ආනම් පොජ්ජක් කැවිල්ලානමු
මහම කැච්චක් කොදමයි 🙏
පටන් ගත්ත තැනම මොකක්ද මේ කිව්වේ..මේ අපේ ආදිවාසීන්ගේ භාෂාවෙන් ආයුබෝවන් කිව්වේ.
කව්ද බොලේ ආදිවාසීන්.. ඔව්.. කාලයක් යද්දී ආදිවාසී පොජ්ජ ගැන දන්නේ නැති උදවියත් ඉදී තමයි.. ඇයි ඉතින් දැන් ඉතිරි වෙලා ඉන්නේ හත් අටසීයක් නොවැ.
සමහරු posh වෙලා.සමහරු රටෙනුත් ගිහින්.ඉන්න උදවියත් modern වෙලා. ඉතින් කෝමෙයි අපි ආදිවාසීන් ගැන දැනගන්නේ..
ඉතින් ඉන්න උදවියගෙන් මන්දා කරගත් දේ තමයි දැන් මේ කියන්ට හදන්නේ..
ලෝකේ තියන මොන කෑම කෑවත් ආදිවාසී කෑම චුට්ටක් කන්න දඹානටම මංගච්චන්ට එපායැ.. ඒ නිසා ගෙදරම හදාගන්ට තියනවා නම් කොච්චර එකක්ද? එහෙනම් බලන්ටකෝ මේ විදියට හදලා....
මේ කෑම පොජ්ජ හදාගන්ට හරි ලේසි. මොකෝ ආදිවාසීන්ට ඒ කාලේ මේ වගේ කැටයම් තිබුණේ නෑ නොවැ.
පිටි පොජ්ජක් මන්දු කරගෙන තැරිපොජ්ජේ පොතු පොජ්ජක් හැදුම් පොජ්ජ මන්දු කරලා ගුලි පොජ්ජකුත් මන්දු කරලා ආනම් පොජ්ජක් එක්ක කැවිල්ලානමුද ???
කැවිල්ලාන බඩ උච්චා දමන වෙලා පොජ්ජට පොතු පොජ්ජ ගුලි පොජ්ජ ආනම් පොජ්ජ තමයි කැවිල්ලාන්නෙ
තේරුණේම නෑ නේද? මොනවා නැතත් දඹාන පොජ්ජට මංගැච්චුවා වගේ ෆීලිං එකක් ආවද? කොරන්ට දෙයක් නෑ ඉතින් වවුලගෙ ගෙදර ආවා නම් එල්ලිලා ඉන්ටත් එපැයි.
මෙන්න මෙහෙමයි...
පිටි ටිකක් අරගෙන කුරහන් රොටියක් හදාගෙන කුරහන් තලපත් හදලා ආනමක් එක්ක කමුද කියලයි ඇහුවේ.
දෙවෙනියට කිව්වේ බඩගිනි වෙන වෙලාවට රොටි තලප ආනම එක්ක තමයි කන්නෙ කියලා
දැන් තේරුණානි..
මේ කියන්ට තනන්නේ ආදීවාසීන්ගේ ප්‍රධාන ආහාර වේලට එකතු වෙලා තිබ්බ කෑම ටිකක් ගැන.
කුරහන් රොටි කියන්නෙ ඒ ඇත්තන්ගේ ප්‍රධාන ආහාරයක්. මේකට ඕනි වෙන්නේ..
පොල්,
කුරක්කන් පිටි,
ලුනු.
දැන් ඒ ඔක්කොම වතුර යොදාගෙන . පිටි ගුලි ලෙස සාදාගන්නවා. ඊලගට කෝටු වලින් සෑදු දැලක් වැනි තට්ටුවක් උඩ තුනි කොරනවා. අන්තිමටු තුනී කොරපු රොටිය පුච්චගත්තා.
ඔහොම පුච්චගත්ත රොටිය මීපැණි ඩිංගත්තක් එක්ක මන්දෝ කරාම පංකාදු පහයිලු.
දැන් කියන්නේ කුරහන් තලප ගැන. මේකට ඕනි වෙන්නේ ලුණුයි කුරහන් පිටි..
දැන් ගන්ටකෝ හොද මුට්ටියක්..දැන් ඕකට වතුර දාලා උණු කරගන්ටකෝ. දැන් මේ මුට්ටියට කුරහන් පිටි, ලුනු ටිකක් දාලා කලවම් කරගන්ටකෝ.
ඕන් දැන් ටික වෙලාවකින් කුරහන් තලපය නිසි පදමට එනව නේ. ඊටපස්සේ තද ස්වභාවයට එන තලපේ ලිපෙන් බාගෙන වතුරෙන් තෙමාගත් හැදි දෙකක් බාවිතයෙන් බෝල ආකාරයට කුරහන් තලප හදාගන්ටකෝ.
කුරහන් තලප නිකන් මන්දෝ කරන්ටය.
දැන් හදමුකෝ ආනමක්.
ආනම කියන්නේ තලප කන්ට හදන හොද්දට.
ආදිවාසීන් නම් ඒ සදහා විවිධ ද්‍රව්‍ය භාවිතා කළා.
පියලි කෙරු මුං ඇට
මෑකරල්
බිම්මල් හෝ ගහලගොඹ
වට්ටක්කා දළු වැනි දෑ මෙන්ම දඩමස් වලින් තමයි ආනම හදාගත්තේ.
දඹාන පොජ්ජේ කෑම හැදුවේ සරලව.
ආනම හදන්ට ගන්න දඩමස් වලට මිරිස් ලුනු මෙන්ම ඇඹුල සදහා සියඹලා හෝ ගොරකා වගේ දේවල් විතරයි ඒ පොජ්ජේ ඇත්තෝ එකතු කරේ. ආනමේ උකුව තියාගන්ට විතරක් ඕන් කුරහන් පිටි ඩිංගිත්තක් වතුරෙන් දිය කරලා මන්දෝ කර ගත්තා.
දැන් ඉතින් තලපෙයි මේ හොද්දයි ඔක්කොම කැවිල්ලාන්ටයි තියෙන්නේ.
එ් භාෂාව😍😍
ReplyDeleteThank you
Delete👌👌
ReplyDelete👍👍✌️✌️
ReplyDelete👍👍👍
ReplyDelete😋
ReplyDelete��
ReplyDelete👍 👍 👍 👍
ReplyDelete👍👍👍
ReplyDeleteElaaa
ReplyDelete👍
ReplyDelete