Pages

Wednesday, July 10, 2019

ජනමාධ්‍ය යට කරනා අධිපතිවාදය
ජන මාධ්‍ය ලොව ආරම්භ වූ දා පටන්ම  සන්නිවේදන ගමන් මගේ විවිධ වූ ඓතිහාසික සන්ධිස්ථානයන් ගණනාවක් දැකගැනීමේ හැකියාව ඇත. මෙකී වූ ඓතිහාසික සන්ධිස්ථාන නිසාම සමාජය හා එවකට ජනමාධ්‍ය අතර වූ පැවැත්ම ද,සම්බන්ධතාවයද මනා ලෙස විග්‍රහ කළ හැකිය. ඒ අනුව ප්‍රධාන වශයෙන්ම පාලකයන් අතින්,ආගමික කණ්ඩායම් අතින්,වාණිජ කණ්ඩායම් මගින් මාධ්‍ය ආයතන වාරණය කරනු දැකිය හැකිය.

මෙකී වූ ක්‍රියාවලිය අධිපතිවාදය ලෙස සලකනු ලබන අතර මෙය ජනමාධ්‍ය ආරම්භයේ පටන් කවර රටක කවර පාලකයකගේ සමයක වුවද දැකිය හැකි ප්‍රබල සන්නිවේදන සංකල්පයකි.

සරලව අධිපතිවාදය විග්‍රහ කළ හොත් කිසියම් සමාජයක් තුළ රජය හෝ යම් බල කණ්ඩායමක් මගින් විෂාල පිරිසකගේ අදහස් වලට හෝ ඔවුන්ට තොරතුරු ලැබෙන්නට තිබෙන ඉඩ සීමා කිරීමයි.

කාර්මීකරණයත් සමග ජනයාගේ දියුණුව මෙන්ම ඔවුන්ට තොරතුරු ලබා ගැනීමටද වූ ඉඩ ප්‍රමාණය ඉතා පුළුල් ලෙස වර්ධනය වන්නට විය. නමුත් ඒ  සමගම තාක්ෂණික දියුණුව ඇති වූ මුල් කාලීන සමාජය තුල ධනපතියන් විසින් සුළුතරයට යම් යම් සීමාවන් ගෙන එනු දැකගත හැකි විය.

ඒ අනුව මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය විමත් සමග  සියල්ලට එක හා සමානව අදහස් ප්‍රකාශ කිරීමට මෙන්ම තොරතුරු දැන ගැනීමට හැකියාව ලැබේ යැයි  සිතුවද ඇමරිකාව,එංගලන්තය වැනි රටවල මුද්‍රණ යන්ත්‍ර හිමිකම පැවතියේ ධනපතියන් අත වීම නිසා  සාමාන්‍ය ජනතාවට මෙකී අයිතිය නොලැබී ගියේය.

මෙමගින් බොහෝ දුරට සිදුවනුයේ
  • ජනමාධ්‍ය ආයතන රජයට පවරා ගැනීම
  • ජනමාධ්‍යයන්ට සීල් තැබීම
  • මාධ්‍යකරුවන්ට දඩුවම් පැමිණවීම,මර්දනය කිරීම
  • මාධ්‍ය සන්දේශ  වාරණය හෝ දොරටුපාල ක්‍රියාවලියට නතු කිරීම යනාදිය දැකගත හැකිය. 

වාරණය හෙවත් ‘Censor’ යන වචනය බිහිවන්නේ ක්‍රි.පූ 443 දී රෝමයේ ස්ථාපිත කළ ආයතනයක 'සෙන්සොරස්' (Censores) නමින් හැඳින්වීමෙන්. බදු අය කිරීමේ සිට ජනතාවගේ සදාචාරය දක්වා පරිපාලන කටයුතු රැසක් එදා ඊට ඇතුළත් විය.

කෙසේ හෝ ක‍්‍රි.ව 300 වන විට චීනය ප‍්‍රථම අදහස් වාරණ නීතිය නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මෙසේ එදා මෙදා තුර රාජ්‍ය විසින් ආයතනික වශයෙන් ක‍්‍රියාත්මක වී අදහස් වාරණය කිරීම විවිධ අයුරින් විවිධ රටවල ක‍්‍රියාත්මක වී ඇත.

ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලන සමය තුල මෙය ප්‍රධාන වශයෙන්ම දැකගත හැක.ඔහු යටතේ සේවය කළ ගොබෙල්ස් ඉදිරිපත් කළ ගොබෙල්ස් න්‍යාය තුල සිදු වූයේද මෙකී කාරණාවමය.හිට්ලර් විසින් බ්‍රෙශ්ට්ගේ නාට්‍ය සියල්ල තහනම් කොට මරණ ලයිස්තුවට ද නම ඇතුලත් කිරීමද එහි තවත් පැතිකඩක්.

රුමේනියාව දෙස බැලූ කළ චව්සෙස්කිගේ පාලන සමය තුලද  ප්‍රබලව දැකිය හැකි තත්වයක් බවට මෙය පත්ව ඇත. ඔහු රූපවාහිනී විකාශය පැය 2 ට සීමා කළේය. එපමණක් නොව තමා පිලිබඳව තොරතුරු ප්‍රචාරය කිරීමට අවැසි නිසාම සියලුම පත්තර වල මුල් පිටුව තුළ ඔහුගේත් බිරිඳගේත් ඡායාරූප පල කිරීම අනිවාර්ය කළේය.ඉඩි අමින්ගේ පාලන සමය තුලද මෙවැනිම වූ තත්වයක් දැකගත හැකිය.

මෙකී තත්වයන් සමගම 20වන සියවසේ 30 දශකයේ පමණ සිට ලොව පුරා මෙකී වූ සන්නිවේදන තත්වයන් වර්ධනය වනු දැකගත හැකිය. 
මෙම අධිපතිවාදය රාජ්‍ය මුල් කර ගනිමින් මෙන්ම වාණිජ පරමාර්ථ,ආගමික පරමාර්ථ හේතුවෙන්ද සිදුවනු දැකිය හැකිය. සලමන් නස්රින් හා තස්ලීමා නස්රින් මුස්ලිම් ආගම විවේචනය කර ග්‍රන්ථ රචනා කිරීම හේතුවෙන්  මුස්ලිම් අන්තවාදීන් ලෙස කටයුතු කරනවා යැයි චෝදනා කරමින් ඔවුන්ට මරණ දණ්ඩනය පැනවීමද මේ අතර දැක්විය හැකිය. 
මෙකී කාරණාව ලංකාව ආශ්‍රිතව බැලූ කළ

  1.  මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බවතරණයට බුද්ධාගම විරුද්ධ වීම  තුලද, 
  2. මංජුල වෙඩිවර්ධන ලියූ 'මේරි නම් මරියා' කෘතියෙන් කිතු දහම ගළවාගන්නට නිල කතෝලික පල්ලිය දැරූ උත්සාහය තුලද,
  3.  ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ 'පුරහඳ කළුවරෙන්' හමුදාවේ 'මොරාල්' එක බේරාගන්නට සරත් අමුණුගම කටයුතු කල ආකාරයද 
  4. අශෝක හඳගමගේ 'අක්ෂරය' චිත්‍රපටයෙන් ළමා සංහතිය බේරාගන්නට ලේඛක සේන තෝරදෙණිය හා චිත්‍රපට සංස්ථාව භාර අශෝක සේරසිංහ දැක්වූ උනන්දුවද
  5. විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ එනු පිණිස' චිත්‍රපටයෙන් සිංහල ජාතියේ කීර්ති නාමය බේරාගන්නට සිවිල් ආරක්ෂක බලකාය භාර සරත් වීරසේකරදැක්වු කැප කිරීමත්
 වික්‍රමාන්විත අධිිපතිවාදයේ මැදිහත්වීම් ලෙස දක්වනු හැකිය.

 එපමණක් නොව බණ්ඩාරනායක අවධිය තුල ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීම, ජේ. ආර් ගේ පාලන සමය තුළ ලංකාදීප පුවත්පත රජයට පවරා ගැනීමට මාධ්‍ය වාරණය හා අධිපතිවාදය මොනවට පිලිබිඹු වන සාධක වේ.

ප්‍රේමදාස යුගයේ වික්‍රමය ගැන කතා කරන්නට අවැසිමය. 29 අවුරුද්දකට කලින් කොළඹ එල්ෆින්ස්ටන් ශාලාවේ ප්‍රදර්ශනයට සූදානම් කළ බර්ග්මාන් සිනමා උළෙලට ඇතුළත්ව තිබූ 'ෆැනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර්' සිනමාපටයේ ලිංගික දර්ශන කපා දමන්නට, 'සිංහල බෞද්ධයා' පත්‍රයේ කර්තෘ ධූරයත් - රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ධූරයත් දැරූ නීතීඥ ආර්. පල්ලේවෙලට ඕනෑ විය. උළෙල සංවිධායක තිස්ස අබේසේකර ඒ වාරණයට යටත් නොවී, ඒ චිත්‍රපටය අතහැර සෙසු චිත්‍රපට කොළඹ දී ප්‍රදර්ශණය කළේය. ඉක්බිති, පල්ලේවෙලගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගත්  'දිවයින' පත්‍රය, 'සිනමා පට වාරණය කිරීමට තරම් සිනමාව ගැන ඔබට ඇති දැනුම කුමක්දැ'යි ඔහුගෙන් විමසා තිබිණ. එහෙම දැනුමක් තිබුණේ නම් මේ රස්සාව කරන්නට හම්බවෙන්නේ නැතැයි පල්ලේවෙල කීවේය.එපමණක් නොව ප්‍රේමදාසගේ පාලන සමය තුල  මාධ්‍යකරුවන් ඝාතනය කිරීම,චන්ද්‍රිකාගේ පාලන සමය තුල රූකාන්ත චන්ද්රලේඛාගේ හිස මුඩු කිරීම ආදිය අධිපතිවාදය ප්‍රබල සන්ධිස්ථාන ලෙස දැක්විය හැකිය.

21 වන සියවසේ ශ්‍රී ලංකාවේ පාලනය රැගෙන ගිය මහින්ද රාජපක්ෂද අධිපතිවාදය  රැගෙන ගිය බව නම් හිස මුදුනින් පිලිගත යුතු කාරණාවකි. ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය,ලසන්ත වික්‍රමතුංග වැනි උතුම් ජනමාධ්‍ය වේදීන් ලංකාවට අහිමිවීම මෙකී ඒකාධිපති පාලකයාගේම කටයුත්තකි. ඉන් ඔබ්බට සුදු වෑන් සංස්කෘතිය ලංකාව තුළ එකී වසර ගණනාව තුලම දැකගත හැකි විය. එපමණක් නොව 2015 ජනාධිපතිවරණයට තරග කල එක්සත් ජාතික පෙරමුණේ මෛත්‍රිපාල සිරිසේනයන් තම ඡන්ද ව්‍යාපාරය සදහා "අපි ජනමාධ්‍ය නිදහස උපරිමයෙන්ම දෙනවා,සැමට තොරතුරු දැනගැනීමේ අයිතිය දෙනවා" යනුවෙන් භාවිතා කිරීම තුලම එවකට පැවති පාලනයේ අධිපතිවාදය පැහැදිලිය. ජාතික රූපවාහිනිය,ස්වාධීන රූපවාහිනිය ඇතුලු රාජ්‍ය ජනමාධ්‍යයන් නැරඹූ ඕනෑම අයකුට මෙම අධිපතිවාදය දැකිය හැකිය. මෙම කාල වකවානුවේ සිරස මාධ්‍ය  ආයතනය ගිනි ගැනීම පිටුපස වූ කතාන්දරය ද තවත් අතකින් ඇස් ඇරිය යුතු පැතිකඩක්.

ඉන් ඔබ්බට ගත් කල 2015 බලයට පත් වූ ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ පනතක් පිහිටුවද එයද වාච්‍යාර්ථයෙන් ඔබ්බට නොගියේය.

  1. කේ. කේ. ශ්‍රීනාත් චතුරංගගේ 'බුදුන්ගේ රස්තියාදුව' කෘතියත්, 
  2. අසංක සායක්කාරගේ 'මං කෙළින් මිනිහෙක්' වේදිකා නාට්‍යයත්, 
  3. මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය මාලාවකුත් වාරණය තුල අධිපතිවාදයේ  හිනිපෙත්තටම මෙම කාලවකවානුව ගමන් කර ඇති බව පැහැදිලිය.


මාධ්‍ය නිදහස දෙන ආණ්ඩුව පසුගිය සතියේ රජයට විරුද්ධව කූරගල අරගලය දියත් කිරීම නිසා ලක්ෂ 11ක් සිටි ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් පිටුව ඉවත් කළේය. ජනමාධ්‍යයට පමණක් නොව  අවසානයේ මෙම රජය නව මාධ්‍යද වාරණය කළහ. ඍජු  වාරණ රැගෙන ඒම ප්‍රතික්ෂේප කරන මෙම ආණ්ඩුව  වක්‍රාකාරව බොරදියේ මාලු බානු දැකිය හැකිය.එපමණක් නොව පාස්කු ඉරුදින ප්‍රහාරය සමග රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය  ආයතනයන්ට නිකුත් කල
නිවේදන තුල  මාධ්‍ය ආයතනයන්ට එකී දින තුල පිලිවෙත් පුරන්නට විය. එතැන් පටන් ජනයා සමාජ මාධ්‍යයට යොමු වූ තැන විටින් විට සමාජ මාධ්‍ය තහනම් කරමින් රජය ආගමික මෙන්ම දේශපාලන මුහුණුවරකින්ද තොරතුරු දැනගැනීමේ නිදහස සීමා කළේය.


ලංකාවෙන් ඔබ්බට ගොස්  ලෝකය දෙස බැලූ කළ ගඩාෆි ඇතුල් මැදපෙරදිග නායකයින්  ජනයා යටපත් කල ආකාරය, උතුරු කොරියාවේ කිම් ජෝන් ලෝකයෙන් වෙන් වූ රටක් ලෙස රට පාලනය කරමින් නිදහස සීමා කිරීම දැක්විය  හැකිය. 

ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් වල විවිධ වූ පදනම් වලින් මාධ්‍ය සන්දේශ අධිපතිවාදී යටවනු දැකගත හැකිය. මෙකී තත්වය 70 දශකයේ පටන් ශ්‍රී ලංකාව තුලද දැකගත හැකි අතර අදටත් මෙය ලෝකයේ බොහෝ රටවල් වලට වලංගු වූ සන්නිවේදන සංකල්පයක් ලෙස දක්වන්නට හැකිය.

4 comments:

කාමදූතයන්ගෙන් පලිගත් රූමතිය ගමේ දුප්පත් පවුලක ගැහැනු දරුවකු වූ වින්ද්‍යා ලක්ෂාණි ගේ දෙමව්පියන් දෙදෙනා මිය යන්නේ ඇයි කුඩා කලදීමය. මා ප...