දී ඔය තේක්කවත්ත ලඟදි වින්ද්‍යා කෙල්ල දැකලා බය වෙලා තියෙනවා"
" ඒක නෙමේ උඹල මොකටද ඔච්චර ඕක ගැන අහන්නේ"
" නෑ මුදලාලි අපි කාලයක් ගමේ හිටියේ නෑනේ. ඒකයි අහල බැලූවේ. අපි එහෙනම් ගිහින් එන්නම්."
"හොඳා හොඳා.''
"මේ චාමර උඹට හොඳටම විශ්වාසයි නේද අපි මිනිය පැලේ දාලා ආවේ කියලා."
"ඔව් යකෝ."
"එහෙනම් කොහොමද මිනිය නෑ කියන්නේ බං? මිනියට මොකද උනේ?''
"ඒක තමා මාත් කල්පනා කරේ."
" මේ අපි රාත්‍රියේ යමුද? ගිහින් බලමුද?''
"උඹට පිස්සුද? මුදලාලි කිව්වා මතකද , කට්ටිය තේක්කවත්තේදී කෙල්ල දැකලා බයවෙලා තියෙනවා කියලා."
''උඹට බැරිනම් හිටහං. මම ගිහින් බලන්න.""
"මේ ඇත්තටම උඹ යනවද "
"ඔව්"
" මං කියන්නේ ඔය ගමන යන්න එපා. ඒත් උඹ මම කියන දේ අහන්නේ නෑනේ පරිස්සමෙන් යමන්."
ඔහු මිනිය සොයන්නට පිටත් පිටත් වීමත් සමඟ වින්ද්යා ඇගේ පළමු ගොදුර ඩැහැ ගන්නට මාන බැලුවාය.
"ෂික්. පුදුම කලුවරක්. හදිසියට ආවා මිසක් එළියක් වත් ගේන්න බැරි උනානෙ. මතක විදියට මෙතන තමයි මිනිය දාලා ගියේ. කෝ කිව්වා වගේ මුකුත් නෑනෙ."
"උඹ මොනවද හොයන්න උඹ මාවද හොයන්නේ''
" වින්ද්‍යා ..!සිරිමාගේ කෙලි?"'
"ඔව් මං. ඇයි අදුරන් නැද්ද අයියේ? හහ් හහ් හා."
"උඹේ පණ ගියේ මගේ අතින්නේ. උඹ කොහොමද මෙහෙම ඉන්නේ?''
''ඔව් උබේ අතින් පණ ගියා වගේම මාව ඉස්සෙල්ලම විනාශ කරෙත් උඹනෙ. මගේ දවස අද. මම පළිගන්නවා. මම මෙච්චර දවසක් බලන්න හිටියේ මේකට."
වින්ද්‍යා වියරුවෙන් කෑ ගසන්නට විය.
" උඹ පැනලා යන්නද හදන්නේ? උඹට බෑ පැනලා යන්න."'
"අනේ එපා මට මොකුත් කරන්න එපා.''
" මාත් ඔහොම කෑ ගැහුවා මතකද?මාත් ඔහොම ඇඬුවා මතකද?''
වින්ද්‍යා ගේ අත්දෙක කෙමෙන් කෙමෙන් තරිඳුගේ බෙල්ල ලඟට විය.
"උඹ මේ අත් දෙකෙන් නේද මාව ඇල්ලුවෙ?''
"අම්මෝ මගෙ අත්දෙක"
" උඹ මේ ඇස් දෙකෙන් නේද මාව බැලූවේ?''
"අයියෝ මගේ ඇස්දෙක. මට මොකුත් පේන්නෙ නෑ.""
අවසානයේ තේක්ක වත්ත මැදදී තරිඳු කාටත් හොරා අවසන් හුස්ම හෙළීය.
"යමු යමු ඉක්මන් කරලා යමු බලන්න."
"අනේ අප්පේ මේ මොන වින්නැහියක් වෙලාද?''
වටපිටාවේ ඇහෙන සද්දත් සමග චාමර ද ඒ පැත්තට දුවන්නට විය.
" කොහේද උඹලා දුවන්නෙ? මොකද වෙලා තියෙන්නෙ?''
"දන්නේ නැද්ද?තේක්කවත්ත මැද කවුද මරලා දාලා''
" මොකක්? කවුද කාවද?''
''රාලහාමි මෙතන වටේටම පටි අදින්න. මෙතනට එන්න දෙන්න එපා කාටවත්ම "
"හොඳයි සර්''
"කව්ද දන්නේ නෑ නේද මරලා තියෙන්නේ. වට කරලා නිසා බලන්න බෑ .''
''අන්න අර පාර හදන මහත්තුරුත් වෙනවා.''
''මේ මිස්ටර් කවුද ?'
''මම තමයි මේ තේක්කවත්ත මැදින් පාර හදන ප්රොජෙක්ට් එක බාරව ඉන්න ඉංජිනේරුවරයා.යෙශාල් ගජසිංහ''
''හොඳයි, මේ සිද්ධිය ගැන විස්තර මොකුත් දන්නවාද?''
''නෑ සර්. මේ තේක්කවත්තට ගමේ කට්ටිය නම් කියන්නේ පරණ අතහැරලා දාපු එකක් කියලා. . ඒත් එහෙම නෑ. මේකෙ අයිතිකාරයෝ දැන් ඉන්නේ පිටරට. එයාලා මේක රජයට පවරලා. ඒ අනුව තමයි රජයෙන් මාව මේකට පත්කළේ. වෙන මොකුත් දන්නෙ නෑ ''
''හරි උවමනාවක් වුනොත් අපි දන්වන්නම්''
'' ok සර්''
ඉන් අනතුරුව පොලිසිය විසින් තරිදුගේ මිනිය හඳුනාගැනීම සඳහා ගම්මුන් වෙත නිරාවරණය කළ ද එය අඳුරා ගත නොහැකි තරම් විරූපී මට්ටමේ තිබෙන්නට විය. නමුත් ඔහු ඇද සිටි ඇඳුමෙන් චාමර විසින් මිනිය හඳුනා ගන්නා ලදී. ඒ අනුව ඉදිරි පරීක්ෂණ සඳහා ඔහුගෙන් විස්තර ලබා ගැනීමට පොලිසියට හැකිවිය.
මේ සියලු සිදුවීම් සමඟ ගම්මුන් ඉතා භීතියෙන් ජීවත් වන්නට විය. සවස හයෙන් පසු කිසිවකු නිවසින් බැහැරව නොගියේය. මේ සියල්ලටම හේතුව වින්ද්‍යා ගේ ආත්මය ගමේ සැරිසැරීම නිසා බව සියල්ලන්ගේම ඒකමතික තීරණය විය. අමනුෂ්‍ය බිය ගම පුරා පැතිරෙන්නට විය. මේ සියල්ල ගම්මුන්ගේ කටකතා මගින් යෙශාල් ගේ සවනෙහි වැකීමටද ගත වුණේ ස්වල්ප දිනකි.
මේත් සමගම දිනක් අර සුරූපිනිය දුන් බෙහෙත් තුණ්ඩුව යෙශාල්ට නැවත හමුවිය. ඔහුට එය අරන් දිය යුතු බව මතක් වූයේ එවිටය. ඔහු අනුරාධපුර නගරයට ගොස් එහි සඳහන් බෙහෙත් සියල්ල රැගෙන එම තරුණිය කියූ පරිදි ඇගේ නිවසට ගොඩ විය. එය ඇත්තෙන්ම ගරාවැටුණු කුඩා කටුමැටි නිවසක් විය. ඇගේ අත්තතම්මා යැයි කිව හැකි කාන්තාවක් මෙන්ම තවත් මැදිවියේ කාන්තාවක් ද එහි විය.
'' මේ මහත්තයා කවුද''
"හොඳයි සර්''
"කව්ද දන්නේ නෑ නේද මරලා තියෙන්නේ. වට කරලා නිසා බලන්න බෑ .''
''අන්න අර පාර හදන මහත්තුරුත් වෙනවා.''
''මේ මිස්ටර් කවුද ?'
''මම තමයි මේ තේක්කවත්ත මැදින් පාර හදන ප්රොජෙක්ට් එක බාරව ඉන්න ඉංජිනේරුවරයා.යෙශාල් ගජසිංහ''
''හොඳයි, මේ සිද්ධිය ගැන විස්තර මොකුත් දන්නවාද?''
''නෑ සර්. මේ තේක්කවත්තට ගමේ කට්ටිය නම් කියන්නේ පරණ අතහැරලා දාපු එකක් කියලා. . ඒත් එහෙම නෑ. මේකෙ අයිතිකාරයෝ දැන් ඉන්නේ පිටරට. එයාලා මේක රජයට පවරලා. ඒ අනුව තමයි රජයෙන් මාව මේකට පත්කළේ. වෙන මොකුත් දන්නෙ නෑ ''
''හරි උවමනාවක් වුනොත් අපි දන්වන්නම්''
'' ok සර්''
ඉන් අනතුරුව පොලිසිය විසින් තරිදුගේ මිනිය හඳුනාගැනීම සඳහා ගම්මුන් වෙත නිරාවරණය කළ ද එය අඳුරා ගත නොහැකි තරම් විරූපී මට්ටමේ තිබෙන්නට විය. නමුත් ඔහු ඇද සිටි ඇඳුමෙන් චාමර විසින් මිනිය හඳුනා ගන්නා ලදී. ඒ අනුව ඉදිරි පරීක්ෂණ සඳහා ඔහුගෙන් විස්තර ලබා ගැනීමට පොලිසියට හැකිවිය.
මේ සියලු සිදුවීම් සමඟ ගම්මුන් ඉතා භීතියෙන් ජීවත් වන්නට විය. සවස හයෙන් පසු කිසිවකු නිවසින් බැහැරව නොගියේය. මේ සියල්ලටම හේතුව වින්ද්‍යා ගේ ආත්මය ගමේ සැරිසැරීම නිසා බව සියල්ලන්ගේම ඒකමතික තීරණය විය. අමනුෂ්‍ය බිය ගම පුරා පැතිරෙන්නට විය. මේ සියල්ල ගම්මුන්ගේ කටකතා මගින් යෙශාල් ගේ සවනෙහි වැකීමටද ගත වුණේ ස්වල්ප දිනකි.
මේත් සමගම දිනක් අර සුරූපිනිය දුන් බෙහෙත් තුණ්ඩුව යෙශාල්ට නැවත හමුවිය. ඔහුට එය අරන් දිය යුතු බව මතක් වූයේ එවිටය. ඔහු අනුරාධපුර නගරයට ගොස් එහි සඳහන් බෙහෙත් සියල්ල රැගෙන එම තරුණිය කියූ පරිදි ඇගේ නිවසට ගොඩ විය. එය ඇත්තෙන්ම ගරාවැටුණු කුඩා කටුමැටි නිවසක් විය. ඇගේ අත්තතම්මා යැයි කිව හැකි කාන්තාවක් මෙන්ම තවත් මැදිවියේ කාන්තාවක් ද එහි විය.
'' මේ මහත්තයා කවුද''
යෙශාල් තමා කවුරුන් ද යන වග හඳුන්වාදීමෙන් අනතුරුව තමා ගෙනා බෙහෙත් අත්තම්මාට දෙන්නට විය. මේ ගෙදර නංගි දවසක් හම්බුනා අත්තම්මා.. පව්, පොඩි එකී මූණත් රතු කරගෙන ආවේ අඬ අඬා බෙහෙත් ගන්න සල්ලි නෑ කියලා'' යනුවෙන් සිදුවූ වූ සියල්ල ඔහු ඔවුන්ට විස්තර කරන ලදී.
අසල්වැසි කාන්තාවක වූ මැදිවියේ කාන්තාව ඔහුට සිදුව ඇති සියල්ල විස්තර කර දීමත් සමගම යෙශාල්ගේ ගත සලිතව හීන් දාඩිය දමන්නට විය. නාගරික පරිසරයක හැදී වැඩුණු ඔහු හොල්මන් භූත ආත්ම යනාදී කිසිවක් විශ්වාස කළේ නැත. නමුත් එහි පිළිගත හැකි මට්ටමේ සත්‍යයක් තිබෙන බව ඔහුට වැටහිණි. ඔහුට එලොව පොල් පෙනුණේ මෙදිනය.
තරිඳු ගේ මරණයෙන් සතියක් ඉක්ම විය. චාමර එදින කඩේට ගොඩ වී මුදලාලි සමග මෙතෙක් සිදු වූ සියල්ල කතා කරමින් සිට රාත්‍රී එකොළහට පමණ සෝමේ නම් මැදිවියේ පුද්ගලයකු සමග බීමත්ව ගියේ තවත් මිතුරෙකුගේ නිවසට යෑම සඳහාය. එදින අමාවක දිනයක් නිසාම ගම පුරාම අන්ධකාරය පැතිරෙමින් තිබෙන්නට විය. චාමරට අවශ්‍ය වූයේ ඔහුගේ මිතුරකු වූ නිමල් ගේ නිවසට යාමට ය. තේක්කවත්ත මැදින් ගමන් කිරීමට තිබුණු හෙයින් සෝමේද එම ගමනට හවුල් කර ගත්තේ එහෙයිනි.
නමුදු වින්ද්‍යා ලත් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් බව පසුදා ඉර උදාවත් සමඟම මුළු ගමටම දැනගන්නට ලැබුණි. වාසනාවකට මෙන් සිදුව තිබුණේ වින්ද්‍යා ගේ ඉලක්කය දෘශ්‍යමානව වැරදී ගොස් චාමර අවසිහියෙන් අංශභාග රෝගියකු වීම පමණි. ඔහුත් සමඟ ගමන් ගත් සෝමෝ හට මේ සියල්ල දැසින් දැක ගැනීමට අවස්ථාව උදා විය.
ඒ සමඟම සෝම විසින් මේ සියල්ල ගමේ හාමුදුරුවන් හට දැන් විය. සිදු ව ඇති සියල්ල හොඳින් අවබෝධ කරගැනීමට උන්වහන්සේටද හැකිවූයේ උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳ යම් තාක් අවබෝධයක් තිබුන නිසාවෙනි.නමුත් මෙහි ඇති බරපතලකම තේරුම් ගත් ලොකු හාමුදුරුවන් විසින් තවත් වෙද මහතෙකු මේ සඳහා සම්බන්ධ කර ගන්නට විය. ඔහුද මේ ශාස්ත්‍රයෙහි උපන් හපන්කම් ඇත්තකු විය.
කල් නොයවා වින්ද්‍යා ගේ ආත්මයට සැනසීමක් ලබා දෙන දිනය උදා විය. සියල්ලෝම තේක්කවත්ත මැද්දට එකතු විය.පුංචිරාළ වෙද මහතා ජප කරන්නට විය. ලොකු හාමුදුරුවන් විසින් සීමාවන් ලකුණු කරන්නට විය. මේ සදහා වින්ද්‍යාගේ අත්තම්මා ද සහභාගි කර ගන්නට විය. යෙශාල් ද මේ සඳහා සහභාගි වූයේ ඔහුට මේ පිලිබඳ අත්දැකීම් නැති නිසාවෙනුත්, ඇත්තෙන්ම වින්ද්‍යාට සිදුවූ වරද පිළිබඳව කණගාටුවෙන් සිටි නිසාවෙනි.
ශාන්තිකර්මය සඳහා අවශ්‍ය පුවක් මල්, පොල් මල් යනාදිය සොමේ විසින් සොයාගෙන එන්නට විය. ලකුණු කරන ලද සීමාවේ හාමුදුරුවන් විසින් ගොටු තබන්නට විය. හත් මාලුවක්, අල වර්ග හතක් සැකසුණේ ගමේ කාන්තාවන් අතින. පාට හතකින් මල් වර්ග හතක්, පලතුරු වර්ග හතක්,කැවිලි හතක් මෙන්ම ඖෂධ වර්ග හතක් ද ගම්මුන් රැගෙන එන්නට විය.
තින්පූර් අලු වලින් බිම චක්ර තුනක් ඇන්දේ පුංචි රාළය. ඒ දේව චක්‍රය,දිෂ්ටි බන්ධනය හා මණ්ඩල යන්ත්‍රය වශයෙනි.චක්‍රය මධ්‍යයේ අඹ කොල,පුවක් මල් සහ පොල් ගෙඩි,පොල් මල් සහිත මුට්ටි 3ක් තබා චක්‍රය වැසි යන ලෙස පාට හතක මල් ඉස්සේය. ඒ උඩින් පලතුරු තැබීණ. බැදුම් වර්ග ඊට උඩින් තැබුවේ ද පුංචිරාලය. පූජාව ආරම්භ වීමත් සමග යන්ත්‍රය ඉබේ ජීවන් විය.
පුංචිරාළ වෙද මහතා දුම්මල ඉසිමින් නොනවත්වා ම ජප කරන්නට විය. කෙමෙන් වින්ද්‍යා ගේ ආත්මයට අඩ ගසන්නට විය. ගතවූයේ නිමේෂයකි.
දුමක් ලෙස හමා යන්නට විය. ටිකකින් තද සුළඟකි. විලාපයකි. මහා බියකරු සිනහවකි. තවත් නිමේෂයකින් ඇඩිල්ලක් ඇසෙන්නට විය.
වින්ද්‍යා, යෙශාල් හා අත්තම්මා හමුවට එන්නට විය. ටිකෙන් ටික සියල්ලන්ටම වින්ද්‍යාව හොඳින් පෙණින.ගම්මුන් සියල්ල හමුවේ ඇයට සිදු වු අසාධාරණය ඇය පාපොච්චාරණය කරන්නට විය .නමුදු තවමත් ඇය පලිගෙන අවසන් නොගෙන බවත් චාමරගේ මරණය ඇයට අවශ්‍ය බවත් ඇය පවසන්නට විය.
''අනේ මගේෙ දුවේ . ඔයා පළිගන්න එක සාධාරණයි. ඒත් දැන් ඇති මගේ රත්තරන්. ඔයා යන්න සැනසීම හොයන්. ඔයා මේ ලෝකෙට අයිති නෑ." ඒ අත්තම්මාය.
නමුත් වින්ද්‍යා ගේ මතය වූයේ එය සිදු කළ නොහැකි බවය. ඇගේ අධිෂ්ඨානය වූයේ චාමරගේ මරණයද සියතින්ම සිදු කිරීමය .
නමුත් ලොකු හාමුදුරුවන්ගේ සහ පුංචිරාළ කට්ටඩි රාළගේ වෙදහෙදකම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හමුවේ වින්ද්‍යා පරාජයට පත්විය. ඒ අනුව ඇගේ දේහය මහ වනය මැද ගස් දෙබලක ඇති බවත් එය භූමිදානය කර පින් අනුමෝදන් කර සාංඝික දානයක් දෙන ලෙසත්, අත්තම්මා බලාගැනීමට අසල්වැසි කාන්තාවක් වූ ඇසිලින් නැන්දාට බාර කරන ලෙසත් ඇගේ අවසන් ඉල්ලීම විය .
පසුව ඇය විදුලි බුබුලක් මෙන් ආලෝක ධාරාවක් බවට පත්ව පිටත්ව ගියේ කාගේත් ඇසට කඳුළක් එක්කරමිනි.ඒ අනුව ලොකු හාමුදුරුවන්ගේ හා යෙශාල්ගේ මූලිකත්වයෙන් ගම්වැසියන් සියල්ලගේම මැදිහත්වීමෙන් වින්ද්‍යා ගේ සිරුරෙහි අස්ථි කොටස් සොයා ගැනීමෙන් පසුව එය ගෞරවනීය ලෙස ආදාහනය කරන්නට විය .ඉන් අනතුරුව ගම්වැසියන් සියලු දෙනාම එක්ව සාංඝික දානයක් පිළියෙල කොට සඟ සතුකොට වින්ද්‍යා ගේ ආත්මය වෙනුවෙන් පැන් වඩන්නට විය .චාමර ද යම්තාක් දුරකට සුවය ලබා තිබුණ ද ඔහුට අවශ්‍ය දඬුවම් ලබාදීමට පොලිසිය නොපැකිළිව ඉදිරිපත් වූහ.
සියල්ල අවසානයේ නාගරික පරිසරයක හැදි වැඩුණු යෙශාල් ටද ගම්මුන්ගේ විශ්වාස පිලිබද තදින් දැනෙන්නට විය. කිසිදු දිනෙක මෙවැනි දෑ විශ්වාස නොකල ඔහු වින්ද්‍යා ගේ ආත්මය පිලිබද සලිත විය. ඔහුට පසක් වූයේ අදටත් වියැකී නොපවතින මෙවැනි දැ තුල සත්‍යයක් ගැබ්ව පවතින බවය.
නිමි
ඒච්.ඒන් ජයවික්‍රම
Wow supiri
ReplyDelete