Thursday, July 18, 2019
සිපිරිගෙදර සිට ලබාගත් උපාධිය
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා !
_________________________________________
මරණීය දණ්ඩනය නියමව වැලිකඩ බන්ධනාගාරයෙහි රඳවා සිටින ඉන්දික බමුණුසිංහ නැමති නේවාසික රැඳවියා මීට වසර කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරය තුළදී උසස් අධ්‍යාපනය හදාරා තම ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්තා.
මේ වන විට එම රැඳවියා ඔහුගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කර සිටින අතර ඔහුගේ උපාධි ප්‍රදානෝත්සවය පසුගිය 11 වනදා පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන අතර ඔහු එම අවස්ථාව සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.
බන්ධනාගාර ගතව සිටියදී උසස් අධ්‍යාපනය ලබමින් ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථමයා මෙන්ම ලෝකයේ පස්වැනියා ලෙස ලක්මිණී ඉන්දික බමුණුසිංහ ලෝක වාර්තා පොතට ද එක් වූයේය.
මොහු ප්‍රකට ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දණ්ඩනය හිමිවී බන්ධනාගාරගතව සිටින අයෙකි.
ඉන්දික 2016 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර අයදුම්කරුවකු ලෙස ලියාපදිංචි වී සිංහල, බෞද්ධ සංස්කෘතිය, සමාජ විද්‍යාව සහ අපරාධ විද්‍යාව විෂයයන් හදාරමින් ශාස්ත්‍රවේදී උපාධිය සමත්ව තිබෙනවා.
ශාස්ත්‍රපති උපාධිය සඳහා කැළණිය විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වූ ඔහු හදාරන ලද විෂයන් වූයේ සමාජ විද්‍යාව, සමාජ පර්යේෂණ, සංවර්ධණ සමාජ විද්‍යාව, සාමාජීය සංස්කෘතිය, සංයුක්ත සමාජ විද්‍යාව හා සමකාලීන සමාජ විද්‍යාව යි.
ඔහු සිය ශාස්ත්‍රපති උපාධියට සැකසූ නිබන්ධනය ‘ලංකාවේ සංවිධානාත්මක අපරාධ’ යන්නයි.
නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලක පාසලක අධ්‍යාපනය ලැබූ ඉන්දික ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරික්ෂකයකු ලෙස සේවයට එක්ව සිටි අතර ඉන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධියට 2012 වසරේ දී ලියාපදිංචි වූවද දෛවයේ සරදමකට ඔහුට යන්නට වූයේ සිපිරිගෙදරටය.
Subscribe to:
Post Comments (Atom)
කාමදූතයන්ගෙන් පලිගත් රූමතිය ගමේ දුප්පත් පවුලක ගැහැනු දරුවකු වූ වින්ද්‍යා ලක්ෂාණි ගේ දෙමව්පියන් දෙදෙනා මිය යන්නේ ඇයි කුඩා කලදීමය. මා ප...
-
ජාත්‍යන්තර සබඳතා හැඳින්වීමක්... ජාත්‍යන්තර සබඳතා විෂය වූ කලී අධ්‍යයන හා ප්‍රායෝගික ලෝකයේ වඩාක් සංකීර්ණ වූ විෂය ක්ෂේත්රයක් ලෙස හඳුන්වා...
-
අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය සන්නිවේදන වර්ගීකරණයේ ප්‍රමුඛස්ථානය හිමිවන්නා වූ සන්නිවේදනය නම් අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයයි. පුද්ගල...
❤️
ReplyDelete👍 👍 👍 👍
ReplyDelete👍👍👍👍👍👍👍👍👍👍👍👍
ReplyDelete