Pages

Monday, September 2, 2019



කාමදූතයන්ගෙන් පලිගත් රූමතිය

ගමේ දුප්පත් පවුලක ගැහැනු දරුවකු වූ වින්ද්‍යා ලක්ෂාණි ගේ දෙමව්පියන් දෙදෙනා මිය යන්නේ ඇයි කුඩා කලදීමය. මා පිය සෙනෙහස නොමැති ඇයට සරණක් වන්නේ ඇගේ අත්තම්මාය. ඇය නමින් සිරිමා විය.වින්ද්‍යාගේ ගම් පළාත වූයේ ඉතා පිටිසර අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය නැමැති ගමයි. කෙතරම් අගහිඟකම්  තිබුණද සිරිමා විසින් වින්ද්‍යා හට ගෙවල් වල බැල මෙහෙවර කම් කරමින්   අකුරු කරන්නට ඉඩ නොදුන්නාය. වින්ද්‍යාගේ මව රූප සම්පත්තියෙන් ඉතා අගතැන්පත් වූ නිසාම වින්ද්‍යාට ද එය නොඅඩුව ලැබී තිබිණි. එමෙන්ම ඇගේ මව යාපනයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වූවාය. සිරිමාගේ පුතා විසින් ගොඩනැගිලි කොන්ත්‍රත්කරුවෙකු පසු පස අත්වැඩ දීමට ගිය අවස්ථාවේ  වින්ද්‍යාගේ මව දැක ඇතිකර ගත් ප්‍රේම සම්බන්ධතාවයකින් පසුව ඇය මැදවච්චිය ගම් පෙදෙස වෙත රැගෙන එන්නට විය. කලක් ඉතා සතුටින් සාමයෙන් ජීවත් වූ ඔවුන්ගේ කැදැල්ලෙහි සතුටු විසිරී යන්නේ වින්ද්‍යාගේ මව සහ පියාගේ අභාවයෙන් පසුවය.

 "දරුවෝ... දරුවෝ... කෙල්ලේ උඹ කොහෙද?"

   "මං මේ කුස්සියේේ අත්තම්මේ"

  "ආ..ආ...මොනවැයි උබ ඔය කොරන්නේ? අහකට වෙයන් මම මේක කොරගන්නම්"

"මට මොකුත් කරන්න දෙන්නෙ නෑනෙ.හැමදාම ඔහොමයි. මාත් ආසයිනෙ උයන්න."

 "ඉස්සෙල්ලම විස්ස විද්‍යාලේ ගිහින් හිටපං. ඊට පස්සේ  බැරිය උයන්ඩ".

 සිරිමා විසින් වින්ද්‍යා කෙරෙහි දැක්වූ ආදරය ලෙන්ගතුකම එවැනිය. අත්තම්මා සමග  ඉතා ප්‍රීතියෙන් ඔද වැඩී ජීවත් වූ වින්ද්‍යාගේ හැදියාවේ ද මව නැති වූවාට කිසිම අඩුවක් වූයේ නැත. ගුණ යහපත්කමින් පිරිපුන් ගමෙහි රූමතිය වූ ඇය කාගේත් සිත් දිනා ගැනීමට ද සමත් වූයේ මේ නිසාය.  උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ඇය මේ වන විට ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වූවාය.

           කාලය කෙමෙන් ගෙවී යමින් මැදවච්චියේේ ගම් පියස වෙත තවත් දිනකට හිරු උදා විය. සෑම ගෙදරකම පාහේ වින්ද්‍යා ගේ ගෙදරද කලබල දිනයක් වූයේ උසස් පෙළ ප්‍රතිඵල පැමිණෙන නිසාවෙනි. උදෑසන ප්‍රතිඵල විමසීමට ගිය වින්ද්‍යාට දැනගන්නට ලැබුණේ විෂයන් සියල්ලටම "A" සාමාර්ථ ගෙන ඇය ඉතා ඉහළින් සමත්ව ඇති වගය. මේ සියල්ල ම තමාගේ අත්තම්මා වූ සිරිමාගේ මහන්සියේ ප්‍රතිඵල වූ නිසාවෙන්ම  කාටත් කලියෙන් අත්තම්මාට පැවසීම සඳහා වින්ද්‍යා පාසලෙන් පිටත් විය. නිවසට වෙනදා  යන මග දුර වැඩි යැයි සිතූ වින්ද්‍යා  තේක්ක කැලෑව මැදින් ඇති මඟ ඔස්සේ නිවසට පිය නැඟුවේ එය කෙටි නිසාත්, මෙම සතුටුදායක ආරංචිය අත්තම්මාට පැවසීමටත්ය.

'' ඒ අර බලපන් කවුද මේ පැත්තට එන්නේ කියලා...''
'' යකෝ... මේ අර සිරිමගේ දූ සිඟිත්ත නේද?''
''ඔවු... මොකද කියන්නේ...? කාන්තාරයට දිය බිදක් වැටුනා වගේ..''
''යමන ඒ පැත්තට..''
''ආ නංගි... කෝ අද ඔයාගේ වලිගේ..... ඇයි අද තනියම?''
'' මොන වලිගේ ද?''
" ඇයි  ඔයාගේ අත්තම්මා.. ඇයිි ඔච්චර හදිසි චුට්ටක් කතා කරමුකෝ''
 ''අතාරිනවා මගේ අත...යන්න දෙනවා මට....''
''කට වහගනින්..... උඹ කෑ ගැහුවට කවුරුත් මෙහාට එන්නෙ නෑ... වරෙන් යන්න...''
 ''අනේ.....! අනේ අත්තම්මා...! කවුරුත් නැද්ද?  අනේ මාව බේරගන්න! අත්තම්මා...''

 ගමේ වාසය කළ රස්තියාදුකාර ඇවතුම් පැවතුම් ඇති මිතුරන් දෙදෙනා තේක්කවත්ත අයිනේ තිබුන පැලට ගෙනගොස් ඇයව මාරුවෙන් මාරුවට දූෂණය කරනවත් සමඟම වින්ද්‍යා ගේ අවසන් හුස්මද වා තලයට මුසු විය.

''දරුවෝ... දරුවෝ.... අනේ මගේ කෙල්ලෙ.. උඹ කොහෙද?  අනේ හාමුදුරුවනේ..''

 සිදුවූ කිසි දෙයක් නොදත් සිරිමා ගමේ අස්සක් මුල්ලක් නෑරම වින්ද්‍යා සොයන්නට විය. වින්ද්‍යා අතුරුදන්වූ පුවත ගම පුරාම පැතිරුණේ ලැව්ගින්නක් මෙනි.

 ''අනේ මගේ කෙල්ල උදේ ඉස්කෝලෙ ඉඳන් ඇවිත් තියෙනවා රූපෝ. ගෙදර යන්න කියලා, මගේ කෙල්ල ඉහලින්ම සමත් වෙලා  කියලා කියන්න.  කෝ ඒත් ආවෙ නෑනේ.''

 දවසක් දෙකක් ගෙවුනත් වින්ද්‍යා ගැන කිසිදු ආරංචියක් නොමැත. කිසිදු හැලහොල්මනක් නොමැති වූ තැන සිරිමා විසින් මේ බව පොලිසියට පවසන්නේ ගම්වාසීන්ගේ උපදෙස් පරිදිය.

කාලය ගෙවී ගියේය.

 '' චාමර, අපි දැන් මොකද කරන්නේ බන්? පොලිසියටත් වැඩේ පත්තු වෙලා. ගම පුරාම හොයනවා. ඒ මදිවට අර කෙල්ලගේ  මිනිය තාම පැල අස්සෙ. කොයිවෙලේ හරි පොලිසිය මිනිය හොයාගන්නවා...''
''අනේ තරිදු පොඩ්ඩක් කට වහගෙන හිටපන්කෝ. මාත් මේ කල්පනා කරන්නේ මොකද කරන්නේ කියලා තමයි.''
'' චාමර අපි ගමෙන් පනිමු බං. වෙන කරන්න දෙයක් නෑ. ඒ දේ විතරයි අපිට කරන්න තියෙන්නෙ. ''


  ''රාලහාමි ගමේ බලන්න තියෙන්නේ තව එක තැනයි.''
  ''ඒ කොහෙද උන්නැහේ? තේක්ක වත්ත විතරයි මහත්තයෝ''
 ''හොඳයි එහෙනම් ඔය කට්ටිය එන්න. අපි බලමු එහෙත්.''

පොලිසියත් සමග වින්ද්‍යා මියගොස් දින හතරකට පසු තේක්කවත්ත සෝදිසි මෙහෙයුම් ආරම්භ විය. ලේ පැල්ලම් කිහිපයක්, වින්ධ්‍යාගේ සපත්තු දෙකත්,  ලේ තැවරුණු වින්ද්‍යා ගේ  පාසල් නිළ ඇඳුමත්, කොණ්ඩය බැඳි රිබන් පටියකුත්  තේක්කවත්ත පැළේ  තිබී හමුවිය. තේක්කවත්තේ තිබී හමු වූ සියල්ල වින්ද්‍යා ගේ බව සිරිමා විසින් හඳුනා ගන්නා ලදී.

'' මේක අපි හිතන තරම් ලේසි පහසු කේස් එකක් නෙමෙයි සාජන්. හිතුවට වඩා ලොකු දෙයක් මෙතන වෙලා තියෙනවා. කෝකටත් දැන්ම මොකුත් විස්තර ගමේ අයට කියන්න යන්න එපා''
'' ඔ්කේ සර්.''
 ''තේක්කවත්තට ආරක්ෂාව යොදන්න. විශේෂයෙන්ම මේ පැලට. ඒ වගේම මේ ගැන විස්තර හොයන්න. පැලට කවුද යන්න එන්නෙ වගේ  විස්තර''
''හොඳයි සර්.''

පොලීසිය විසින් මුළු ප්‍රදේශය ම සෝදිසි කළද මිනිය සොයා ගැනීමට නොහැකි වීම කාගේත් සිත් තුළ කුකුසක් ඇති කරන්නට හේතුවක් විය.වින්ද්‍යා ගේ අතුරුදන් වීමත් සමඟ සිරිමාගේ සිහිය විකල් වන්නට විය .සිරිමා උන්මන්තක ලෙස හැසිරෙන්නට විය.වින්ද්‍යාගේ අතුරුදන් වීමට  මාස අටක් ගෙවෙන්නට විය. වින්ද්‍යා ගේ මතකයද සියල්ලන්ටම අමතක විය.

තවත් දිනකට හිරු උදා විය.

 ''මුදලාලි දන්නවද වැඩක්?''
 ''මොකක්ද  සෝමදාස?''
 ''අර එහා ගමේ ඉන්න කුසුමාගේ පුතා කාටද බය වෙලා කියන්නේ.. කියන විදියට නම් යකෙක් ගහලලු. වැඩේ කියන්නේ කොල්ලා සිහි විකල්ලෙන් කියවන්න අර වින්ද්‍යා  කෙල්ලෙගෙ නමලු."
 ''දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. ඉතිං?''
 ''ඉතිං කියන්නේ,  පන්සලේ ලොකු හාමුදුරුවෝ ඇවිත් පිරිත් නූල් බැන්දට පස්සේලු හරි ගියේ.''

 මේ අතර ගම ගැන  නිරන්තර සෙවිල්ලෙන් සිටි චාමර හා තරිඳු දෙදෙනාට ගමේ තත්ත්වය සාමකාමී වග දැනගන්නට ලැබුණි. ඔවුන් දෙදෙනා නැවත ගම් පියස වෙත ළඟා වන්නට විය.

 ''ගමේ කාටවත් අපි ගැන සැකයක් නැහැ.  දැන් උන්ට ඒ කිසිම දෙයක්  මතක නෑ.සිරිමාටත් කල්පනාව නෑලුනේ.  අපිට දැන් තියෙන්නේ කිසිම දෙයක් නොදන්න ගානට ගමේ ඉන්න. තේරුණාද උඹට?''
''අපි ගැන සැකයක් හිතෙන එකක් නෑ නේද බං?''
''පිස්සුද? අහුවුනොත් උඹේ බය නිසා තමයි.''
 ''බයයි තමා යකෝ. අහස පොළොව නුහුලන අපරාධයක් කරාම බය නොවී ඉන්න පුලුවන්ද? ඇයි උඹත් බයට නෙවේද ගමෙන්  පැන්නේ?''

මේ අතර  වින්ද්‍යා ගේ මරණින් පසු තේක්ක වත්ත මැදින් පාරක් ඉදිවෙමින් තිබිණ.  කොළඹින් ඉංජිනේරුවන්, කම්කරුවන්ව පැමිණ එහි වැඩ ආරම්භ විය. යෙශාන් යනු එහි ප්‍රධාන ඉංන්ජිනේරුවාය.දිනක් වැඩ නිමා වී යන ඔහුට  දැක ගන්නට ලැබුණේ මහමග හඬමින් සිටිනා රූමත් යුවතියකි.

  "නංගිී... නංගි..  ඇයි අඩන්නේ, ඔයා කවුද? ඇයි තනියම?''

තරුණිය මුහුණ උස්සා ඔහු දෙස බැලුවේය.දෙවියනේ මෙහෙම ලස්සනක් හරියට ඉටි රූපයක් වගේ .මෙහෙම ලස්සනක් මං කවදාවත් දැකලා නෑ. ඒත් ඇයි මේ අඬන්නේ ඔහු සිතීය.

 "මේක මගේ ගම අයියේ. අර තියෙන්නෙ මගේ ගෙදර .මේ ගමේ ඇවිදිනකොට මට මොන තනියක් ද?''
" මොකක් අර ඔයාගේ ගෙදර ද? හා හරි  නංගි.  ඇයි දැන් ඔයා ඇඩුවේ?''
 "අයියට  පුලුවන්නම් මේ බෙහෙත මගේ අත්තම්මාට ගෙනල්ලා දෙනවද? ( ඇය රිසිට් පතක් දිගුකරයි) ඒකයි ඇඩුවේ."

"අන්න ඔයාගේ යාළුවො එනවා. අයියේ  ඔයා යන්න. හැබැයි මාව දැකපු බවක් කාටවත් කියන්න එපා. මමත් යනවා"
 "මේ... ඔහොම... ෂිට්.ගියානේ...."


"ආ.. මුදලාලි"
 "අප්පද බොල මේ චාමරලනේ"
 " කොහෙද බං මෙච්චර දවසක් ගිහිල්ලා හිටියේ?''
 "අපිට පොඩි වැඩක් ලැබුණනේ... අපි ඒකට ගියා මුදලාලි. ..ඒක නෙමෙයි මුදලාලි අර සිරිමගේ කෙල්ල අතුරුදන් වුන එකට මොකද උනේ?  පොලිසියෙන් හොයාගත්තද ?''
"මොන පිස්සුද තරිඳුවෝ.  කිසි දෙයක් හොයාගන්න පුළුවන් වුනේ නෑ උන්දැලටත්. හැබැයි ඔය තේක්කවත්ත කැලේ කෙල්ලගේ ඇදුමයි, සපත්තු දෙකයි අඩුම කුඩුකුඩුම ටිකක් හොයා ගත්තා මිසක් වෙන කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා උන්දැලටත් ඕන්''
 "එතකොට ගේ ඇතුලේ තිබ්බ මිනිය?"
 "මොකක්? මොන මිනියද චාමරයෝ?"
 "අහ්... නෑ.. නෑ.. මේ...  මං ඇහුව මිනිය  හම්බවුණේ නැද්ද මුදලාලි?''
 "පොලිසිය සැක කරනවා බං කෙල්ලව කවුරුහරි මරලා කියලා.  ඒත් මිනිය හම්බ උනේ නැති නිසා හරියටම කියන්න බැරිලු.ඒත් ගමේ කීප දෙනෙක් පහුගිය කාලේ රාත්‍රියේ දී ඔය තේක්කවත්ත ලඟදි වින්ද්‍යා කෙල්ල දැකලා බය වෙලා තියෙනවා"
" ඒක නෙමේ උඹල මොකටද ඔච්චර ඕක ගැන අහන්නේ"
" නෑ මුදලාලි අපි කාලයක් ගමේ හිටියේ නෑනේ. ඒකයි අහල බැලූවේ.  අපි එහෙනම් ගිහින් එන්නම්."
"හොඳා හොඳා.''
"මේ චාමර උඹට හොඳටම විශ්වාසයි නේද අපි මිනිය පැලේ දාලා ආවේ කියලා."
 "ඔව් යකෝ."
 "එහෙනම් කොහොමද මිනිය නෑ කියන්නේ බං? මිනියට මොකද උනේ?''
 "ඒක තමා මාත් කල්පනා කරේ."
" මේ අපි රාත්‍රියේ යමුද?  ගිහින් බලමුද?''
 "උඹට පිස්සුද? මුදලාලි කිව්වා මතකද , කට්ටිය තේක්කවත්තේදී කෙල්ල දැකලා බයවෙලා තියෙනවා කියලා."
 ''උඹට බැරිනම් හිටහං. මම ගිහින් බලන්න.""
 "මේ ඇත්තටම උඹ යනවද "
 "ඔව්"
" මං කියන්නේ ඔය ගමන යන්න එපා. ඒත් උඹ මම කියන දේ අහන්නේ නෑනේ පරිස්සමෙන් යමන්."

 ඔහු මිනිය සොයන්නට පිටත් පිටත් වීමත් සමඟ වින්ද්යා ඇගේ පළමු ගොදුර ඩැහැ ගන්නට මාන බැලුවාය.

"ෂික්. පුදුම කලුවරක්. හදිසියට ආවා මිසක් එළියක් වත් ගේන්න බැරි උනානෙ. මතක විදියට මෙතන තමයි මිනිය දාලා ගියේ. කෝ කිව්වා වගේ මුකුත් නෑනෙ."
"උඹ මොනවද හොයන්න උඹ මාවද හොයන්නේ''
" වින්ද්‍යා ..!සිරිමාගේ  කෙලි?"'
 "ඔව් මං. ඇයි අදුරන් නැද්ද අයියේ?  හහ් හහ් හා."
 "උඹේ පණ ගියේ මගේ අතින්නේ. උඹ කොහොමද මෙහෙම ඉන්නේ?''
 ''ඔව්  උබේ  අතින් පණ ගියා වගේම මාව ඉස්සෙල්ලම විනාශ කරෙත් උඹනෙ. මගේ දවස අද. මම පළිගන්නවා. මම මෙච්චර දවසක් බලන්න හිටියේ මේකට."
වින්ද්‍යා වියරුවෙන් කෑ ගසන්නට විය.

"  උඹ පැනලා යන්නද හදන්නේ? උඹට බෑ පැනලා යන්න."'
"අනේ එපා මට මොකුත් කරන්න එපා.''
"  මාත් ඔහොම කෑ ගැහුවා  මතකද?මාත් ඔහොම ඇඬුවා මතකද?''
වින්ද්‍යා ගේ  අත්දෙක කෙමෙන් කෙමෙන් තරිඳුගේ බෙල්ල ලඟට විය.

"උඹ මේ අත් දෙකෙන් නේද මාව ඇල්ලුවෙ?''
 "අම්මෝ මගෙ අත්දෙක"
 " උඹ මේ ඇස් දෙකෙන් නේද මාව බැලූවේ?''
 "අයියෝ මගේ ඇස්දෙක. මට මොකුත් පේන්නෙ නෑ.""

 අවසානයේ  තේක්ක වත්ත මැදදී තරිඳු කාටත් හොරා අවසන් හුස්ම හෙළීය.

"යමු යමු ඉක්මන් කරලා යමු බලන්න."
 "අනේ අප්පේ මේ මොන වින්නැහියක් වෙලාද?''

 වටපිටාවේ ඇහෙන සද්දත් සමග චාමර ද ඒ පැත්තට දුවන්නට විය.

"  කොහේද උඹලා දුවන්නෙ? මොකද වෙලා තියෙන්නෙ?''
 "දන්නේ නැද්ද?තේක්කවත්ත මැද කවුද මරලා දාලා''
 " මොකක්? කවුද කාවද?''


''රාලහාමි මෙතන වටේටම පටි අදින්න. මෙතනට එන්න දෙන්න එපා කාටවත්ම "
"හොඳයි සර්''
 "කව්ද දන්නේ  නෑ නේද මරලා තියෙන්නේ. වට කරලා නිසා බලන්න බෑ .''

''අන්න අර පාර හදන මහත්තුරුත් වෙනවා.''
''මේ  මිස්ටර් කවුද ?'
 ''මම තමයි මේ තේක්කවත්ත මැදින් පාර හදන ප්රොජෙක්ට් එක බාරව ඉන්න ඉංජිනේරුවරයා.යෙශාල් ගජසිංහ''
 ''හොඳයි,  මේ සිද්ධිය ගැන විස්තර මොකුත් දන්නවාද?''
 ''නෑ සර්. මේ  තේක්කවත්තට ගමේ කට්ටිය නම් කියන්නේ පරණ අතහැරලා දාපු එකක් කියලා. . ඒත් එහෙම නෑ. මේකෙ අයිතිකාරයෝ දැන් ඉන්නේ පිටරට. එයාලා මේක රජයට පවරලා.  ඒ අනුව තමයි රජයෙන් මාව මේකට පත්කළේ. වෙන මොකුත් දන්නෙ නෑ  ''
''හරි උවමනාවක් වුනොත් අපි දන්වන්නම්''
'' ok සර්''

ඉන් අනතුරුව පොලිසිය විසින් තරිදුගේ  මිනිය හඳුනාගැනීම සඳහා ගම්මුන් වෙත නිරාවරණය කළ ද එය අඳුරා ගත නොහැකි තරම් විරූපී මට්ටමේ තිබෙන්නට විය. නමුත් ඔහු ඇද සිටි ඇඳුමෙන් චාමර විසින් මිනිය හඳුනා ගන්නා ලදී. ඒ අනුව ඉදිරි පරීක්ෂණ සඳහා ඔහුගෙන්  විස්තර ලබා ගැනීමට පොලිසියට හැකිවිය.

  මේ සියලු සිදුවීම් සමඟ ගම්මුන් ඉතා භීතියෙන් ජීවත් වන්නට විය. සවස හයෙන් පසු කිසිවකු නිවසින් බැහැරව නොගියේය. මේ සියල්ලටම හේතුව වින්ද්‍යා ගේ ආත්මය ගමේ සැරිසැරීම නිසා බව සියල්ලන්ගේම ඒකමතික තීරණය විය. අමනුෂ්‍ය බිය ගම පුරා පැතිරෙන්නට විය. මේ සියල්ල ගම්මුන්ගේ  කටකතා මගින් යෙශාල් ගේ සවනෙහි වැකීමටද ගත වුණේ ස්වල්ප දිනකි.

 මේත් සමගම දිනක් අර සුරූපිනිය දුන් බෙහෙත් තුණ්ඩුව යෙශාල්ට නැවත හමුවිය. ඔහුට එය අරන් දිය යුතු බව මතක් වූයේ එවිටය. ඔහු අනුරාධපුර නගරයට ගොස් එහි සඳහන් බෙහෙත් සියල්ල රැගෙන එම තරුණිය කියූ පරිදි ඇගේ නිවසට ගොඩ විය. එය ඇත්තෙන්ම ගරාවැටුණු කුඩා කටුමැටි නිවසක් විය. ඇගේ අත්තතම්මා යැයි කිව හැකි කාන්තාවක් මෙන්ම තවත් මැදිවියේ කාන්තාවක් ද එහි විය.

'' මේ මහත්තයා කවුද''

 යෙශාල් තමා කවුරුන් ද යන වග හඳුන්වාදීමෙන් අනතුරුව තමා ගෙනා බෙහෙත් අත්තම්මාට දෙන්නට විය. මේ ගෙදර නංගි දවසක් හම්බුනා අත්තම්මා.. පව්, පොඩි එකී මූණත් රතු කරගෙන ආවේ අඬ අඬා බෙහෙත් ගන්න සල්ලි නෑ කියලා'' යනුවෙන් සිදුවූ වූ සියල්ල ඔහු ඔවුන්ට විස්තර කරන ලදී.

අසල්වැසි කාන්තාවක වූ මැදිවියේ කාන්තාව ඔහුට සිදුව ඇති සියල්ල විස්තර කර දීමත් සමගම යෙශාල්ගේ ගත සලිතව හීන් දාඩිය දමන්නට විය. නාගරික පරිසරයක හැදී වැඩුණු ඔහු හොල්මන් භූත ආත්ම යනාදී කිසිවක් විශ්වාස කළේ නැත. නමුත් එහි පිළිගත හැකි මට්ටමේ සත්‍යයක් තිබෙන බව ඔහුට වැටහිණි. ඔහුට එලොව පොල් පෙනුණේ මෙදිනය.

 තරිඳු ගේ මරණයෙන් සතියක් ඉක්ම විය. චාමර එදින කඩේට ගොඩ වී මුදලාලි සමග මෙතෙක් සිදු වූ සියල්ල  කතා කරමින් සිට රාත්‍රී එකොළහට පමණ සෝමේ නම් මැදිවියේ පුද්ගලයකු සමග බීමත්ව ගියේ තවත්  මිතුරෙකුගේ නිවසට යෑම සඳහාය. එදින අමාවක දිනයක් නිසාම ගම පුරාම අන්ධකාරය පැතිරෙමින් තිබෙන්නට විය.  චාමරට අවශ්‍ය වූයේ ඔහුගේ මිතුරකු වූ නිමල් ගේ නිවසට යාමට ය.  තේක්කවත්ත මැදින් ගමන් කිරීමට තිබුණු හෙයින් සෝමේද එම ගමනට හවුල් කර ගත්තේ එහෙයිනි.

නමුදු වින්ද්‍යා ලත් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් බව පසුදා ඉර උදාවත් සමඟම මුළු ගමටම දැනගන්නට ලැබුණි. වාසනාවකට මෙන් සිදුව තිබුණේ වින්ද්‍යා ගේ ඉලක්කය දෘශ්‍යමානව වැරදී  ගොස් චාමර අවසිහියෙන් අංශභාග රෝගියකු වීම පමණි. ඔහුත් සමඟ ගමන් ගත් සෝමෝ හට මේ සියල්ල දැසින් දැක ගැනීමට අවස්ථාව උදා විය.

ඒ සමඟම සෝම විසින් මේ සියල්ල ගමේ හාමුදුරුවන් හට දැන් විය. සිදු ව ඇති සියල්ල හොඳින් අවබෝධ කරගැනීමට උන්වහන්සේටද හැකිවූයේ උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳ යම් තාක් අවබෝධයක් තිබුන නිසාවෙනි.නමුත් මෙහි ඇති බරපතලකම තේරුම් ගත් ලොකු හාමුදුරුවන් විසින් තවත් වෙද මහතෙකු මේ සඳහා සම්බන්ධ කර ගන්නට විය. ඔහුද මේ ශාස්ත්‍රයෙහි උපන් හපන්කම් ඇත්තකු විය.

 කල් නොයවා වින්ද්‍යා ගේ ආත්මයට  සැනසීමක් ලබා දෙන දිනය උදා විය. සියල්ලෝම තේක්කවත්ත මැද්දට එකතු විය.පුංචිරාළ වෙද මහතා ජප කරන්නට විය. ලොකු හාමුදුරුවන් විසින් සීමාවන් ලකුණු කරන්නට විය.  මේ සදහා  වින්ද්‍යාගේ අත්තම්මා ද සහභාගි කර ගන්නට විය. යෙශාල් ද මේ සඳහා සහභාගි වූයේ ඔහුට මේ පිලිබඳ අත්දැකීම් නැති නිසාවෙනුත්, ඇත්තෙන්ම වින්ද්‍යාට සිදුවූ වරද  පිළිබඳව  කණගාටුවෙන් සිටි නිසාවෙනි.

 ශාන්තිකර්මය සඳහා අවශ්‍ය පුවක් මල්, පොල් මල් යනාදිය සොමේ විසින් සොයාගෙන එන්නට විය. ලකුණු කරන ලද සීමාවේ හාමුදුරුවන් විසින් ගොටු තබන්නට විය. හත් මාලුවක්, අල වර්ග හතක් සැකසුණේ ගමේ කාන්තාවන් අතින.  පාට හතකින් මල් වර්ග හතක්, පලතුරු වර්ග හතක්,කැවිලි හතක් මෙන්ම ඖෂධ වර්ග හතක් ද ගම්මුන් රැගෙන එන්නට විය.

තින්පූර් අලු වලින් බිම චක්ර තුනක් ඇන්දේ පුංචි රාළය. ඒ දේව චක්‍රය,දිෂ්ටි බන්ධනය හා මණ්ඩල යන්ත්‍රය වශයෙනි.චක්‍රය මධ්‍යයේ අඹ කොල,පුවක් මල් සහ පොල් ගෙඩි,පොල් මල් සහිත මුට්ටි 3ක් තබා චක්‍රය වැසි යන ලෙස පාට හතක මල් ඉස්සේය. ඒ උඩින් පලතුරු තැබීණ. බැදුම් වර්ග ඊට උඩින් තැබුවේ ද පුංචිරාලය. පූජාව ආරම්භ වීමත් සමග යන්ත්‍රය ඉබේ ජීවන් විය.

පුංචිරාළ වෙද මහතා දුම්මල  ඉසිමින් නොනවත්වා ම ජප කරන්නට විය.  කෙමෙන් වින්ද්‍යා ගේ ආත්මයට අඩ ගසන්නට විය. ගතවූයේ නිමේෂයකි. 

දුමක් ලෙස හමා යන්නට විය. ටිකකින් තද සුළඟකි. විලාපයකි. මහා බියකරු සිනහවකි.  තවත් නිමේෂයකින් ඇඩිල්ලක් ඇසෙන්නට විය.

වින්ද්‍යා,  යෙශාල්  හා අත්තම්මා හමුවට එන්නට විය. ටිකෙන් ටික සියල්ලන්ටම වින්ද්‍යාව හොඳින් පෙණින.ගම්මුන් සියල්ල  හමුවේ ඇයට සිදු වු අසාධාරණය ඇය  පාපොච්චාරණය කරන්නට විය .නමුදු තවමත් ඇය පලිගෙන අවසන් නොගෙන බවත් චාමරගේ මරණය ඇයට අවශ්‍ය බවත් ඇය පවසන්නට විය.

''අනේ මගේෙ දුවේ . ඔයා පළිගන්න එක සාධාරණයි. ඒත් දැන් ඇති මගේ රත්තරන්. ඔයා යන්න සැනසීම හොයන්. ඔයා මේ ලෝකෙට අයිති නෑ."  ඒ අත්තම්මාය.

නමුත් වින්ද්‍යා ගේ මතය වූයේ එය සිදු කළ නොහැකි බවය. ඇගේ අධිෂ්ඨානය වූයේ චාමරගේ මරණයද සියතින්ම සිදු කිරීමය .

නමුත් ලොකු හාමුදුරුවන්ගේ සහ පුංචිරාළ කට්ටඩි රාළගේ වෙදහෙදකම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හමුවේ වින්ද්‍යා පරාජයට පත්විය. ඒ අනුව ඇගේ දේහය මහ වනය මැද ගස් දෙබලක ඇති බවත් එය භූමිදානය කර පින් අනුමෝදන් කර සාංඝික දානයක් දෙන ලෙසත්,  අත්තම්මා බලාගැනීමට අසල්වැසි කාන්තාවක් වූ ඇසිලින් නැන්දාට බාර කරන ලෙසත් ඇගේ අවසන් ඉල්ලීම විය .

පසුව ඇය විදුලි බුබුලක් මෙන් ආලෝක ධාරාවක් බවට පත්ව පිටත්ව  ගියේ  කාගේත් ඇසට කඳුළක් එක්කරමිනි.ඒ අනුව ලොකු හාමුදුරුවන්ගේ හා යෙශාල්ගේ මූලිකත්වයෙන් ගම්වැසියන් සියල්ලගේම මැදිහත්වීමෙන් වින්ද්‍යා ගේ සිරුරෙහි අස්ථි කොටස් සොයා ගැනීමෙන් පසුව එය ගෞරවනීය ලෙස ආදාහනය කරන්නට විය .ඉන් අනතුරුව ගම්වැසියන් සියලු දෙනාම එක්ව සාංඝික දානයක් පිළියෙල කොට  සඟ සතුකොට වින්ද්‍යා ගේ ආත්මය වෙනුවෙන් පැන් වඩන්නට විය .චාමර ද යම්තාක් දුරකට සුවය ලබා තිබුණ ද  ඔහුට අවශ්‍ය දඬුවම් ලබාදීමට පොලිසිය නොපැකිළිව ඉදිරිපත් වූහ.

සියල්ල අවසානයේ නාගරික පරිසරයක හැදි වැඩුණු යෙශාල් ටද ගම්මුන්ගේ විශ්වාස පිලිබද තදින් දැනෙන්නට විය. කිසිදු දිනෙක මෙවැනි දෑ විශ්වාස නොකල ඔහු වින්ද්‍යා ගේ ආත්මය පිලිබද සලිත විය.  ඔහුට පසක් වූයේ  අදටත් වියැකී නොපවතින මෙවැනි දැ තුල සත්‍යයක් ගැබ්ව පවතින බවය.



නිමි

ඒච්.ඒන්  ජයවික්‍රම






Friday, July 26, 2019

නොදත් තතු


දකුණු අප්‍රිකාවේ ඉපැරණි සිතුවම්

කලින් කලට කාලයේ වැලි තලාවෙන් වැසී ගිය දේ ඉස්මතු වීමත්  ඒවා පෞරාණික වැදගත් කමක් ඇති වස්තූන් බවට පත් වීමත් සුලභව දැකගත හැකිය.. පෞරාණික බොහෝ දේ මේ වන විට විවිධ ගවේෂණ මගින් සොයා ගන්නා අතර එයින් අතීත  සමාජයේ මාවත් ගණනාවක් විශාල වේ. මේ එලෙස සොයාගත් තවත් මානව ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක්.


 දකුණු අප්‍රිකාවේ භූගර්භ විද්‍යාඥයින් පිරිසක් ව්‍රෙඩෙෆට් ආවාටය ආශ්‍රිතව කැණීම් කටයුතු ආරම්භ කර තිබුණේ එහි පාංශු ව්‍යුහය හා අවට පරිසරයට ඉන් සිදුවන බලපෑම අධ්‍යයනය කිරීම සඳහා යි. එහිදී  ඉතා අහඹු ලෙස හමු වූ ඉපැරණි ගුහා සිතුවම් කිහිපයක් නිසා ඔවුන්ගේ පරීක්ෂණ වෙනත්ම මඟකට යොමු වී තිබෙනවා. විවිධ සතුන් නිරූපිත මේ සිතුවම් වසර 8000ක් පමණ පැරණි යැයි නිර්ණය කොට තිබෙන අතර, ඒ අනුව එම ප්‍රදේශයේ මුල්ම ජනාවාසකරණය මේ ආවාටය ආශ්‍රිතව සිදුවන්නට ඇති බැව් දැන් වන විට විශ්වාස කෙරෙනවා.


මෙම ආවාටයේ කොටසක ඇති ගුහාවක ඇඳ තිබී හමු වු මෙම සිතුවම් එහි බිත්තිය සීරීම මඟින් ඇඳ තිබෙනවා. මෙම සිතුවම්වල සතුන් තිදෙනෙක් දැක්වෙන අතර ඔවුන් හිපපෙටේමස්, අශ්වයා, හා රයිනෝසිරස් වෙනවා. මේ සියළු සත්ත්වයින් දකුණු අප්‍රිකාවෙන් හමු වී ඇති වසර 8000 පමණ පැරණි අනෙකුත් චිත්‍රවල බහුලව අඩංගු අතර මේවා දකුණු අප්‍රිකාවෙහි 'පළමු වැසියන්' ලෙස හඳුන්වන 'කොයි-සාන්' මිනිසුන් විසින් අඳින ලද ඒවා ලෙස සැලකෙනවා. මේවා වැසි යැදීම සඳහා ඔවුන් විසින් පවත්වන ලද උත්සවවලට අදාල බවට විශ්වාස කෙරෙනවා. වර්තමානය වන විට පර්යේෂණ පැවැත්වෙන්නේ මේ සිතුවම් ඇඳි ස්ථානවල ඇත්තෙන්ම එකල සිදු වූයේ කුමක් ද යන්න හා මේවා ඇඳීමට කොයි සාන් ජනයා පෙළැඹුණේ ඇයි ද යන්න නිසි ලෙසම තහවුරු කරගැනීමට යි.

මෙම ඉපැරණි සිතුවම් හමු වී ඇති ලෙන සහිත ආවාටයේ කොටස හැඳින්වෙන්නේ 'ග්‍රැනොෆයර්' ප්‍රාකාරය ලෙසයි. මෙය සැතපුම් 6ක දිගකින් යුක්ත වන අතර අඩි 16ක් තරම් පළලින් යුක්ත වෙනවා. මෙය සෑදී ඇත්තේ ග්‍රහක ඝට්ටනයෙන් පසුකාලීනව යි.

වසර 8000ක් පැරණි මේ සිතුවම් ඇඳ ඇත්තේ උක්ත ප්‍රාකාරයේ බිත්තිය ලෙස ඇති රතු පැහැති පාෂාණය මත යි. ඇඳීමේන් විශාල කාලයක් ගත වීම නිසා ඒවා සෑහෙන තරම දුරකට වියැකී ගොස් තිබුණ ද වර්තමානය වන විටත් හොඳින් හඳුනාගත හැකි මට්ටමක තිබෙනවා. විශේෂයෙන් මේ සියළු සිතුවම්වල සතුන්ගේ හැඩයන් හොඳින්ම හඳුනාගත හැකි ලෙස ශේෂ වී තිබෙනවා. මේවා ඇඳ ඇති ප්‍රාකාරයත් පැරණි කොයි සාන් ජනයා විසින් වන්දනාමාන කළ 'වර්ෂාවට අධිපති නාග දේවතාවා' ගේ හැඩයට ආසන්න ලෙසම නිමැවී තිබෙනවා. මෙම දේවතාවාට නිතිපතා කන්නලව් කිරීමෙන්, කලට වර්ෂාව ලැබී බවභෝග සම්පත්තියෙන් රට පිරී යන බවට ඔවුන් තුළ තදබල විශ්වාසයක් තිබී තිබෙනවා.

Sunday, July 21, 2019

අපි කන විෂ



මා.. රටේ ප්‍රදාන නගරය වන කොළඹට පැමිණි අතර ඒහිදී උදෑසන ආහාර ගැනීමට සිංහල කඩයකටම ගොඩවිය. ඇණවුම පරිදි කෑම ගෙනැවිත් දුන්නෙමි මේසයට වේලාසනම මා ඔවුන්ට කියුවා මස්මාංශ අඩංගු ආහාර හෝ පොල්සම්බල් නොමැතිව ගෙනෙනා ලෙස. පොල්සම්බල් කීවට ඒවා කිරි සම්පූර්ණයෙන් ඉවත් කෙරූ පොල්කුඩු නිසා ඇගේ ලේ පුළුස්සා ගැනීමට මා අකමැති නිසා කිසිදා අවන්හලකින් පොල්සම්බල් කන්නේ නැහැ. බත්පතේ ඇත්තේ කෑලි මිරිස් විශාල ප්‍රමාණයක් දැමූ කංකුන් තෙම්පරාදුව සහ පරිප්පු සහ සුදු බත් පමණි මා පරිප්පු කන්නේද නැති බැවින් කෑමට ඇත්තේ කෑලි මිරිස් දැමූ කංකුන් සහ සුදු බත් පමණි. ඉතින් මේමාරක කෑලි මිරිස් තෝරා බේරා ගැනීමට මට විනාඩි 7 ක් පමණ ගතවිය පසුව එය හිමින් ගිල දමා කඩිනමින් එළියට පැමිනියේ මහත් දුකකිනි.

හොදින් බලන්න මේ කුඩා බත් පතේ ඇති සුළු කංකුං ප්‍රමාණයේ අඩංකු කෑලි මිරිස් ප්‍රමාණය කොතෙක්ද කියා. අප ආමාශයේ සහ අඩි 21ක් දිගැටි අන්ත්‍රයේ මේවා ඇලීමෙන් එහි බිත්ති කාදනයවේ. මන්ද කෑලිමිරිස් යනු මිරිස් පොතු සහ මිරිස් ඇටයි මේවා ඇළුනු පසු පහසුවෙන් ගැලවී නොයයි. දින ගනන් පවා ඇලී තිබේ. ඒහේතුවෙන් ඒ ඒ ස්ථාන කාදනයවී ඇතිවන ආසාදන හේතුවෙන් විශාල වේදනාවක් ඇතිවේ. නමුත් ශරීර අබ්‍යන්තර වේදනාවක් නිසා නිස්චිතව කොතනකදැයි අවබෝද නොවේ. ඇතැමුන්ට පපුවේ වේදනා ලෙස තවෙකෙකුට බඩේ වේදනාලෙසත් දැනේ. මෙය මනසට මහත් පීඩාකාරී බැවින් මානසික ඒකාග්‍රතාව බිද වැටේ. ආතතිය ඉහලයයි. ඒවගේම තරහව කේන්තිය උස්සන්නවේ. ශිරුරේ උශ්ණත්වය ඉහල යනවා වගේම ඒ හෙතුවෙන් දරුපල අහිමිවීම් සරුබව හීනවීම මතක ශක්තිය අඩුවීම ඇතිවේ.

බොහෝදෙනා ඉහත තත්වයන් බඩේ ඇසිට් රුදාව එහෙමත් නැතින්ස්ම් අම්ල පිත්ත රෝගයැයි වැරදි වැටහීමෙන් වසර ගනනින් බෙහෙත් බොයි. ඇතැමුන්ගේ අන්ත්‍රයේ ආසදිත කොටස් කපා ඉවත් කොට බද්ද කිරීම්ද සිදුකරයි.

රටපුරා සෑම අයෙකුම පෙලෙන මේ රෝගයට ප්‍රදානම හේතුව කෑලි මිරිස් බැවු මා පර්යේශන මගින් තහවුරු කරගත්තෙමි ලෝකේ බොහෝ රටවල මෙය කැමට නොගත් අතර අප රටේ පැරැන්නන්ද කෑලි මිරිස්,හෝ රතු පැහැවූ මිරිස් නොකෑවේය. බොහෝ දෙනෙකු මේ කෑලි මිරිස් එක්කර ගන්නේ එයින් කිසිදු රසෙහි වෙනසක් සිදුවන නිසා නොවේ අනෙකා කරන නිසාත් අලංකාරය නිසාත් පමණි. අද ජාතියම විදවන්නේ අර්තයක් නොහැදින අනිකා කරනා දේ කිරීමෙන් බවද කිව යුතුයි.

ඔබට අවැසි බැදුමට තෙම්පරාදුවට අමු කොච්චි හෝ ගම්මිරිස් ප්‍රමාණවත් ලෙස එක්කර ගන්න. එයින් මේ බයානක වසංගතයෙන් මිදීමට ඔබට හැකියාව ලැබේ ඔබලා උජාරුවට කන චිලීෆේස්ට් නැමැති දෙහිද ඇත්තේ මේ කෑලි මිරිස් සහ ඉස්සන්ගේ ඉවත් කල හිස් කොටස් සහ මස්, බදින ලද තෙල්, අජින මොටෝ පමණි. ආමාශයේදී මේ කෑලි මිරිස් වල මිරිස් ඇට හෝ කැබලි දිරන්නේ නැත. මලපහ සමග එලෙසම පිටවේ. ඇතැම්විට අද කෑ කෑලි මිරිස්, කැබලි දින ගනනකට පසුව මලපහ සමග පිටවේ. එයින් ඔබට,වැටහේ අමාශයේ හෝ අන්ත්‍රයේ කොතෙක් තියුනු ලෙස මේවා තැවරේද කොතෙක් වේලා ආමාශ බිත්තියට හෝ අන්ත්‍ර වලට මෙයින් හානි පැමිණේද කියා.

උපුටා ගැනීමකි.

Saturday, July 20, 2019

දැනුමට යමක්

THE LANGUAGE TREE


ලෝකය තුල භාවිත වන භාෂා ගණන මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. ඒ නිසාම ලෝකයේ භාවිත වන සියලුම භාෂා  හා ඒවායෙහි සම්භවයන් හා ඒ ඒ භාෂාවන්ට අදාල රටවල් වලින් භාෂාව සදහා  හිමිවන ස්ථානය ලියා නිම කළ නොහැකිය. එනිසාම  Emmanuel Gobry විසින් මෙය සිතුවමට නගා ඇත. මේ එකී සිතුවමයි.  ඒ ඔස්සේ ඉතා පැහැදිලිව ඕනිම අයකුට භාෂාවන් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිය.




ඔහු  Language of the Future යන තේමාව ඔස්සේ The Language Tree ලෙස මෙය නම් කර ඇත.

Friday, July 19, 2019

ආදිවාසී ආහාර


ආනම් පොජ්ජක් කැවිල්ලානමු





මහම කැච්චක් කොදමයි 🙏

පටන් ගත්ත තැනම මොකක්ද මේ කිව්වේ..මේ අපේ ආදිවාසීන්ගේ භාෂාවෙන් ආයුබෝවන්  කිව්වේ.

 කව්ද බොලේ ආදිවාසීන්.. ඔව්.. කාලයක් යද්දී ආදිවාසී පොජ්ජ ගැන දන්නේ නැති උදවියත් ඉදී තමයි.. ඇයි ඉතින් දැන් ඉතිරි වෙලා ඉන්නේ හත් අටසීයක් නොවැ.

සමහරු posh වෙලා.සමහරු රටෙනුත් ගිහින්.ඉන්න උදවියත්  modern  වෙලා. ඉතින් කෝමෙයි අපි ආදිවාසීන් ගැන දැනගන්නේ..

ඉතින් ඉන්න උදවියගෙන් මන්දා කරගත් දේ තමයි දැන් මේ කියන්ට හදන්නේ..

ලෝකේ තියන මොන කෑම කෑවත් ආදිවාසී කෑම චුට්ටක් කන්න දඹානටම මංගච්චන්ට එපායැ..  ඒ නිසා ගෙදරම හදාගන්ට තියනවා නම් කොච්චර එකක්ද? එහෙනම් බලන්ටකෝ මේ විදියට හදලා....
මේ කෑම පොජ්ජ හදාගන්ට හරි ලේසි. මොකෝ ආදිවාසීන්ට ඒ කාලේ මේ වගේ කැටයම් තිබුණේ නෑ නොවැ.


පිටි පොජ්ජක් මන්දු කරගෙන තැරිපොජ්ජේ පොතු පොජ්ජක් හැදුම් පොජ්ජ මන්දු කරලා ගුලි පොජ්ජකුත් මන්දු කරලා ආනම් පොජ්ජක් එක්ක කැවිල්ලානමුද ???

කැවිල්ලාන බඩ උච්චා දමන වෙලා පොජ්ජට පොතු පොජ්ජ ගුලි පොජ්ජ ආනම් පොජ්ජ තමයි කැවිල්ලාන්නෙ

තේරුණේම  නෑ නේද? මොනවා නැතත් දඹාන පොජ්ජට මංගැච්චුවා වගේ   ෆීලිං එකක් ආවද?  කොරන්ට දෙයක් නෑ ඉතින්  වවුලගෙ ගෙදර ආවා නම් එල්ලිලා ඉන්ටත් එපැයි.

මෙන්න මෙහෙමයි...

පිටි ටිකක් අරගෙන කුරහන් රොටියක් හදාගෙන කුරහන් තලපත් හදලා ආනමක් එක්ක කමුද කියලයි ඇහුවේ.

දෙවෙනියට කිව්වේ බඩගිනි වෙන වෙලාවට රොටි තලප ආනම එක්ක තමයි කන්නෙ  කියලා

දැන් තේරුණානි..

මේ කියන්ට තනන්නේ  ආදීවාසීන්ගේ ප්‍රධාන ආහාර වේලට එකතු වෙලා තිබ්බ කෑම ටිකක් ගැන.

කුරහන් රොටි කියන්නෙ ඒ ඇත්තන්ගේ ප්‍රධාන ආහාරයක්. මේකට ඕනි වෙන්නේ..
පොල්,
කුරක්කන් පිටි,
ලුනු.
දැන් ඒ ඔක්කොම වතුර යොදාගෙන . පිටි ගුලි ලෙස සාදාගන්නවා. ඊලගට කෝටු වලින් සෑදු දැලක් වැනි තට්ටුවක් උඩ තුනි කොරනවා. අන්තිමටු තුනී කොරපු  රොටිය  පුච්චගත්තා.
ඔහොම පුච්චගත්ත රොටිය  මීපැණි ඩිංගත්තක් එක්ක මන්දෝ කරාම පංකාදු පහයිලු.

දැන් කියන්නේ කුරහන් තලප ගැන. මේකට ඕනි වෙන්නේ ලුණුයි කුරහන් පිටි..
දැන් ගන්ටකෝ හොද මුට්ටියක්..දැන් ඕකට  වතුර දාලා  උණු කරගන්ටකෝ.  දැන් මේ මුට්ටියට කුරහන් පිටි,  ලුනු ටිකක් දාලා  කලවම් කරගන්ටකෝ.
ඕන් දැන් ටික වෙලාවකින් කුරහන් තලපය නිසි පදමට එනව නේ. ඊටපස්සේ  තද ස්වභාවයට එන තලපේ ලිපෙන් බාගෙන වතුරෙන් තෙමාගත් හැදි දෙකක් බාවිතයෙන් බෝල ආකාරයට කුරහන් තලප හදාගන්ටකෝ.

කුරහන් තලප නිකන් මන්දෝ කරන්ටය.

දැන් හදමුකෝ ආනමක්.
ආනම කියන්නේ තලප කන්ට හදන හොද්දට.

 ආදිවාසීන් නම් ඒ සදහා විවිධ ද්‍රව්‍ය භාවිතා කළා.
පියලි කෙරු මුං ඇට
මෑකරල්
බිම්මල් හෝ ගහලගොඹ
වට්ටක්කා දළු වැනි දෑ මෙන්ම දඩමස් වලින් තමයි ආනම හදාගත්තේ.


දඹාන පොජ්ජේ කෑම හැදුවේ සරලව.

ආනම හදන්ට ගන්න දඩමස් වලට මිරිස් ලුනු මෙන්ම ඇඹුල සදහා සියඹලා හෝ ගොරකා වගේ දේවල් විතරයි ඒ පොජ්ජේ ඇත්තෝ එකතු කරේ. ආනමේ උකුව තියාගන්ට විතරක් ඕන් කුරහන් පිටි ඩිංගිත්තක් වතුරෙන් දිය කරලා මන්දෝ කර ගත්තා.

දැන් ඉතින් තලපෙයි මේ හොද්දයි  ඔක්කොම කැවිල්ලාන්ටයි තියෙන්නේ.



Thursday, July 18, 2019

සිපිරිගෙදර සිට ලබාගත් උපාධිය



උගත මනා ශිල්පයමයි මතු රැකෙනා !
_________________________________________

මරණීය දණ්ඩනය නියමව වැලිකඩ බන්ධනාගාරයෙහි රඳවා සිටින ඉන්දික බමුණුසිංහ නැමති නේවාසික රැඳවියා මීට වසර කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරය තුළදී උසස් අධ්‍යාපනය හදාරා තම ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්තා.

මේ වන විට එම රැඳවියා ඔහුගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කර සිටින අතර ඔහුගේ උපාධි ප්‍රදානෝත්සවය පසුගිය 11 වනදා පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන අතර ඔහු එම අවස්ථාව සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.

බන්ධනාගාර ගතව සිටියදී උසස් අධ්‍යාපනය ලබමින් ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථමයා මෙන්ම ලෝකයේ පස්වැනියා ලෙස ලක්මිණී ඉන්දික බමුණුසිංහ ලෝක වාර්තා පොතට ද එක් වූයේය.

මොහු ප්‍රකට ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දණ්ඩනය හිමිවී බන්ධනාගාරගතව සිටින අයෙකි.

ඉන්දික 2016 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර අයදුම්කරුවකු ලෙස ලියාපදිංචි වී සිංහල, බෞද්ධ සංස්කෘතිය, සමාජ විද්‍යාව සහ අපරාධ විද්‍යාව විෂයයන් හදාරමින් ශාස්ත්‍රවේදී උපාධිය සමත්ව තිබෙනවා.

ශාස්ත්‍රපති උපාධිය සඳහා කැළණිය විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වූ ඔහු හදාරන ලද විෂයන් වූයේ සමාජ විද්‍යාව, සමාජ පර්යේෂණ, සංවර්ධණ සමාජ විද්‍යාව, සාමාජීය සංස්කෘතිය, සංයුක්ත සමාජ විද්‍යාව හා සමකාලීන සමාජ විද්‍යාව යි.

ඔහු සිය ශාස්ත්‍රපති උපාධියට සැකසූ නිබන්ධනය ‘ලංකාවේ සංවිධානාත්මක අපරාධ’ යන්නයි.

නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලක පාසලක අධ්‍යාපනය ලැබූ ඉන්දික ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරික්ෂකයකු ලෙස සේවයට එක්ව සිටි අතර ඉන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධියට 2012 වසරේ දී ලියාපදිංචි වූවද දෛවයේ සරදමකට ඔහුට යන්නට වූයේ සිපිරිගෙදරටය.

Wednesday, July 17, 2019


වීදියක කෙළවර



දහසකුත් දෙනා ඇවිද යන
වීදි කොනක
සැදෑ අදුර අතරින්
සිතුනි නවතින්නට මදක්
බලන්නට ,
ඔබ වත මත මැවුණු
සියුම් රටා
එය නොදත් ඔබ, පසු කර ගියද
මා
නැත වෙහෙසක් මා සිතට
නම්
ඒ මනරම් රූ , මවා විදින්නට රස
මා සිත
තවත් ඉල්ලයී
හෝරාවක්.............,

දුවති සමහරු කලබලේ
පෙන්වමින් තමා සතු බලේ
කෙනෙකු සිනා සෙයි හඩ නගා
නැගිට සිට තවකෙකු නසා..
අයෙකු , නෙත් අයා සිටියි
මහ පොළව දෙස බලා
හිස්කමින්..
බලාපොරොත්තු ඇති මිනිසුන් ද,
යති විගහහින්
තවකෙකු පසු කරන්..,

රුපියල , ශත සොයා වෙහෙසෙන
මහා වෙළදුන් අතර ,
සිටියි
ඒ රුපියලම සොයා සිගමන් යදින්නන්ද
තවත් කොනක....,

වීදි කොනෙහි මාත් හිදිමි බලා
වීදියෙහි මේ ජීවන රිද්මය අසා
ලෝ දහම දෙස නෙත් අයා
කවුද හරි මේ ලෝකයෙහි...,

නිහඩ අදුරේ ,
රහසේ පෙම් බස් දොඩනා පෙම් යුවල
දුටු විට දිවෙයි ..
මා සිතද අතීතයට ,
සිතෙයි
ඔබෙ නෙතු යුග වසා
අදින්නට සිත්තමක්
පින්සලක ගෑ සායමින්....

රගහළක් වැනි ජීවිතයෙහි
නිවෙන , දැල්වෙන
විදුළි එළි
වේදිකා මත දග කරද්දී
මද අදුරේ
ඔබට රහසින්
කෙටි හෝරාවක්
මා නෙත් දුටුවෙමි
ඔබ නොදත්.......... ඔබවම.....

                             

Tuesday, July 16, 2019

පින්බර ඇසල පොහොය අදයි

තෙරුවන් සරණයි.
ඓතිහාසික, ආගමික හා සංස්කෘතික සිදුවීම් ගණනාවක් සිදු වු උතුම් වූ ඇසල පොහොය දිනය අදයි.මෙය සමස්ත ලෝකවාසී බෞද්ධයාට මෙන්ම    ලක්වැසි බෞද්ධයාටත් වැදගත් වූ පොහොය දිනයක්. 



බෝසතාණන් වහන්සේ බුද්ධත්වය නම් වූ ශ්‍රේෂ්ඨත්වයට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පාරමී දම් පුරා පස් මහා බැලුම් බලා පශ්චිම කාලයේ දී තුසිත දෙව් ලොවෙන් නික්මී මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

වෙසක් පොහොය දිනයේ ඉපදි සිදුහත් බෝසතාණෝ  සතර පෙර නිමිතීන්හි පැවිදි රුව දුටුවේත් රාහුල කුමරුගේ උපත සිදුවූයේ ත්  ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

ගිහිගෙය කලකිරුණු බෝසතාණන් වහන්සේ  ගිහිගෙයින් නික්මීම සිදුවූයේද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

 බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්විම සිදුවූයේත් ඒ අසා  කොණ්ඩඤ්ඤ තාපසයාණෝ සදහම් සිසිලසින් සැනසී මඟ ඵල ලබා අඤ්ඤා කොණ්ඩඤ්ඤා වහන්සේ වූයේ අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

 බුද්ධත්වයෙන් හයවන වසරේ ගණ්ඩබ්බ රුක්මුල්හිදී බුදුරදුන් තීර්තකයන් දමනය කිරීමට යමාමහ පෙළහර පෑවේ ත්  බුද්ධත්වයෙන් හත්වන වර්ෂයේදී තව්තිසා දෙව්ලොවට වැඩම කළ සම්බුදු හිමියෝ තමන් වහන්සේ මෙලොවට ජනිත කරවා සත් දිනක් රන් කිරි කට ගෑ පින්බර මෑණියන් වූ මාතෘ දිව්‍ය රාජයාට විජම් බණ දේශනා කරමින් දහම් ඇස පහළ කළේ අද වැනි දිනකදීය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක ඇවෑමෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් රහතන් වහන්සේ සමඟ රජගහනුවර වේහාර පර්වතයේ දී ප්‍රථම සංඝායනාවට මූලික පියවර තැබුවේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

ශ්‍රී ලාංකිකයන්ට මෙම පොහොය වැදගත් වන්නේ
 බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහ සෑ රදුන් තැනීමේ සමාරම්භක උළෙල පවත්වා මගුල් ගල තැබීම සිදු වූයේත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා බු.ව 2296  දී ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේත්,  අරිට්ඨ කුමරු සහ සිංහලයන් 56 දෙනෙකු තුම්බුරු සීමා මාලකයේදී උපසම්පදාව ලැබුවේත් ඇසල පොහෝ දිනයකයි.

ලංකාවේ දෙසැටක් රහතන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය හා විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.


දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීම සිදුවූයේද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

 ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්‍රීයෙන් බබළන්නෙ ඇසළ සමයටයි.

මේ අතර ඇසල උත්සවය වෙනුවෙන් බෞද්ධයාගේ 
අසම සම පූජනීය වස්තුවක් වන දළදා සමිඳුන් ප්‍රදර්ශනය කෙරෙනා පෙරහර ඇරැඹීම, රත්නපුර, දෙවිනුවර දේවාලයන්හි ඇසල පෙරහැරද පැවැත්වේ.
එසේම  මහනුවර, බෙල්ලන්විල මෙන්ම කතරගම පුදබිමෙහි වාර්ෂික පින්කම් මලාව හා අවසන් මහ පෙරහැරට මුළු ලංකාවේම බෞද්ධයන් සැදැහැ සිතින් සහභාගි වී භක්තිය උපදවා ගන්නේද මේ සමයේදියි.

Monday, July 15, 2019

ෆේස්බුක් ශීලය

"හෙට නම් මන් දවසම ඔන්ලයින් නෑ.සිල් ගන්න යන්න හිතාගෙන ඉන්නේ ප්රෙන්"
"උබලා මාව හෙව්වාද?සිල් ගන්න ගියා බන්."
"මම හෙට සිල් ගන්න යන්න ඉන්නෙ."
".සිල්ගන්න යන්න හිටියෙ නින්ද ගියානෙ ...
හවස ඔන්ලයින් නැත්නම් මම පන්සල් ගිහින්..."



පොහොය දිනයක් අත ලග එන විට මේ සමාජ මාධ්‍ය විශේෂයෙන් ෆේස්බුක් තුළ දැකගත හැක්කකි. මෙවැනි post නිරන්තරව තනි පුද්ගල වශයෙන් තම ගිණුම් තුල වත්මන් තරුණ පරපුර හුවමාරු කිරීම සමාජ ප්රවණාවක් බවට පත්ව ඇත්තේ සැබැවින්ම ආගමකට ද පහරක් එල්ල කරමිනි. වසරකට පොහොය 12කි. ඉන් දවසක් හෝ සිල් ගැනීම පොහොයට පන්සල් යාම තමන්ගේ අභිමතයකි. නමුත් මසකට ලැබෙන මෙම එක් දිනයත් හෑල්ලුවට ගැනීම ආගමක අනාගත පරිහානියක්.

අන් ආගමිකයන් සියලු කටයුතු නවතා මසකට දින 4 ක හෝ තම ආගම වෙනුවෙන් කැප කරති. නමුත් බෞද්ධයා ට එක් දිනයත් විහිළුවකි.


ශීලය යනු කුමක්ද?
ශීලය වූ කලී  හික්මීමයි. සංවරයට පත් කිරීමයි. ශීලයේ පිහිටීම ප්‍රශ්න නිරාකරණයට මාර්ගය යි.

"සීලේ පතිට්ඨා ය නරෝ සපඤ්ඤෝ"

මනා නුවණැත්තා ශීලයෙහි පිහිටයි. ශීලයෙහි පිහිටා සමාධියත් ප්‍රඥාවත් වඩයි. ශීලය ඇති තැන ප්‍රඥාව ඇත. ප්‍රඥාව ඇති තැන ශීලය ඇත. සිල්වතාට නුවණ ඇත. නුවණැත්තාට සිල් ඇත. මල් සුවඳ උඩු සුළඟට නො හමයි. සත් ගුණවතුන් ගේ සිල් සුවඳ උඩු සුළඟේ පවා හමයි. ශීලය තුළ ප්‍රධාන වශයෙන්ම පාපයට හා ලජ්ජාවට බිය පවතියි. ශීලය ධනයකි. සතුන් මැරීමෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, රහමෙර පානයෙන් වෙන්වූයේ වේ ද එය ශීල ධනයයි.

 සිල් සුවඳ සැම සුවඳකටම වඩා උතුම්. සඳුන් සුවඳ, මල් සුවඳ ආදී දෑ අතුරෙන් සිල් සුවඳ ඉතා අගනේය. සිල් සුවඳ දෙව්ලොව පවා පැතිරෙයි. ( ධම්ම පදය පුප්ඵ වග්ගය, 12, 13 ගාථා බලන්න ) සිල් රැකීමට කාලයක්, දිනයක්, වයස් භේදයක් නැත. ගිහියා ගේ නිත්‍ය ශීලය පංච ශීලයයි.

වාචානං සමෝධානං ශීලං
කය වචන දෙකෙහි සංවර බව ශීලයයි. සිල්වත්කම සිතෙහි ඇතිවන කෙලෙස් දැවිලි සංසිඳුවා සීතල කරන හෙයින් ශීලය යැයි කියනු ලැබේ.

ශීලය දෙවදෑරුම්ය.
1. චාරිත්‍ර ශීලය
2. වාරිත්‍ර ශීලය

චාරිත්‍ර යනු හැසිරීමයි. ගුරුවරුන්ට, දෙමාපියන්ට මෙන්ම දාගැබ්, බෝධි ආදියට සැලකීම සහ වත් සම්පන්න වීම චාරිත්‍ර නම් වෙයි.

වරදින් වැළකීම වාරිත්‍ර නම් වෙයි. වාරිත්‍රයෙන් තොරවූ විට චාරිත්‍රයක් නැත. සැලකිය යුතු අය, නො සැලකිය යුතු අය, තැන නොතැන නොදැන හිතුවක්කාරි ලෙස හැසිරෙන අය තුළ චාරිත්‍රයක් නැත.
වරදින් වැළකීමට නම්, සිත කීකරු කරගත යුතුය. පළමුව හොඳ සිරිත් පුරුදු කර ගෙන ශීලාචාර විය යුතුය. එවිට ප්‍රාණඝාතාදියෙන් වැළකී චාරිත්‍ර සම්පන්න සිල්වතෙකු වීමට පුළුවන. චාරිත්‍ර වාරිත්‍රාදී වශයෙන් ශීලයෙහි නොයෙක් ප්‍රභේද ඇත. ඒ ශික්‍ෂාපද සංඛ්‍යාව වශයෙන් සහ අංග වශයෙනි.
ශීලයෙහි ප්‍රභේද
1. පංච ශීලය
2. අෂ්ඨාංග ශීලය
3. බ්‍රහ්මචරියා පංචමක ශීලය
4. ඒක භක්තික ෂට්ක ශීලය
5. ආජීවාෂ්ටමක ශීලය
6. දශ ශීලය
7. සාමණේර ශීලය
8. උපසම්පදා ශීලය යනුවෙනි.

ඉදින් මෙවන් වූ ශීලය තරුණ පරම්පරාව මෙලෙස හෑල්ලුවට ලක් කිරීම අගනේ ද? සංවර බවින් තොර වූ ශීලයක් නොමැත්තේය. ඉදින් තමාට දෙයක් කළ නොහැකි විය හැකිය. එසේ නම් එය සමාජ මාධ්‍ය තුළ අන් කෙනෙකුගේ දර්ශනයක් හෑල්ලු කිරීම ගැළපේද?

Sunday, July 14, 2019

සයිබර් පෙම

මුහුණු පොතට 
පෙම් බැද 
පටලවාගෙන සිත්
රූපයට... 
ප්‍රේමයෙන් වශී වුණ
සංකර දස්කොන්ලා
නූතන ප්‍රමිලාවන් ද,..
කඩා සීමා බන්ධන 
ලබන්නට ලොව වින්දන 
වියරු වැටිලා රංගනයට
තහනම් තානායමකට
ආදරය පූජා කොට..
බේරි බේරි වැටෙන 
කදුළු පොදි 
ගොඩ ගසා.. 
වරද කොතැනදැ යි 
විසදුමට තතු සොයයි
සයිබර් අවකාශයෙන්ම....

                                     

Friday, July 12, 2019

  • අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය


සන්නිවේදන වර්ගීකරණයේ ප්‍රමුඛස්ථානය හිමිවන්නා වූ  සන්නිවේදනය නම් අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයයි. පුද්ගලයා තුළම සිදුවන සන්නිවේදන ක්‍රියාවලියක් වන මෙතුල තීරණ ගැනීමට ප්‍රමුඛත්වයක් හිමිවනු දැකිය හැකිය.

සෑම තැනැත්තෙකුම කුඩාකළ සිට පන්චෙන්ද්‍රියෙන් තොරතුරු එක් රැස් කර ගනී. එම තොරතුරු වලින් බොහොමයක් ඔහුගේ යටි සිතේ තැන්පත් වේ. අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ තීරණ ගැනීමේදී එලෙස තමා රැස් කල තොරතුරු පුද්ගලයා යොදා ගනී. ඉතා හොද තොරතුරු රැස් කරගෙන ඇති පුද්ගලයෙකු වඩා ගුණාත්මක තීරණ ගැනීම කරනු ලැබේ. ඇතම් චිත්තවේග නිසා අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය නිසි ලෙස ක්‍රියාත්මක නොවන අතර පුද්ගලයෙකුට තම චිත්තවේග පාලනය කරගැනීමට ඇති හැකියාව මෙම සන්නිවේදනයේ ගුණාත්මක බව ඉහල නංවයි.
එනිසාම අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ පහත ලක්ෂණ දැකිය හැක.


  1. පුද්ගලයා තුල සිදුවන ආත්ම භීෂණයක් වීම
  2. සන්නිවේදනය හා ග්‍රාහකයා එකම පුද්ගලයෙකු වේ.
  3. මනස ප්‍රමුඛ වේ
  4. පුද්ගල මතකයට සම්බන්ධ වේ.
  5. ස්වයං දෘෂ්ඨියට අදාළ වේ.


  • අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය උදහරණයක් ඇසුරින් පහත ලෙස විස්තර කළ හැක. අප රුපවාහිනිය නරඹන විට යම් වැඩසටහනකට අකමැත්තක් දක්වයි නම් එම නාලිකාව මාරු කිරීම හෝ රුපවාහිනිය වසා දැමීම කරයි. රුපවාහිනිය නැරඹීම ආරම්භ කල මොහොතේ සිට එය වසා දමන තුරු මනසේ සිදුවන ක්‍රියාකාරකම් අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයට අයත්ය. තවත් උදාහරණයක් නම් ගිනි අගුරක් පෑගුන විට කකුල ඉක්මනින් ඉවතට ගන්නේ අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය නිසාවෙනි.

Wednesday, July 10, 2019

ජනමාධ්‍ය යට කරනා අධිපතිවාදය
ජන මාධ්‍ය ලොව ආරම්භ වූ දා පටන්ම  සන්නිවේදන ගමන් මගේ විවිධ වූ ඓතිහාසික සන්ධිස්ථානයන් ගණනාවක් දැකගැනීමේ හැකියාව ඇත. මෙකී වූ ඓතිහාසික සන්ධිස්ථාන නිසාම සමාජය හා එවකට ජනමාධ්‍ය අතර වූ පැවැත්ම ද,සම්බන්ධතාවයද මනා ලෙස විග්‍රහ කළ හැකිය. ඒ අනුව ප්‍රධාන වශයෙන්ම පාලකයන් අතින්,ආගමික කණ්ඩායම් අතින්,වාණිජ කණ්ඩායම් මගින් මාධ්‍ය ආයතන වාරණය කරනු දැකිය හැකිය.

මෙකී වූ ක්‍රියාවලිය අධිපතිවාදය ලෙස සලකනු ලබන අතර මෙය ජනමාධ්‍ය ආරම්භයේ පටන් කවර රටක කවර පාලකයකගේ සමයක වුවද දැකිය හැකි ප්‍රබල සන්නිවේදන සංකල්පයකි.

සරලව අධිපතිවාදය විග්‍රහ කළ හොත් කිසියම් සමාජයක් තුළ රජය හෝ යම් බල කණ්ඩායමක් මගින් විෂාල පිරිසකගේ අදහස් වලට හෝ ඔවුන්ට තොරතුරු ලැබෙන්නට තිබෙන ඉඩ සීමා කිරීමයි.

කාර්මීකරණයත් සමග ජනයාගේ දියුණුව මෙන්ම ඔවුන්ට තොරතුරු ලබා ගැනීමටද වූ ඉඩ ප්‍රමාණය ඉතා පුළුල් ලෙස වර්ධනය වන්නට විය. නමුත් ඒ  සමගම තාක්ෂණික දියුණුව ඇති වූ මුල් කාලීන සමාජය තුල ධනපතියන් විසින් සුළුතරයට යම් යම් සීමාවන් ගෙන එනු දැකගත හැකි විය.

ඒ අනුව මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය විමත් සමග  සියල්ලට එක හා සමානව අදහස් ප්‍රකාශ කිරීමට මෙන්ම තොරතුරු දැන ගැනීමට හැකියාව ලැබේ යැයි  සිතුවද ඇමරිකාව,එංගලන්තය වැනි රටවල මුද්‍රණ යන්ත්‍ර හිමිකම පැවතියේ ධනපතියන් අත වීම නිසා  සාමාන්‍ය ජනතාවට මෙකී අයිතිය නොලැබී ගියේය.

මෙමගින් බොහෝ දුරට සිදුවනුයේ
  • ජනමාධ්‍ය ආයතන රජයට පවරා ගැනීම
  • ජනමාධ්‍යයන්ට සීල් තැබීම
  • මාධ්‍යකරුවන්ට දඩුවම් පැමිණවීම,මර්දනය කිරීම
  • මාධ්‍ය සන්දේශ  වාරණය හෝ දොරටුපාල ක්‍රියාවලියට නතු කිරීම යනාදිය දැකගත හැකිය. 

වාරණය හෙවත් ‘Censor’ යන වචනය බිහිවන්නේ ක්‍රි.පූ 443 දී රෝමයේ ස්ථාපිත කළ ආයතනයක 'සෙන්සොරස්' (Censores) නමින් හැඳින්වීමෙන්. බදු අය කිරීමේ සිට ජනතාවගේ සදාචාරය දක්වා පරිපාලන කටයුතු රැසක් එදා ඊට ඇතුළත් විය.

කෙසේ හෝ ක‍්‍රි.ව 300 වන විට චීනය ප‍්‍රථම අදහස් වාරණ නීතිය නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මෙසේ එදා මෙදා තුර රාජ්‍ය විසින් ආයතනික වශයෙන් ක‍්‍රියාත්මක වී අදහස් වාරණය කිරීම විවිධ අයුරින් විවිධ රටවල ක‍්‍රියාත්මක වී ඇත.

ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලන සමය තුල මෙය ප්‍රධාන වශයෙන්ම දැකගත හැක.ඔහු යටතේ සේවය කළ ගොබෙල්ස් ඉදිරිපත් කළ ගොබෙල්ස් න්‍යාය තුල සිදු වූයේද මෙකී කාරණාවමය.හිට්ලර් විසින් බ්‍රෙශ්ට්ගේ නාට්‍ය සියල්ල තහනම් කොට මරණ ලයිස්තුවට ද නම ඇතුලත් කිරීමද එහි තවත් පැතිකඩක්.

රුමේනියාව දෙස බැලූ කළ චව්සෙස්කිගේ පාලන සමය තුලද  ප්‍රබලව දැකිය හැකි තත්වයක් බවට මෙය පත්ව ඇත. ඔහු රූපවාහිනී විකාශය පැය 2 ට සීමා කළේය. එපමණක් නොව තමා පිලිබඳව තොරතුරු ප්‍රචාරය කිරීමට අවැසි නිසාම සියලුම පත්තර වල මුල් පිටුව තුළ ඔහුගේත් බිරිඳගේත් ඡායාරූප පල කිරීම අනිවාර්ය කළේය.ඉඩි අමින්ගේ පාලන සමය තුලද මෙවැනිම වූ තත්වයක් දැකගත හැකිය.

මෙකී තත්වයන් සමගම 20වන සියවසේ 30 දශකයේ පමණ සිට ලොව පුරා මෙකී වූ සන්නිවේදන තත්වයන් වර්ධනය වනු දැකගත හැකිය. 
මෙම අධිපතිවාදය රාජ්‍ය මුල් කර ගනිමින් මෙන්ම වාණිජ පරමාර්ථ,ආගමික පරමාර්ථ හේතුවෙන්ද සිදුවනු දැකිය හැකිය. සලමන් නස්රින් හා තස්ලීමා නස්රින් මුස්ලිම් ආගම විවේචනය කර ග්‍රන්ථ රචනා කිරීම හේතුවෙන්  මුස්ලිම් අන්තවාදීන් ලෙස කටයුතු කරනවා යැයි චෝදනා කරමින් ඔවුන්ට මරණ දණ්ඩනය පැනවීමද මේ අතර දැක්විය හැකිය. 
මෙකී කාරණාව ලංකාව ආශ්‍රිතව බැලූ කළ

  1.  මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බවතරණයට බුද්ධාගම විරුද්ධ වීම  තුලද, 
  2. මංජුල වෙඩිවර්ධන ලියූ 'මේරි නම් මරියා' කෘතියෙන් කිතු දහම ගළවාගන්නට නිල කතෝලික පල්ලිය දැරූ උත්සාහය තුලද,
  3.  ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ 'පුරහඳ කළුවරෙන්' හමුදාවේ 'මොරාල්' එක බේරාගන්නට සරත් අමුණුගම කටයුතු කල ආකාරයද 
  4. අශෝක හඳගමගේ 'අක්ෂරය' චිත්‍රපටයෙන් ළමා සංහතිය බේරාගන්නට ලේඛක සේන තෝරදෙණිය හා චිත්‍රපට සංස්ථාව භාර අශෝක සේරසිංහ දැක්වූ උනන්දුවද
  5. විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ එනු පිණිස' චිත්‍රපටයෙන් සිංහල ජාතියේ කීර්ති නාමය බේරාගන්නට සිවිල් ආරක්ෂක බලකාය භාර සරත් වීරසේකරදැක්වු කැප කිරීමත්
 වික්‍රමාන්විත අධිිපතිවාදයේ මැදිහත්වීම් ලෙස දක්වනු හැකිය.

 එපමණක් නොව බණ්ඩාරනායක අවධිය තුල ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීම, ජේ. ආර් ගේ පාලන සමය තුළ ලංකාදීප පුවත්පත රජයට පවරා ගැනීමට මාධ්‍ය වාරණය හා අධිපතිවාදය මොනවට පිලිබිඹු වන සාධක වේ.

ප්‍රේමදාස යුගයේ වික්‍රමය ගැන කතා කරන්නට අවැසිමය. 29 අවුරුද්දකට කලින් කොළඹ එල්ෆින්ස්ටන් ශාලාවේ ප්‍රදර්ශනයට සූදානම් කළ බර්ග්මාන් සිනමා උළෙලට ඇතුළත්ව තිබූ 'ෆැනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර්' සිනමාපටයේ ලිංගික දර්ශන කපා දමන්නට, 'සිංහල බෞද්ධයා' පත්‍රයේ කර්තෘ ධූරයත් - රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ධූරයත් දැරූ නීතීඥ ආර්. පල්ලේවෙලට ඕනෑ විය. උළෙල සංවිධායක තිස්ස අබේසේකර ඒ වාරණයට යටත් නොවී, ඒ චිත්‍රපටය අතහැර සෙසු චිත්‍රපට කොළඹ දී ප්‍රදර්ශණය කළේය. ඉක්බිති, පල්ලේවෙලගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගත්  'දිවයින' පත්‍රය, 'සිනමා පට වාරණය කිරීමට තරම් සිනමාව ගැන ඔබට ඇති දැනුම කුමක්දැ'යි ඔහුගෙන් විමසා තිබිණ. එහෙම දැනුමක් තිබුණේ නම් මේ රස්සාව කරන්නට හම්බවෙන්නේ නැතැයි පල්ලේවෙල කීවේය.එපමණක් නොව ප්‍රේමදාසගේ පාලන සමය තුල  මාධ්‍යකරුවන් ඝාතනය කිරීම,චන්ද්‍රිකාගේ පාලන සමය තුල රූකාන්ත චන්ද්රලේඛාගේ හිස මුඩු කිරීම ආදිය අධිපතිවාදය ප්‍රබල සන්ධිස්ථාන ලෙස දැක්විය හැකිය.

21 වන සියවසේ ශ්‍රී ලංකාවේ පාලනය රැගෙන ගිය මහින්ද රාජපක්ෂද අධිපතිවාදය  රැගෙන ගිය බව නම් හිස මුදුනින් පිලිගත යුතු කාරණාවකි. ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය,ලසන්ත වික්‍රමතුංග වැනි උතුම් ජනමාධ්‍ය වේදීන් ලංකාවට අහිමිවීම මෙකී ඒකාධිපති පාලකයාගේම කටයුත්තකි. ඉන් ඔබ්බට සුදු වෑන් සංස්කෘතිය ලංකාව තුළ එකී වසර ගණනාව තුලම දැකගත හැකි විය. එපමණක් නොව 2015 ජනාධිපතිවරණයට තරග කල එක්සත් ජාතික පෙරමුණේ මෛත්‍රිපාල සිරිසේනයන් තම ඡන්ද ව්‍යාපාරය සදහා "අපි ජනමාධ්‍ය නිදහස උපරිමයෙන්ම දෙනවා,සැමට තොරතුරු දැනගැනීමේ අයිතිය දෙනවා" යනුවෙන් භාවිතා කිරීම තුලම එවකට පැවති පාලනයේ අධිපතිවාදය පැහැදිලිය. ජාතික රූපවාහිනිය,ස්වාධීන රූපවාහිනිය ඇතුලු රාජ්‍ය ජනමාධ්‍යයන් නැරඹූ ඕනෑම අයකුට මෙම අධිපතිවාදය දැකිය හැකිය. මෙම කාල වකවානුවේ සිරස මාධ්‍ය  ආයතනය ගිනි ගැනීම පිටුපස වූ කතාන්දරය ද තවත් අතකින් ඇස් ඇරිය යුතු පැතිකඩක්.

ඉන් ඔබ්බට ගත් කල 2015 බලයට පත් වූ ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ පනතක් පිහිටුවද එයද වාච්‍යාර්ථයෙන් ඔබ්බට නොගියේය.

  1. කේ. කේ. ශ්‍රීනාත් චතුරංගගේ 'බුදුන්ගේ රස්තියාදුව' කෘතියත්, 
  2. අසංක සායක්කාරගේ 'මං කෙළින් මිනිහෙක්' වේදිකා නාට්‍යයත්, 
  3. මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය මාලාවකුත් වාරණය තුල අධිපතිවාදයේ  හිනිපෙත්තටම මෙම කාලවකවානුව ගමන් කර ඇති බව පැහැදිලිය.


මාධ්‍ය නිදහස දෙන ආණ්ඩුව පසුගිය සතියේ රජයට විරුද්ධව කූරගල අරගලය දියත් කිරීම නිසා ලක්ෂ 11ක් සිටි ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් පිටුව ඉවත් කළේය. ජනමාධ්‍යයට පමණක් නොව  අවසානයේ මෙම රජය නව මාධ්‍යද වාරණය කළහ. ඍජු  වාරණ රැගෙන ඒම ප්‍රතික්ෂේප කරන මෙම ආණ්ඩුව  වක්‍රාකාරව බොරදියේ මාලු බානු දැකිය හැකිය.එපමණක් නොව පාස්කු ඉරුදින ප්‍රහාරය සමග රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය  ආයතනයන්ට නිකුත් කල
නිවේදන තුල  මාධ්‍ය ආයතනයන්ට එකී දින තුල පිලිවෙත් පුරන්නට විය. එතැන් පටන් ජනයා සමාජ මාධ්‍යයට යොමු වූ තැන විටින් විට සමාජ මාධ්‍ය තහනම් කරමින් රජය ආගමික මෙන්ම දේශපාලන මුහුණුවරකින්ද තොරතුරු දැනගැනීමේ නිදහස සීමා කළේය.


ලංකාවෙන් ඔබ්බට ගොස්  ලෝකය දෙස බැලූ කළ ගඩාෆි ඇතුල් මැදපෙරදිග නායකයින්  ජනයා යටපත් කල ආකාරය, උතුරු කොරියාවේ කිම් ජෝන් ලෝකයෙන් වෙන් වූ රටක් ලෙස රට පාලනය කරමින් නිදහස සීමා කිරීම දැක්විය  හැකිය. 

ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් වල විවිධ වූ පදනම් වලින් මාධ්‍ය සන්දේශ අධිපතිවාදී යටවනු දැකගත හැකිය. මෙකී තත්වය 70 දශකයේ පටන් ශ්‍රී ලංකාව තුලද දැකගත හැකි අතර අදටත් මෙය ලෝකයේ බොහෝ රටවල් වලට වලංගු වූ සන්නිවේදන සංකල්පයක් ලෙස දක්වන්නට හැකිය.

Sunday, July 7, 2019

ප්‍රාග් සන්නිවේදනයෙන් ඔබ්බට






නිර්වාචික සන්නිවේදනයේ ප‍්‍රබලත්වය

සන්නිවේදනය නම් වූ ක‍්‍රියාවලියේදී සංදේශයක් ග‍්‍රාහකගත කිරීම සදහා ප‍්‍රධාන ආකාර 2ක් භාවිත කරනු ලබයි. 
  • වාචික
  • නිර්වාචික
වාචික සන්නිවේදනය තුළදී සිදුවන්නේ  වචන මගින් සංදේශයක් ග‍්‍රාහකගත කිරීමයි. කෙසේ වෙතත් වර්තමානයේ මිනිසා බහුලවම යෙදෙන්නේ වාචික සන්නිවේදනයේයි. සරල බවේ සිට බොහෝ සංකීර්ණ ගැටලූ විසදීම සදහා ද වූ එකම සන්නිවේදන ක‍්‍රියාවලිය නම් වාචික සන්නිවේදනයයි. එසේම නිර්වාචික සන්නිවේදනය දෙස අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වන්නේ වචන භාවිතයෙන් තොරව සංදේශ ලබාදීම නිර්වාචික සන්නිවේදනය බවයි. 
වර්තමාන  මිනිසා ඉතා දියුණු තාක්ෂණික ලෝකයක ජීවත් වේ. නමුත් මානවයා ආරම්භයේ පටන් භාවිත කළේ නිර්වාචික සන්නිවේදනය සේම අදටත් මානවයා බොහෝ අවස්ථාවන් වලදී යොදාගනු ලබන්නේ නිර්වාචික සන්නිවේදනයයි.මෙකී වූ නිර්වාචික සන්නිවේදනය පිළිබඳව විවිධ විද්වතුන් විවිධ අදහස් ඉදිරිපත් කර ඇත.

‘‘කථික, ලිඛිත, වචන භාවිකයෙන් යුක්ත වූ සන්නිවේදනය විචික ලෙසත් යම් යම් බාහිර ක‍්‍රියාකාරකම්, අභිනයන්, මුහුණින් අදහස් ප‍්‍රකාශ කිරීමේ හා පින්තූර ම`ගින්  කෙරෙන සන්නිවේදනය නිර්වාචික සන්නිවේදනය ලෙසත්  හැදින්විය හැකිය.’’ 
ආර් කැන්ෆීල්ඞ් හා එච් ෆෙසර් මුවර්
‘‘නිර්වාචික සන්නිවේදනය යනු යම් කිසි සන්නිවේදනයක් ඉදිරිපත් කිරීමේ  ශරීර මාධ්‍ය කේන්ද්‍ර කරගත් භාෂාවකි. ’’ 
ජේම්ස් වොට්සන් හා ඈන් හීල්
‘‘නිර්වාචික සන්නිවේදනය සංකේතමය හා සංඥා භාෂාවකට සම්බන්ධ වේ. ’’  
මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර
‘‘දෙදෙනෙකු අතර සිදුවන සන්නිවේදනයකදී වාචික සන්නිවේදනය35% ක්ද, නිර්වාචික සන්නිවේදනය 65%ක්ද සිදුවේ. ’’ 
ඇල්බට් මෙහෙරායබින්
නිර්වාචික සන්නිවේදනය සෑම සන්නිවේදන කාර්යයකදීම පුලූල් වූ මෙහෙයක් ඉටු කරනු ලැබේ. නමුත් මෙහිදී වැදගත් වන කරුණ නම් මානව සන්නිවේදනය තුළ පමණක් නොව සත්ත්ව සන්නිවේදනය තුළ පවා ඉතා පුලූල්  ලෙස මෙය දැකිය හැකි වීමයි. සන්නිවේදනය වු කලී මිනිසාට පමණක් සීමා වූවක් නොවන නිසාම ඔවුන්ද වචන භාවිත නොකළද  අවාචික ක‍්‍රම ඔස්සේ සිය සන්නිවේදන කාර්යය ඉටු කර ගනී. ඒනිසාම මෙවැනි වූ කාරණා කිහිපයක් හේතුවෙන්  ලොව සුවිශේෂි වූ සන්නිවේදන ත‍්‍රියාමාර්ග අතර ප‍්‍රමුඛස්ථානය නිර්වාචික සන්නිවේදනයට හිමි වේ.
නිර්වාචික සන්නිවේදනය දෙස බැලූ කළ මානවයා සිය  පැවැත්ම ආරම්භයේදීම සිය අවශ්‍යතා සපුරා ගැනීම සහා මෙය යොදාගත් බව පැහැදිලි වේ. මුල් කාලීන මානවයා තමා වනයට ගොස් දඩයම් කළ ආකාරය, විදින්නට වූ දුක් ගැහැට ආදිය රග දක්වා තම සමූහයාට නිරූපණය කර ඇත. එසේම පූර්ව පෑලිලියෝතික යුගයේදී 2500 සිට 30000 දක්වා කාලය තුළ ගුහා බිත්ති මත ඔවුහු සිය අවශ්‍යයතා හා අත්දැකීම් චිත‍්‍රණය කළහ.

  • ස්පාඤ්ඤයේ ලැස්කෝ
  • ප‍්‍රංශයේ ඇල්ටමීරා 
  • ලංකාවේ කිතුල් ලෙන, බෙලි ලෙන, තන්තිරිමලේ්
එපමණක් නොව අතීතයේ පටන් ගැමි ජනතාව තුළද නිර්වාචික සන්නිවේදනය ප‍්‍රබලව භාවි වී ඇත. ඔවුන්ගේ අභිචාර විධි තුළ මෙය ප‍්‍රබලව දැකිය හැකිය.

  •  දුර ගමනක් යාමට ප‍්‍රථම කොළ  අත්තක් කඩා එල්ලා යාම
  • හූව
  • අණබෙරය
  • ගිනිමැල ගැසීම 
  • දුම යැවීම
  • විවිධ වර්ණ වල මල් ගෙඩි ඇමිණූ හී ඈතට විදීම
  • නිවසක රොගියකු සිටින විට කොළ එල්ලීම 
  • ඝණඨාරය
  • නිවසක කඩුල්ල තබා ඇති ආකාරය
  • බෙර වාදන 
යනාදිය දැකිය හැකිය. කෙසේ වෙතත් මෙකී වූ නිර්වාචික සන්නිවේදනය ප‍්‍රධාන වශයෙන් වර්ග 2ට බෙදා දැක්විය හැකිය.

  1. පුද්ගල ආශ‍්‍රිතව අභ්‍යන්තරික වශයෙන් දක්නට ලැබෙන නිර්වාචික සන්නිවේදනය ක‍්‍රම
  2. පරිසරය ආශ‍්‍රිතව බාහිර වශයෙන් දක්නට ලැබෙන නිර්වාචික සන්නිවේදනය 

මයිකල් ග‍්‍රීන් නැමැත්තා කරුණ20ක් මගින්  පුද්ගල අභ්‍යන්තරයේ සිදුවන නිර්වාචික සන්නිවේදනය දක්වා ඇත.

  1. හිස සැලීම 
  2. ඇස් සැලීම 
  3. නැඹුරුතාව
  4. ශරීර ස්පර්ශය
එසේම ඇලන් පීස්ගේ සමීපතා රීතිය  මගින්ද  සම්බන්ධතාවක් පවත්වා ගැනීම පිලිබ මනා වූ අවබෝධයක් ගත හැකිය. ඇමරිකානු මානව විද්‍යාඥ පෝල් එට්මන් දක්වන පරිදි, 
  • ලාංඡන 
  • සන්නිදර්ශන
  • නියාමන
  • අනුවර්තන
  • හැගීම් ප‍්‍රකාශනය 
තුළද නිර්වාචික සන්නිවේදනය දැකිය හැකිය.

එපමණත් නොව ජෙරී රොඞ්ස් හා සුසේන් විසින් රචිත  කෘතිය තුළ වර්ණ පිළිබව විග‍්‍රහ කර ඇත.
  1. රතු - හැගීම්
  2. ලා නිල්- වටිනාකම

එසේම මාර්ග සංඥා, හස්ත සංඥා, නවමාධ්‍ය තුළ භාවිත වන emoji ආදිය තුළද නිර්වාචික සන්නිවේදනය ප‍්‍රබලව දැකිය හැකිය. 
කෙසේ වෙතත් වාචික සන්නිවේදනය තුළදී
  1. අවශ්‍ය පරිදි සන්නිවේදකයාට පණිවිඩය  නවතා ලිය හැකිය.
  2. බස හැසිරවීමේ නීති රීති මාලාවක් දැකිය හැකිය.
  3. සන්නිවේදකයාගේ සක‍්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය වේ.

ඒ අනුව පැහැදිලි වන කරුණක් නම් නිර්වාචික සන්නිවේදනයට මෙවැනි
 කිසිදු බාධාවකින් තොරව සන්නිවේදනය කිරීමේ හැකියාව පවතින නිසාම ප‍්‍රබල සන්නිවේදන රටවක් ලෙස දැක්විය හැකි 

Wednesday, July 3, 2019

අපේ ජනශ්‍රැතිය



වැස්ස ළග බව කියන සතුන්ගේ  සන්නිවේදනය




මානවයා පමණක් නොව සත්වයාද නොයෙකුත් ආකාරයෙන් තම හැගීම් අදහස් ප්‍රකාශ කළහ. ඇතැම් වෙලාවට එය හඩ,ශරීර වර්ණය වෙනස් කිරීම හෝ චර්යාවන් මගින් විය හැකිය. මේ තුලින් තම වර්ගයාට පමණක් නොව මිනිසා පවා නොයෙකුත් දේ අවබොධ කරගත්හ. මේ කියවෙන්නේ එලෙස සතුන් තම චර්යාවන් මගින් මිනිසාට සන්නිවේදනය කරන අවස්ථා පිලිබඳව ජනශ්‍රැතිය ඇසුරින් කෙරෙන විග්‍රහයකි.

අපේ පැරැන්නන් ගොවිතැන් කටයුතු සිදු කළේ ස්වභාවික පරිසරය සමග යහපත් ලෙස මිතුරා සම්බන්ධතා පවත්වාගනිමිනි. හේන් සහ කුඹුරු ගොවිතැන සදහා අනිවාර්ය සුදුසුකමක් වූයේ කාලගුණික තොරතුරු දැන සිටීමයි. පරිසරයෙන් මෙන්ම මිනිසාට ඒ සදහා සත්වයාගෙන්ද සිදුවූයේ අමිල මෙහෙයකි.එනිසාම වර්ෂාව ලැබෙන දින පිලිබඳ ඉගි සැපයීම පිලිබඳව සත්වයන් වෙසෙස් තැනක් හිමිකර ගනිති.  එනිසාම සත්වයන් හා සම්බන්ධ මෙම කියමන්ද පැරැන්නෝ අතර ජනප්‍රියය.
වර්ෂාවක්‌ ඇතිවීමට පෙර පූසෝ මුහුණ සෝදති. 
කුකුළා රාත්‍රියේ හැඬලුවොත් උදේට වර්ෂාව ස්‌ථිරය.
කුරුල්ලන් දුරකථන කම්බියක්‌ මත සිටීමෙන් හඟවන්නේ වර්ෂාවක්‌ පැමිණෙන බවය.
ගෙම්බන් සමූහයක්‌ දක්‌නට ලැබුණෙත් වර්ෂාවක්‌ ඇති වීම ස්‌ථිරය.
මී මැස්‌සන් සහ සමනළුන්ද ඉක්‌මනින්ම පිටත්ව අතුරුදන් වන්නේ නම් එයින්ද හඟවන්නේ කුණාටුවක්‌ හෝ වැස්‌සක්‌ ළඟ බවය.
මී මැස්‌සන් වදයෙන් පිටත්ව යාම ප්‍රතික්‍ෂ්ප කරන්නේ වැස්‌ස ඉතා ළඟ බවට ඉඟි කරමිනි.
අශ්වයන් ඉස්‌තාලයේ සිටියදීම දහඩිය හෙළන්නේ නම් වර්ෂාව ස්‌ථිරය.
ගැඩවිල්ලු වර්ෂාවට පෙර ඔවුන්ගේ ගුල්වලින් එළියට එති.
අශ්වයන් සහ හරකුන් ඔවුන් බෙල්ල දිගු කරමින් හුස්‌ම ඉහළට අල්ලන්නේ නම් වර්ෂාව ස්‌ථිරය
මොනරා ශබ්ද නගා කෑ මොර ගසන්නේ නම් වර්ෂාව සහ කුණාටුවක්‌ වැනි ආපදාවක්‌ ස්‌ථිරය.
මේ සත්වයන්ගේ චර්යාවන් ප්‍රධාන වශයෙන් වැස්ස පිලිබඳව ඉගි පල කරන ආකාරය පිළිබඳ සරල විග්‍රහයකි.

බල්ලා
මිනිසාට ඉතා සමීප සත්වයා නම් බල්ලාතයි. මෙම සත්වයා හැමවිටම නිදාගන්නේ ලග ලග එන අනතුරක් හෝ ඉඟියක් පිලිබඳව  අවබෝධයෙනි. කෙසේ වෙතත් නිරන්තරයෙන් බල්ලා වර්ෂාව ලැබෙන දිශාවට හැරී නිදාගන්නා බව බොහෝ දෙනාගේ මතයයි.
එපමණක් නොව  නුදුරේදී වර්ෂාවක් ඇති වනවා නම් මෙම සත්වයා ඉදිරි ගාත් යුගල කතිර හැඩයට තබා ගනිමින් නිදාගන්නා බව විශ්වාස කෙරේ.

බළලා
බළලාද මිනිසාට ඉතාමත් සමීප සත්වයකු වන නිසාම බළලා තම දිවෙන් තම ශරීරය ලෙව කමින් පිරිසිදු කිරීම මිනිසාට නම් ඉතා හුරු පුරුදුයි. නමුත් සත්ව පර්යේෂකයන්ට අනුව නම් පූසකුගේ මෙම ක්‍රියාව වූ කලී තම සිරුරේ උෂ්ණත්වය අඩු කිරීම සදහා සිදු කරනු ලබන්නකි.
එසේම පැරැන්නන්ගේ විශ්වාසය නම් වායුගෝලීය තෙතමනය වැඩි වන විට බළලාට රස්නයක් වැඩිපුර දැනෙන බවත් උගේ එම පුරුද්ද වැස්ස ලග එන බවට ඉඟියක් බවයි.

වේයා
මෙම සත්වයා කඩිමුඩියේ තම නිවස වූ තුඹස බදින්නේ ලග ලග වැසි වැටෙන නිසා වන අතර තුඹස වඩාත් ඉහළට එසවෙන්නේ විශාල වැස්සක පෙර නිමිත්තක් බව පැරැන්නන් අත්දැකීමෙන් දැන වුන්හ.


කුහුඹුවා
ඉතා යහපත් එකමුතුකමක් පෙන්වන සත්වයන් අතර කුහුඹුවන් ප්‍රමුඛස්ථානයක් ගනී.  කුහුඹු ගුලක් වටා ඇති වැටිය වඩාත් පුලුල් නම් එහි අදහස ගුලේ විශාලත්වය වැඩි බවයි.මෙලෙස  විශාලත්වය පුළුල් කිරීමට හේතුව ඔවුන්ගේ ආහාර ගබඩා විශාල කර ගැනීමයි. මෙයද වැස්සක පෙර නිමිත්තක්.එසේම වැටිය වූ කලී  වැසි ජලය ගුල තුලට ඇතුල්වීම වැලැක්වීමට කුහුඹුවන් භාවිත කරන උපක්‍රමයකි.සමහරක් පැරැන්නෝ  කුහුඹු ගුලක වැටිය ඇති දිශාවෙන් වැස්ස ලැබෙන දිශාව පවා තීරණය කළෝය.

කක්කුට්ටා
මෙම සත්වයාගේ ජීවිතය රදා පවතින්නේ වැසි ජලය මතයි.නියරවල් තුල ගුලි හාරා ජීවත් වන කක්කුට්ටා ගුහාව හාරන ගැඹුර වැඩි කරන්නේ  වැස්සක් ගැන හෝඩුවාවක් නොමැති නිසාවෙනි. කක්කුට්ටා ගුලෙහි  මුඛයට ආසන්නයේ ම  පදිංචි වී සිටී නම් ඉන් ඇඟවෙන්නේ ලග ම වැසි වැටෙන බවයි. එපමණක් නොව ඉංග්‍රීසි U හැඩයට කක්කුට්ටා සාදන ගුහාවේ ගැඹුර වැසි ලැබෙන දින වකවානු නියමව පවසන ඉඟියක් බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. 

උකුස්සා
වැස්සට ඉතාම සංවේදී පක්ෂියෙක් ලෙස උකුස්සා දැක්වේ. උකුස්සා ශබ්ද නගමින් ඉහළ අහසේ පියාසර කරයි නම් ඉන් ඇඟවෙන්නේ වැසි ඇරඹීමට ලග බවයි.එසේම පොළොව ආසන්නයේම  ගොදුරු සොයන්නේ නම් එයද වැසි වැටීමේ පෙර නිමිත්තක් බව පැරැන්නන්ගේ මතයයි.

Wednesday, June 26, 2019

ජාත්‍යන්තර අධ්‍යනය


ජාත්‍යන්තර සබඳතා හැඳින්වීමක්...

ජාත්‍යන්තර සබඳතා විෂය වූ කලී අධ්‍යයන හා ප්‍රායෝගික ලෝකයේ වඩාක් සංකීර්ණ වූ විෂය ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වා දිය හැකිය. විසිවන සියවසේ සිදුවන්නා වූ පළමු හා දෙවන ලෝක යුද්ධයන්ගෙන් අනතුරුව මෙම සබඳතා සංකීර්ණ වන්නට විය. අනෙක් අතට ජාත්‍යන්තර සබඳතා යන්නට විද්වතුන් අතර විවිධ අදහස් හා අර්ථ දැක්වීම්, මතවාද පැවතීමද මෙම සංකීර්ණත්වයට හේතුවන්නට ඇත.

නිදසුනක් ලෙස විද්වතුන්ට “ජාත්‍යන්තරය“ යනු කුමක්ද යන පැනය සඳහා තවමත් එකඟතාවයකට පැමිණිය නොහැක. “සබඳතා“ යන්නද එසේමය. සමහරෙක්ට අනුව එය රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගික  සබඳතා වේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර සබඳතා යන්නට සරල අර්ථයෙන් ගත් කළ “ජාතීන් අතර පවත්වාගෙන යන්නා වූ සියලුම ආකාරයේ සබඳතා“ යනුවෙන් දැක්විය හැකිය. සාම්ප්‍රදායික විචාරකයන්ට අනුව “ජාත්‍යන්තර පද්ධතියේ ක්‍රියාත්මක වන රාජ්‍යයන් අතර පවතින සබඳතා ජාත්‍යන්තර සබඳතා“ ලෙසත්,  නූතන විචාරකයන්ට අනුව ජාත්‍යන්තර සබඳතා යනුවෙන් “ජාතික රාජ්‍යයන්ගේ දෙශසීමාවන්ගෙන් ඔබ්බෙහි සිදුවන්නා වූ ආර්ථික, සමාජයීය, දේශපාලනික, සංස්කෘතික හා තාක්ෂණීක සබඳතාවයන්“ දැක්විය හැකිය.

රාජ්‍ය බිහිවූදා පටන්ම ජාත්‍යන්තර පද්ධතිය තුළ සබදතා ගොඩනැගුණ ආකාරයක් දැක ගත හැකිය. එදා පටන් විවිධාකාරයෙන් වෙනස් වෙමින් 18, 19 වන සියවස්වල පටන් 20වන සියවස වනවිට ජාත්‍යන්තර සබඳතා විෂයක් වශයෙන් සීඝ්‍රයෙන් වර්ධනය වන්නට විය.  ජාත්‍යන්තර ලෝකය අන්‍යෝන්‍ය රඳා පැවැත්මක් මත පවතින නිසාම කිසිඳු රාජ්‍යයකට හුදකලා ප්‍රතිපත්තියක් අනුගමනය කළ  නොහැකිය

ඒ අනුව මෙම ජාත්‍යන්තර සබඳතා ක්‍රියාවලිය විෂය ශික්ෂණයක් ලෙස ගතහොත් එය සමාජීය විද්‍යාවන්ට අයත් නව ශික්ෂණයකි. ලෝකය තේරුම් ගැනීමට හැකි වන ශාස්ත්‍රීය විෂය ජාත්‍යන්තර සබඳතා වේ. මේ වන විට මෙය ස්වාධීන වූ ක්ෂේත්‍රයක් වන අතර මෙහි වර්ධනය අදියර ගණනාවක් ඔස්සේ සිදු විය. කෙසේ වෙතත් ඇතැමුන් ජාත්‍යන්තර සබඳතා යන්නට “ජාත්‍යන්තර දේශපාලනය, ජාත්‍යන්තර කටයුතු, ලෝක දේශපාලනය“ යනුවෙන් යොදා ගත්තද ඒවා ජාත්‍යන්තර සබඳතා ශික්ෂණයේ අනු කොටස් බව වටහා ගත යුතුය.

කාමදූතයන්ගෙන් පලිගත් රූමතිය ගමේ දුප්පත් පවුලක ගැහැනු දරුවකු වූ වින්ද්‍යා ලක්ෂාණි ගේ දෙමව්පියන් දෙදෙනා මිය යන්නේ ඇයි කුඩා කලදීමය. මා ප...