Pages

Friday, July 26, 2019

නොදත් තතු


දකුණු අප්‍රිකාවේ ඉපැරණි සිතුවම්

කලින් කලට කාලයේ වැලි තලාවෙන් වැසී ගිය දේ ඉස්මතු වීමත්  ඒවා පෞරාණික වැදගත් කමක් ඇති වස්තූන් බවට පත් වීමත් සුලභව දැකගත හැකිය.. පෞරාණික බොහෝ දේ මේ වන විට විවිධ ගවේෂණ මගින් සොයා ගන්නා අතර එයින් අතීත  සමාජයේ මාවත් ගණනාවක් විශාල වේ. මේ එලෙස සොයාගත් තවත් මානව ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක්.


 දකුණු අප්‍රිකාවේ භූගර්භ විද්‍යාඥයින් පිරිසක් ව්‍රෙඩෙෆට් ආවාටය ආශ්‍රිතව කැණීම් කටයුතු ආරම්භ කර තිබුණේ එහි පාංශු ව්‍යුහය හා අවට පරිසරයට ඉන් සිදුවන බලපෑම අධ්‍යයනය කිරීම සඳහා යි. එහිදී  ඉතා අහඹු ලෙස හමු වූ ඉපැරණි ගුහා සිතුවම් කිහිපයක් නිසා ඔවුන්ගේ පරීක්ෂණ වෙනත්ම මඟකට යොමු වී තිබෙනවා. විවිධ සතුන් නිරූපිත මේ සිතුවම් වසර 8000ක් පමණ පැරණි යැයි නිර්ණය කොට තිබෙන අතර, ඒ අනුව එම ප්‍රදේශයේ මුල්ම ජනාවාසකරණය මේ ආවාටය ආශ්‍රිතව සිදුවන්නට ඇති බැව් දැන් වන විට විශ්වාස කෙරෙනවා.


මෙම ආවාටයේ කොටසක ඇති ගුහාවක ඇඳ තිබී හමු වු මෙම සිතුවම් එහි බිත්තිය සීරීම මඟින් ඇඳ තිබෙනවා. මෙම සිතුවම්වල සතුන් තිදෙනෙක් දැක්වෙන අතර ඔවුන් හිපපෙටේමස්, අශ්වයා, හා රයිනෝසිරස් වෙනවා. මේ සියළු සත්ත්වයින් දකුණු අප්‍රිකාවෙන් හමු වී ඇති වසර 8000 පමණ පැරණි අනෙකුත් චිත්‍රවල බහුලව අඩංගු අතර මේවා දකුණු අප්‍රිකාවෙහි 'පළමු වැසියන්' ලෙස හඳුන්වන 'කොයි-සාන්' මිනිසුන් විසින් අඳින ලද ඒවා ලෙස සැලකෙනවා. මේවා වැසි යැදීම සඳහා ඔවුන් විසින් පවත්වන ලද උත්සවවලට අදාල බවට විශ්වාස කෙරෙනවා. වර්තමානය වන විට පර්යේෂණ පැවැත්වෙන්නේ මේ සිතුවම් ඇඳි ස්ථානවල ඇත්තෙන්ම එකල සිදු වූයේ කුමක් ද යන්න හා මේවා ඇඳීමට කොයි සාන් ජනයා පෙළැඹුණේ ඇයි ද යන්න නිසි ලෙසම තහවුරු කරගැනීමට යි.

මෙම ඉපැරණි සිතුවම් හමු වී ඇති ලෙන සහිත ආවාටයේ කොටස හැඳින්වෙන්නේ 'ග්‍රැනොෆයර්' ප්‍රාකාරය ලෙසයි. මෙය සැතපුම් 6ක දිගකින් යුක්ත වන අතර අඩි 16ක් තරම් පළලින් යුක්ත වෙනවා. මෙය සෑදී ඇත්තේ ග්‍රහක ඝට්ටනයෙන් පසුකාලීනව යි.

වසර 8000ක් පැරණි මේ සිතුවම් ඇඳ ඇත්තේ උක්ත ප්‍රාකාරයේ බිත්තිය ලෙස ඇති රතු පැහැති පාෂාණය මත යි. ඇඳීමේන් විශාල කාලයක් ගත වීම නිසා ඒවා සෑහෙන තරම දුරකට වියැකී ගොස් තිබුණ ද වර්තමානය වන විටත් හොඳින් හඳුනාගත හැකි මට්ටමක තිබෙනවා. විශේෂයෙන් මේ සියළු සිතුවම්වල සතුන්ගේ හැඩයන් හොඳින්ම හඳුනාගත හැකි ලෙස ශේෂ වී තිබෙනවා. මේවා ඇඳ ඇති ප්‍රාකාරයත් පැරණි කොයි සාන් ජනයා විසින් වන්දනාමාන කළ 'වර්ෂාවට අධිපති නාග දේවතාවා' ගේ හැඩයට ආසන්න ලෙසම නිමැවී තිබෙනවා. මෙම දේවතාවාට නිතිපතා කන්නලව් කිරීමෙන්, කලට වර්ෂාව ලැබී බවභෝග සම්පත්තියෙන් රට පිරී යන බවට ඔවුන් තුළ තදබල විශ්වාසයක් තිබී තිබෙනවා.

Sunday, July 21, 2019

අපි කන විෂ



මා.. රටේ ප්‍රදාන නගරය වන කොළඹට පැමිණි අතර ඒහිදී උදෑසන ආහාර ගැනීමට සිංහල කඩයකටම ගොඩවිය. ඇණවුම පරිදි කෑම ගෙනැවිත් දුන්නෙමි මේසයට වේලාසනම මා ඔවුන්ට කියුවා මස්මාංශ අඩංගු ආහාර හෝ පොල්සම්බල් නොමැතිව ගෙනෙනා ලෙස. පොල්සම්බල් කීවට ඒවා කිරි සම්පූර්ණයෙන් ඉවත් කෙරූ පොල්කුඩු නිසා ඇගේ ලේ පුළුස්සා ගැනීමට මා අකමැති නිසා කිසිදා අවන්හලකින් පොල්සම්බල් කන්නේ නැහැ. බත්පතේ ඇත්තේ කෑලි මිරිස් විශාල ප්‍රමාණයක් දැමූ කංකුන් තෙම්පරාදුව සහ පරිප්පු සහ සුදු බත් පමණි මා පරිප්පු කන්නේද නැති බැවින් කෑමට ඇත්තේ කෑලි මිරිස් දැමූ කංකුන් සහ සුදු බත් පමණි. ඉතින් මේමාරක කෑලි මිරිස් තෝරා බේරා ගැනීමට මට විනාඩි 7 ක් පමණ ගතවිය පසුව එය හිමින් ගිල දමා කඩිනමින් එළියට පැමිනියේ මහත් දුකකිනි.

හොදින් බලන්න මේ කුඩා බත් පතේ ඇති සුළු කංකුං ප්‍රමාණයේ අඩංකු කෑලි මිරිස් ප්‍රමාණය කොතෙක්ද කියා. අප ආමාශයේ සහ අඩි 21ක් දිගැටි අන්ත්‍රයේ මේවා ඇලීමෙන් එහි බිත්ති කාදනයවේ. මන්ද කෑලිමිරිස් යනු මිරිස් පොතු සහ මිරිස් ඇටයි මේවා ඇළුනු පසු පහසුවෙන් ගැලවී නොයයි. දින ගනන් පවා ඇලී තිබේ. ඒහේතුවෙන් ඒ ඒ ස්ථාන කාදනයවී ඇතිවන ආසාදන හේතුවෙන් විශාල වේදනාවක් ඇතිවේ. නමුත් ශරීර අබ්‍යන්තර වේදනාවක් නිසා නිස්චිතව කොතනකදැයි අවබෝද නොවේ. ඇතැමුන්ට පපුවේ වේදනා ලෙස තවෙකෙකුට බඩේ වේදනාලෙසත් දැනේ. මෙය මනසට මහත් පීඩාකාරී බැවින් මානසික ඒකාග්‍රතාව බිද වැටේ. ආතතිය ඉහලයයි. ඒවගේම තරහව කේන්තිය උස්සන්නවේ. ශිරුරේ උශ්ණත්වය ඉහල යනවා වගේම ඒ හෙතුවෙන් දරුපල අහිමිවීම් සරුබව හීනවීම මතක ශක්තිය අඩුවීම ඇතිවේ.

බොහෝදෙනා ඉහත තත්වයන් බඩේ ඇසිට් රුදාව එහෙමත් නැතින්ස්ම් අම්ල පිත්ත රෝගයැයි වැරදි වැටහීමෙන් වසර ගනනින් බෙහෙත් බොයි. ඇතැමුන්ගේ අන්ත්‍රයේ ආසදිත කොටස් කපා ඉවත් කොට බද්ද කිරීම්ද සිදුකරයි.

රටපුරා සෑම අයෙකුම පෙලෙන මේ රෝගයට ප්‍රදානම හේතුව කෑලි මිරිස් බැවු මා පර්යේශන මගින් තහවුරු කරගත්තෙමි ලෝකේ බොහෝ රටවල මෙය කැමට නොගත් අතර අප රටේ පැරැන්නන්ද කෑලි මිරිස්,හෝ රතු පැහැවූ මිරිස් නොකෑවේය. බොහෝ දෙනෙකු මේ කෑලි මිරිස් එක්කර ගන්නේ එයින් කිසිදු රසෙහි වෙනසක් සිදුවන නිසා නොවේ අනෙකා කරන නිසාත් අලංකාරය නිසාත් පමණි. අද ජාතියම විදවන්නේ අර්තයක් නොහැදින අනිකා කරනා දේ කිරීමෙන් බවද කිව යුතුයි.

ඔබට අවැසි බැදුමට තෙම්පරාදුවට අමු කොච්චි හෝ ගම්මිරිස් ප්‍රමාණවත් ලෙස එක්කර ගන්න. එයින් මේ බයානක වසංගතයෙන් මිදීමට ඔබට හැකියාව ලැබේ ඔබලා උජාරුවට කන චිලීෆේස්ට් නැමැති දෙහිද ඇත්තේ මේ කෑලි මිරිස් සහ ඉස්සන්ගේ ඉවත් කල හිස් කොටස් සහ මස්, බදින ලද තෙල්, අජින මොටෝ පමණි. ආමාශයේදී මේ කෑලි මිරිස් වල මිරිස් ඇට හෝ කැබලි දිරන්නේ නැත. මලපහ සමග එලෙසම පිටවේ. ඇතැම්විට අද කෑ කෑලි මිරිස්, කැබලි දින ගනනකට පසුව මලපහ සමග පිටවේ. එයින් ඔබට,වැටහේ අමාශයේ හෝ අන්ත්‍රයේ කොතෙක් තියුනු ලෙස මේවා තැවරේද කොතෙක් වේලා ආමාශ බිත්තියට හෝ අන්ත්‍ර වලට මෙයින් හානි පැමිණේද කියා.

උපුටා ගැනීමකි.

Saturday, July 20, 2019

දැනුමට යමක්

THE LANGUAGE TREE


ලෝකය තුල භාවිත වන භාෂා ගණන මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. ඒ නිසාම ලෝකයේ භාවිත වන සියලුම භාෂා  හා ඒවායෙහි සම්භවයන් හා ඒ ඒ භාෂාවන්ට අදාල රටවල් වලින් භාෂාව සදහා  හිමිවන ස්ථානය ලියා නිම කළ නොහැකිය. එනිසාම  Emmanuel Gobry විසින් මෙය සිතුවමට නගා ඇත. මේ එකී සිතුවමයි.  ඒ ඔස්සේ ඉතා පැහැදිලිව ඕනිම අයකුට භාෂාවන් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිය.




ඔහු  Language of the Future යන තේමාව ඔස්සේ The Language Tree ලෙස මෙය නම් කර ඇත.

Friday, July 19, 2019

ආදිවාසී ආහාර


ආනම් පොජ්ජක් කැවිල්ලානමු





මහම කැච්චක් කොදමයි 🙏

පටන් ගත්ත තැනම මොකක්ද මේ කිව්වේ..මේ අපේ ආදිවාසීන්ගේ භාෂාවෙන් ආයුබෝවන්  කිව්වේ.

 කව්ද බොලේ ආදිවාසීන්.. ඔව්.. කාලයක් යද්දී ආදිවාසී පොජ්ජ ගැන දන්නේ නැති උදවියත් ඉදී තමයි.. ඇයි ඉතින් දැන් ඉතිරි වෙලා ඉන්නේ හත් අටසීයක් නොවැ.

සමහරු posh වෙලා.සමහරු රටෙනුත් ගිහින්.ඉන්න උදවියත්  modern  වෙලා. ඉතින් කෝමෙයි අපි ආදිවාසීන් ගැන දැනගන්නේ..

ඉතින් ඉන්න උදවියගෙන් මන්දා කරගත් දේ තමයි දැන් මේ කියන්ට හදන්නේ..

ලෝකේ තියන මොන කෑම කෑවත් ආදිවාසී කෑම චුට්ටක් කන්න දඹානටම මංගච්චන්ට එපායැ..  ඒ නිසා ගෙදරම හදාගන්ට තියනවා නම් කොච්චර එකක්ද? එහෙනම් බලන්ටකෝ මේ විදියට හදලා....
මේ කෑම පොජ්ජ හදාගන්ට හරි ලේසි. මොකෝ ආදිවාසීන්ට ඒ කාලේ මේ වගේ කැටයම් තිබුණේ නෑ නොවැ.


පිටි පොජ්ජක් මන්දු කරගෙන තැරිපොජ්ජේ පොතු පොජ්ජක් හැදුම් පොජ්ජ මන්දු කරලා ගුලි පොජ්ජකුත් මන්දු කරලා ආනම් පොජ්ජක් එක්ක කැවිල්ලානමුද ???

කැවිල්ලාන බඩ උච්චා දමන වෙලා පොජ්ජට පොතු පොජ්ජ ගුලි පොජ්ජ ආනම් පොජ්ජ තමයි කැවිල්ලාන්නෙ

තේරුණේම  නෑ නේද? මොනවා නැතත් දඹාන පොජ්ජට මංගැච්චුවා වගේ   ෆීලිං එකක් ආවද?  කොරන්ට දෙයක් නෑ ඉතින්  වවුලගෙ ගෙදර ආවා නම් එල්ලිලා ඉන්ටත් එපැයි.

මෙන්න මෙහෙමයි...

පිටි ටිකක් අරගෙන කුරහන් රොටියක් හදාගෙන කුරහන් තලපත් හදලා ආනමක් එක්ක කමුද කියලයි ඇහුවේ.

දෙවෙනියට කිව්වේ බඩගිනි වෙන වෙලාවට රොටි තලප ආනම එක්ක තමයි කන්නෙ  කියලා

දැන් තේරුණානි..

මේ කියන්ට තනන්නේ  ආදීවාසීන්ගේ ප්‍රධාන ආහාර වේලට එකතු වෙලා තිබ්බ කෑම ටිකක් ගැන.

කුරහන් රොටි කියන්නෙ ඒ ඇත්තන්ගේ ප්‍රධාන ආහාරයක්. මේකට ඕනි වෙන්නේ..
පොල්,
කුරක්කන් පිටි,
ලුනු.
දැන් ඒ ඔක්කොම වතුර යොදාගෙන . පිටි ගුලි ලෙස සාදාගන්නවා. ඊලගට කෝටු වලින් සෑදු දැලක් වැනි තට්ටුවක් උඩ තුනි කොරනවා. අන්තිමටු තුනී කොරපු  රොටිය  පුච්චගත්තා.
ඔහොම පුච්චගත්ත රොටිය  මීපැණි ඩිංගත්තක් එක්ක මන්දෝ කරාම පංකාදු පහයිලු.

දැන් කියන්නේ කුරහන් තලප ගැන. මේකට ඕනි වෙන්නේ ලුණුයි කුරහන් පිටි..
දැන් ගන්ටකෝ හොද මුට්ටියක්..දැන් ඕකට  වතුර දාලා  උණු කරගන්ටකෝ.  දැන් මේ මුට්ටියට කුරහන් පිටි,  ලුනු ටිකක් දාලා  කලවම් කරගන්ටකෝ.
ඕන් දැන් ටික වෙලාවකින් කුරහන් තලපය නිසි පදමට එනව නේ. ඊටපස්සේ  තද ස්වභාවයට එන තලපේ ලිපෙන් බාගෙන වතුරෙන් තෙමාගත් හැදි දෙකක් බාවිතයෙන් බෝල ආකාරයට කුරහන් තලප හදාගන්ටකෝ.

කුරහන් තලප නිකන් මන්දෝ කරන්ටය.

දැන් හදමුකෝ ආනමක්.
ආනම කියන්නේ තලප කන්ට හදන හොද්දට.

 ආදිවාසීන් නම් ඒ සදහා විවිධ ද්‍රව්‍ය භාවිතා කළා.
පියලි කෙරු මුං ඇට
මෑකරල්
බිම්මල් හෝ ගහලගොඹ
වට්ටක්කා දළු වැනි දෑ මෙන්ම දඩමස් වලින් තමයි ආනම හදාගත්තේ.


දඹාන පොජ්ජේ කෑම හැදුවේ සරලව.

ආනම හදන්ට ගන්න දඩමස් වලට මිරිස් ලුනු මෙන්ම ඇඹුල සදහා සියඹලා හෝ ගොරකා වගේ දේවල් විතරයි ඒ පොජ්ජේ ඇත්තෝ එකතු කරේ. ආනමේ උකුව තියාගන්ට විතරක් ඕන් කුරහන් පිටි ඩිංගිත්තක් වතුරෙන් දිය කරලා මන්දෝ කර ගත්තා.

දැන් ඉතින් තලපෙයි මේ හොද්දයි  ඔක්කොම කැවිල්ලාන්ටයි තියෙන්නේ.



Thursday, July 18, 2019

සිපිරිගෙදර සිට ලබාගත් උපාධිය



උගත මනා ශිල්පයමයි මතු රැකෙනා !
_________________________________________

මරණීය දණ්ඩනය නියමව වැලිකඩ බන්ධනාගාරයෙහි රඳවා සිටින ඉන්දික බමුණුසිංහ නැමති නේවාසික රැඳවියා මීට වසර කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරය තුළදී උසස් අධ්‍යාපනය හදාරා තම ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්තා.

මේ වන විට එම රැඳවියා ඔහුගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කර සිටින අතර ඔහුගේ උපාධි ප්‍රදානෝත්සවය පසුගිය 11 වනදා පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන අතර ඔහු එම අවස්ථාව සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.

බන්ධනාගාර ගතව සිටියදී උසස් අධ්‍යාපනය ලබමින් ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථමයා මෙන්ම ලෝකයේ පස්වැනියා ලෙස ලක්මිණී ඉන්දික බමුණුසිංහ ලෝක වාර්තා පොතට ද එක් වූයේය.

මොහු ප්‍රකට ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දණ්ඩනය හිමිවී බන්ධනාගාරගතව සිටින අයෙකි.

ඉන්දික 2016 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර අයදුම්කරුවකු ලෙස ලියාපදිංචි වී සිංහල, බෞද්ධ සංස්කෘතිය, සමාජ විද්‍යාව සහ අපරාධ විද්‍යාව විෂයයන් හදාරමින් ශාස්ත්‍රවේදී උපාධිය සමත්ව තිබෙනවා.

ශාස්ත්‍රපති උපාධිය සඳහා කැළණිය විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වූ ඔහු හදාරන ලද විෂයන් වූයේ සමාජ විද්‍යාව, සමාජ පර්යේෂණ, සංවර්ධණ සමාජ විද්‍යාව, සාමාජීය සංස්කෘතිය, සංයුක්ත සමාජ විද්‍යාව හා සමකාලීන සමාජ විද්‍යාව යි.

ඔහු සිය ශාස්ත්‍රපති උපාධියට සැකසූ නිබන්ධනය ‘ලංකාවේ සංවිධානාත්මක අපරාධ’ යන්නයි.

නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලක පාසලක අධ්‍යාපනය ලැබූ ඉන්දික ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරික්ෂකයකු ලෙස සේවයට එක්ව සිටි අතර ඉන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධියට 2012 වසරේ දී ලියාපදිංචි වූවද දෛවයේ සරදමකට ඔහුට යන්නට වූයේ සිපිරිගෙදරටය.

Wednesday, July 17, 2019


වීදියක කෙළවර



දහසකුත් දෙනා ඇවිද යන
වීදි කොනක
සැදෑ අදුර අතරින්
සිතුනි නවතින්නට මදක්
බලන්නට ,
ඔබ වත මත මැවුණු
සියුම් රටා
එය නොදත් ඔබ, පසු කර ගියද
මා
නැත වෙහෙසක් මා සිතට
නම්
ඒ මනරම් රූ , මවා විදින්නට රස
මා සිත
තවත් ඉල්ලයී
හෝරාවක්.............,

දුවති සමහරු කලබලේ
පෙන්වමින් තමා සතු බලේ
කෙනෙකු සිනා සෙයි හඩ නගා
නැගිට සිට තවකෙකු නසා..
අයෙකු , නෙත් අයා සිටියි
මහ පොළව දෙස බලා
හිස්කමින්..
බලාපොරොත්තු ඇති මිනිසුන් ද,
යති විගහහින්
තවකෙකු පසු කරන්..,

රුපියල , ශත සොයා වෙහෙසෙන
මහා වෙළදුන් අතර ,
සිටියි
ඒ රුපියලම සොයා සිගමන් යදින්නන්ද
තවත් කොනක....,

වීදි කොනෙහි මාත් හිදිමි බලා
වීදියෙහි මේ ජීවන රිද්මය අසා
ලෝ දහම දෙස නෙත් අයා
කවුද හරි මේ ලෝකයෙහි...,

නිහඩ අදුරේ ,
රහසේ පෙම් බස් දොඩනා පෙම් යුවල
දුටු විට දිවෙයි ..
මා සිතද අතීතයට ,
සිතෙයි
ඔබෙ නෙතු යුග වසා
අදින්නට සිත්තමක්
පින්සලක ගෑ සායමින්....

රගහළක් වැනි ජීවිතයෙහි
නිවෙන , දැල්වෙන
විදුළි එළි
වේදිකා මත දග කරද්දී
මද අදුරේ
ඔබට රහසින්
කෙටි හෝරාවක්
මා නෙත් දුටුවෙමි
ඔබ නොදත්.......... ඔබවම.....

                             

Tuesday, July 16, 2019

පින්බර ඇසල පොහොය අදයි

තෙරුවන් සරණයි.
ඓතිහාසික, ආගමික හා සංස්කෘතික සිදුවීම් ගණනාවක් සිදු වු උතුම් වූ ඇසල පොහොය දිනය අදයි.මෙය සමස්ත ලෝකවාසී බෞද්ධයාට මෙන්ම    ලක්වැසි බෞද්ධයාටත් වැදගත් වූ පොහොය දිනයක්. 



බෝසතාණන් වහන්සේ බුද්ධත්වය නම් වූ ශ්‍රේෂ්ඨත්වයට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පාරමී දම් පුරා පස් මහා බැලුම් බලා පශ්චිම කාලයේ දී තුසිත දෙව් ලොවෙන් නික්මී මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

වෙසක් පොහොය දිනයේ ඉපදි සිදුහත් බෝසතාණෝ  සතර පෙර නිමිතීන්හි පැවිදි රුව දුටුවේත් රාහුල කුමරුගේ උපත සිදුවූයේ ත්  ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

ගිහිගෙය කලකිරුණු බෝසතාණන් වහන්සේ  ගිහිගෙයින් නික්මීම සිදුවූයේද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

 බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්විම සිදුවූයේත් ඒ අසා  කොණ්ඩඤ්ඤ තාපසයාණෝ සදහම් සිසිලසින් සැනසී මඟ ඵල ලබා අඤ්ඤා කොණ්ඩඤ්ඤා වහන්සේ වූයේ අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

 බුද්ධත්වයෙන් හයවන වසරේ ගණ්ඩබ්බ රුක්මුල්හිදී බුදුරදුන් තීර්තකයන් දමනය කිරීමට යමාමහ පෙළහර පෑවේ ත්  බුද්ධත්වයෙන් හත්වන වර්ෂයේදී තව්තිසා දෙව්ලොවට වැඩම කළ සම්බුදු හිමියෝ තමන් වහන්සේ මෙලොවට ජනිත කරවා සත් දිනක් රන් කිරි කට ගෑ පින්බර මෑණියන් වූ මාතෘ දිව්‍ය රාජයාට විජම් බණ දේශනා කරමින් දහම් ඇස පහළ කළේ අද වැනි දිනකදීය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක ඇවෑමෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් රහතන් වහන්සේ සමඟ රජගහනුවර වේහාර පර්වතයේ දී ප්‍රථම සංඝායනාවට මූලික පියවර තැබුවේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

ශ්‍රී ලාංකිකයන්ට මෙම පොහොය වැදගත් වන්නේ
 බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහ සෑ රදුන් තැනීමේ සමාරම්භක උළෙල පවත්වා මගුල් ගල තැබීම සිදු වූයේත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා බු.ව 2296  දී ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේත්,  අරිට්ඨ කුමරු සහ සිංහලයන් 56 දෙනෙකු තුම්බුරු සීමා මාලකයේදී උපසම්පදාව ලැබුවේත් ඇසල පොහෝ දිනයකයි.

ලංකාවේ දෙසැටක් රහතන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය හා විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.


දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීම සිදුවූයේද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

 ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්‍රීයෙන් බබළන්නෙ ඇසළ සමයටයි.

මේ අතර ඇසල උත්සවය වෙනුවෙන් බෞද්ධයාගේ 
අසම සම පූජනීය වස්තුවක් වන දළදා සමිඳුන් ප්‍රදර්ශනය කෙරෙනා පෙරහර ඇරැඹීම, රත්නපුර, දෙවිනුවර දේවාලයන්හි ඇසල පෙරහැරද පැවැත්වේ.
එසේම  මහනුවර, බෙල්ලන්විල මෙන්ම කතරගම පුදබිමෙහි වාර්ෂික පින්කම් මලාව හා අවසන් මහ පෙරහැරට මුළු ලංකාවේම බෞද්ධයන් සැදැහැ සිතින් සහභාගි වී භක්තිය උපදවා ගන්නේද මේ සමයේදියි.

Monday, July 15, 2019

ෆේස්බුක් ශීලය

"හෙට නම් මන් දවසම ඔන්ලයින් නෑ.සිල් ගන්න යන්න හිතාගෙන ඉන්නේ ප්රෙන්"
"උබලා මාව හෙව්වාද?සිල් ගන්න ගියා බන්."
"මම හෙට සිල් ගන්න යන්න ඉන්නෙ."
".සිල්ගන්න යන්න හිටියෙ නින්ද ගියානෙ ...
හවස ඔන්ලයින් නැත්නම් මම පන්සල් ගිහින්..."



පොහොය දිනයක් අත ලග එන විට මේ සමාජ මාධ්‍ය විශේෂයෙන් ෆේස්බුක් තුළ දැකගත හැක්කකි. මෙවැනි post නිරන්තරව තනි පුද්ගල වශයෙන් තම ගිණුම් තුල වත්මන් තරුණ පරපුර හුවමාරු කිරීම සමාජ ප්රවණාවක් බවට පත්ව ඇත්තේ සැබැවින්ම ආගමකට ද පහරක් එල්ල කරමිනි. වසරකට පොහොය 12කි. ඉන් දවසක් හෝ සිල් ගැනීම පොහොයට පන්සල් යාම තමන්ගේ අභිමතයකි. නමුත් මසකට ලැබෙන මෙම එක් දිනයත් හෑල්ලුවට ගැනීම ආගමක අනාගත පරිහානියක්.

අන් ආගමිකයන් සියලු කටයුතු නවතා මසකට දින 4 ක හෝ තම ආගම වෙනුවෙන් කැප කරති. නමුත් බෞද්ධයා ට එක් දිනයත් විහිළුවකි.


ශීලය යනු කුමක්ද?
ශීලය වූ කලී  හික්මීමයි. සංවරයට පත් කිරීමයි. ශීලයේ පිහිටීම ප්‍රශ්න නිරාකරණයට මාර්ගය යි.

"සීලේ පතිට්ඨා ය නරෝ සපඤ්ඤෝ"

මනා නුවණැත්තා ශීලයෙහි පිහිටයි. ශීලයෙහි පිහිටා සමාධියත් ප්‍රඥාවත් වඩයි. ශීලය ඇති තැන ප්‍රඥාව ඇත. ප්‍රඥාව ඇති තැන ශීලය ඇත. සිල්වතාට නුවණ ඇත. නුවණැත්තාට සිල් ඇත. මල් සුවඳ උඩු සුළඟට නො හමයි. සත් ගුණවතුන් ගේ සිල් සුවඳ උඩු සුළඟේ පවා හමයි. ශීලය තුළ ප්‍රධාන වශයෙන්ම පාපයට හා ලජ්ජාවට බිය පවතියි. ශීලය ධනයකි. සතුන් මැරීමෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, රහමෙර පානයෙන් වෙන්වූයේ වේ ද එය ශීල ධනයයි.

 සිල් සුවඳ සැම සුවඳකටම වඩා උතුම්. සඳුන් සුවඳ, මල් සුවඳ ආදී දෑ අතුරෙන් සිල් සුවඳ ඉතා අගනේය. සිල් සුවඳ දෙව්ලොව පවා පැතිරෙයි. ( ධම්ම පදය පුප්ඵ වග්ගය, 12, 13 ගාථා බලන්න ) සිල් රැකීමට කාලයක්, දිනයක්, වයස් භේදයක් නැත. ගිහියා ගේ නිත්‍ය ශීලය පංච ශීලයයි.

වාචානං සමෝධානං ශීලං
කය වචන දෙකෙහි සංවර බව ශීලයයි. සිල්වත්කම සිතෙහි ඇතිවන කෙලෙස් දැවිලි සංසිඳුවා සීතල කරන හෙයින් ශීලය යැයි කියනු ලැබේ.

ශීලය දෙවදෑරුම්ය.
1. චාරිත්‍ර ශීලය
2. වාරිත්‍ර ශීලය

චාරිත්‍ර යනු හැසිරීමයි. ගුරුවරුන්ට, දෙමාපියන්ට මෙන්ම දාගැබ්, බෝධි ආදියට සැලකීම සහ වත් සම්පන්න වීම චාරිත්‍ර නම් වෙයි.

වරදින් වැළකීම වාරිත්‍ර නම් වෙයි. වාරිත්‍රයෙන් තොරවූ විට චාරිත්‍රයක් නැත. සැලකිය යුතු අය, නො සැලකිය යුතු අය, තැන නොතැන නොදැන හිතුවක්කාරි ලෙස හැසිරෙන අය තුළ චාරිත්‍රයක් නැත.
වරදින් වැළකීමට නම්, සිත කීකරු කරගත යුතුය. පළමුව හොඳ සිරිත් පුරුදු කර ගෙන ශීලාචාර විය යුතුය. එවිට ප්‍රාණඝාතාදියෙන් වැළකී චාරිත්‍ර සම්පන්න සිල්වතෙකු වීමට පුළුවන. චාරිත්‍ර වාරිත්‍රාදී වශයෙන් ශීලයෙහි නොයෙක් ප්‍රභේද ඇත. ඒ ශික්‍ෂාපද සංඛ්‍යාව වශයෙන් සහ අංග වශයෙනි.
ශීලයෙහි ප්‍රභේද
1. පංච ශීලය
2. අෂ්ඨාංග ශීලය
3. බ්‍රහ්මචරියා පංචමක ශීලය
4. ඒක භක්තික ෂට්ක ශීලය
5. ආජීවාෂ්ටමක ශීලය
6. දශ ශීලය
7. සාමණේර ශීලය
8. උපසම්පදා ශීලය යනුවෙනි.

ඉදින් මෙවන් වූ ශීලය තරුණ පරම්පරාව මෙලෙස හෑල්ලුවට ලක් කිරීම අගනේ ද? සංවර බවින් තොර වූ ශීලයක් නොමැත්තේය. ඉදින් තමාට දෙයක් කළ නොහැකි විය හැකිය. එසේ නම් එය සමාජ මාධ්‍ය තුළ අන් කෙනෙකුගේ දර්ශනයක් හෑල්ලු කිරීම ගැළපේද?

Sunday, July 14, 2019

සයිබර් පෙම

මුහුණු පොතට 
පෙම් බැද 
පටලවාගෙන සිත්
රූපයට... 
ප්‍රේමයෙන් වශී වුණ
සංකර දස්කොන්ලා
නූතන ප්‍රමිලාවන් ද,..
කඩා සීමා බන්ධන 
ලබන්නට ලොව වින්දන 
වියරු වැටිලා රංගනයට
තහනම් තානායමකට
ආදරය පූජා කොට..
බේරි බේරි වැටෙන 
කදුළු පොදි 
ගොඩ ගසා.. 
වරද කොතැනදැ යි 
විසදුමට තතු සොයයි
සයිබර් අවකාශයෙන්ම....

                                     

Friday, July 12, 2019

  • අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය


සන්නිවේදන වර්ගීකරණයේ ප්‍රමුඛස්ථානය හිමිවන්නා වූ  සන්නිවේදනය නම් අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයයි. පුද්ගලයා තුළම සිදුවන සන්නිවේදන ක්‍රියාවලියක් වන මෙතුල තීරණ ගැනීමට ප්‍රමුඛත්වයක් හිමිවනු දැකිය හැකිය.

සෑම තැනැත්තෙකුම කුඩාකළ සිට පන්චෙන්ද්‍රියෙන් තොරතුරු එක් රැස් කර ගනී. එම තොරතුරු වලින් බොහොමයක් ඔහුගේ යටි සිතේ තැන්පත් වේ. අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ තීරණ ගැනීමේදී එලෙස තමා රැස් කල තොරතුරු පුද්ගලයා යොදා ගනී. ඉතා හොද තොරතුරු රැස් කරගෙන ඇති පුද්ගලයෙකු වඩා ගුණාත්මක තීරණ ගැනීම කරනු ලැබේ. ඇතම් චිත්තවේග නිසා අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය නිසි ලෙස ක්‍රියාත්මක නොවන අතර පුද්ගලයෙකුට තම චිත්තවේග පාලනය කරගැනීමට ඇති හැකියාව මෙම සන්නිවේදනයේ ගුණාත්මක බව ඉහල නංවයි.
එනිසාම අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ පහත ලක්ෂණ දැකිය හැක.


  1. පුද්ගලයා තුල සිදුවන ආත්ම භීෂණයක් වීම
  2. සන්නිවේදනය හා ග්‍රාහකයා එකම පුද්ගලයෙකු වේ.
  3. මනස ප්‍රමුඛ වේ
  4. පුද්ගල මතකයට සම්බන්ධ වේ.
  5. ස්වයං දෘෂ්ඨියට අදාළ වේ.


  • අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය උදහරණයක් ඇසුරින් පහත ලෙස විස්තර කළ හැක. අප රුපවාහිනිය නරඹන විට යම් වැඩසටහනකට අකමැත්තක් දක්වයි නම් එම නාලිකාව මාරු කිරීම හෝ රුපවාහිනිය වසා දැමීම කරයි. රුපවාහිනිය නැරඹීම ආරම්භ කල මොහොතේ සිට එය වසා දමන තුරු මනසේ සිදුවන ක්‍රියාකාරකම් අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයට අයත්ය. තවත් උදාහරණයක් නම් ගිනි අගුරක් පෑගුන විට කකුල ඉක්මනින් ඉවතට ගන්නේ අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය නිසාවෙනි.

කාමදූතයන්ගෙන් පලිගත් රූමතිය ගමේ දුප්පත් පවුලක ගැහැනු දරුවකු වූ වින්ද්‍යා ලක්ෂාණි ගේ දෙමව්පියන් දෙදෙනා මිය යන්නේ ඇයි කුඩා කලදීමය. මා ප...